chapter 32

130 32 16
                                    

You don't need to tell me, I'm already lost in you
Love is just a feeling, I know it too..

~~~~~~~~~~

වෙනදට වෙලාවට ඇහැරෙන එලාම් එකට අද පරක්කු වෙලා ඇහැරෙද්දි තේහ්‍යුන්ග් ටිකක් කලබල වුණා. ඒත් එයාට ටිකකින් මතක් වුණා එයාලා ඒ වෙද්දි හිටියෙ දකුණු කොරියාවෙ කියන්න.. ටයිම් සෝන් එක වෙනස් වෙන එක මොන තරම් පුරුදු වුණත් තවමත් එකපාරටම කන්ෆියුස් වෙන එක තේහ්‍යුන්ග්ට මග ඇරගන්න පුලුවන් වුනේ නෑ..

සෝල් වල කලබලකාරී සුළග දැනටමත් හමන්න පටන් අරගෙන තිබුණා. ඇතැන්ස් වල වගේ නෙවෙයි, සෝල් වල මිනිස්සු ගොඩක් වෙනස් වුණා. එයාලා කවමදාවත් පවුල සහ හැගීම් ඉස්සර කරගෙන ජීවිත් වුණේ නෑ.. ආර්'ථිකය සහ මුදල් පස්සෙ එයාලා පැය විසි හතරම වුණත් වෙහෙස වෙන්න සූදානමින් හිටියා. ඒ වුණත් ග්‍රීසියේ මිනිස්සු එහෙම වුණේ නෑ. කාර්'යාලීය වෙලාවෙදි වුණත් නිවාඩු අරගෙන නගරයේ නිදහස් තැන් වල සතුට විඳින්න එයාලා පසුබට වුනේ නෑ..

තේහ්‍යුන්ග් ග්‍රීසියේ ඉපදුණත් දකුනු කොරියාවෙ ගොඩක් කාලයක් ජීවත් වෙලා තිබුණ නිසා එයාට ග්‍රීස් වල ජීවිතේට හැඩ ගැහෙන්න ටිකක් අමාරු වුණා. ඒ නිසයි එයාගෙ ස්කෙඩියුල් එක හැම වෙලේම බිසී වෙලා තිබුණෙ.. ඒත් අනෝලා එහෙම වුණේ නෑ.. ඒ වුණත් තේහ්‍යුන්ග් මේ වෙද්දිත් අනෝලව වෙනස් කරලා තිබුණා.

තේහ්‍යුන්ග් බෙඩ් එකේ එහා පැත්තෙ හිටපු අනෝලා දිහා බැලුවා. ගොඩක් සද්දෙට එලාම් එක වැදුනත් අනෝලා තවත් නිදාගෙන හිටියා. අනෝලා කොහොමත් හෙවි ස්ලීපර් කෙනෙක් වුණා. කොටට කපලා තිබුණ අනෝලගෙ කොණ්ඩෙ මූන හැමතැනම විසිරිලා ගිහින් තිබුණා.

තේහ්‍යුන් ඒ කොන්ඩෙ අතරින් තමන්ගෙ හීනි දිද්ග ඇගිලි යැව්වා. අනෝලා නින්දෙන්ම වුණත් හුස්මක් පිට කලේ ඒ පහස ගොඩක් සැපදායක වුණ නිසා වෙන්න ඇති කියලා තේහ්‍යුන්ග්ට හිතුණා.

එයාලා දැන් ස්ලීප් ටුගෙදර් කරන්න අරගෙන මාසෙකටත් වඩා ගත වෙලා ගිහින් තිබුණා. ඒත් තේහ්‍යුන්ග්ට ලිප් කිස් එකකට වඩා එහාට යන්න බැරි වුණ එක පුදුමයට කාරනයක් වුණා. ඒත් තමන්ට එහෙම වෙන්න හේතුව තේහ්‍යුන්ග් දැනගෙන හිටියා.. ඒ වුණත් තේහ්‍යුන්ග් ජීවිතේ පළවෙනි වතාවට ඒ දේ ගැන පසු තැවුනා. එයාට ගොඩක් උවමනා වෙලා අනෝලව තමන්ගෙ කර ගන්න.. ඒත් එයාට ඒකට ශක්තියක් තිබුනෙ නැති බව පේන්න තිබුණා.

anola ✔️Where stories live. Discover now