chapter 26

200 57 79
                                    

What makes a grown man wanna cry?
What makes him wanna take his life?

~~~~~~~~~~


Comment goal is upto 60 ha 😌

හැමදෙයක්ම සැලකිය යුතු මට්ටමින් සාමකාමී මට්ටමකට හැරිලා තිබුනා.. එමිලි ආයෙමත් කොලේජ් එකට ගිහින් තිබුනා. අනෝලා තේහ්‍යුන්ගෙ අපාට්මන්ට් එකට ඇවිත් තිබුනා.. තේහ්‍යුන්ගෙ බ'ත් ඩේ එක මේ පාර විතරක් සමරන්න වුනේ තේහ්‍යුන් ලග හිටපු අයට ඇරෙන්න අනිත් අයට විතරයි..

අනෝලා නිසා තේහ්‍යුන්ගෙ හැමදේම වෙනස් වෙලා තිබුනා.. ඒ වුනත් අනෝලගේ තේරීමත් තේහ්‍යුන්ගෙනෙ..?

තේහ්‍යුන්ගෙ අකමැතිම පානය බ්ලැක් කොෆී වුණත් අනෝලගෙ කැමතිම පානය බ්ලැක් කොෆී වුනා.. තේහ්‍යුන් ඉස්ලගෙන් ඉගෙන ගත්තා බැල්ක් කොෆි එක රසට හදා ගන්න.. ඉස්ලට පුදුම වෙන්න ඕනි වුනා තේහ්‍යුන්ගෙ මේ වෙනස්වීම ගැන.. ඒ වුනත් ඉස්ලා තේරුම් ගත්තා අනෝලා නිසා තේහ්‍යුන්ගෙ මුලු අනාගත ජීවිත කාලයම වෙනස් වෙනවා කියන්න..

ඒ නිසා ඉස්ලා හිත හදා ගත්තා තේහ්‍යුන්ගෙ ජීවිතෙන් ඈතට වෙන්න වගේම ඒ වෙනසට ඉඩ දෙන්න.. ඉස්ලා එදා වගේ අදත් හෙටත් තේහ්‍යුන්ට උදව් කරන්න විතරක්ම හිත හදා ගත්තා.. මොකද අනෝලා කියන චරිතය ඇතුලෙ අසාමාන්‍ය මනුශ්‍යත්වයක් ඉස්ලා පවා දැකලා තිබුනා..

" ගුඩ් මෝනින් බේබි.."

අනෝලගෙ අසනීපය නිසා තේහ්‍යුන්ට අනෝලව බේබි වෙලා තිබුනා.. ඒත් අනෝලා සාමාන්‍ය තත්ත්වයට පත් වුන ගමන් ඒ ආමන්ත්‍රනය වෙනස් වෙනවා කියන්න අනෝලා දැනගෙන හිටියා.. අනෝලා දුරදිග හිතන්න ගියෙ නෑ.. වර්'තමානයේ හරි සතුටින් ජීවත් වෙන්න එයා හිත හදා ගත්තා..

" ගුඩ් මෝනින් කෝච්.."

තේහ්‍යුන් එක මොහොතින් මොහොත දේවල් වෙනස් කලත් අනෝලා ඒ දේවල් වෙනස් කළේ නෑ.. අනෝලා ප්‍රතිපත්ති වෙනස් කලේ නෑ.. ඒ නිසා අනෝලා තේහ්‍යුන් කිව්වෙ නෑ..

" තේහ්‍යුන් කියන්න අනෝලා.. තේහ්‍යුන් කියන්න.."

තේහ්‍යුන්ගෙ ඇස් වල පසුතැවීමක් තිබුනා.. ඒත් අනෝලට ගානක් තිබුනෙ නෑ..

anola ✔️Where stories live. Discover now