chapter 28

190 56 56
                                    

When the world is full of white flowers
May our feelings grow deeper and deeper

May the flowers land on your smile
Below the streetlamp frozen in time

~~~~~~~~~~~


Goal 50

ඩෙබියුට් ට්‍රේලර් එක වගේම, තේහ්‍යුන්ග් ඩෙබියුට් සෝන්ග් එක විදිහට තෝරපු "Snow Flower" සෝන්ග් එකේ ඕඩියෝ ක්ලිප් එකත් මේ වෙද්දි සෝශල් මීඩියා කිහිපයක් හරහා නිකුත් වෙලා තිබුනා.. තේහ්‍යුන්ගෙ සම්පූර්'න රසික සංගම් සියල්ලම මේ වෙද්දිත් පිස්සු වැටිලා හිටියා.

තේහ්‍යුන්ග් හිතපු විදිහට තමන් ෆීමේල් කෙනෙක්ව ඉමිටේටින් ආටිස්ට් කර ගත්තු එකට නරක ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ.. ඒක ඇත්තටම හොඳ මාකටින් එකක් වුනා.. සංගීත ක්ශේත්‍රයේ නියැලිලා හිටපු හැමෝම වගේ අනෝලව බලන්න මේ වෙද්දිත් මග බලාගෙන හිටියා.

එක රැයකින් අන්න ඒ විදිහට අනෝලා කිම්, එහෙමත් නැත්නම් තේහ්‍යුන්ග් කිම්ගෙ ඉමිටේටින් ආටිස්ට් හැමදේම වෙනස් කරලා තිබුණා. ඇතැන්ස්, ග්‍රීස් විතරක් නෙවෙයි මුලු ලෝකයම කිම් තේහ්‍යුන්ගෙ අනුකරන කලාකරුවා දිහා පුදුමයෙන් බලන් හිටියා.

ඇත්තටම සියැසින් අනෝලව තවමත් කවුරුත් නොදැක තිබුණත් තේහ්‍යුන්ග් ඇය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා තිබුනා හැමෝම තේරුම් ගත්තා.. මොකද එහෙම නොවුනා නම් මේ තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නැති බව ඕනි කෙනෙකුට තේරුණා..

~~~~~~~~~~

" යූටියුට් ලයික්-ඩිස්ලයික් පසන්ටේජ් එක කොහොමද යුන්ගි..?"

තේහ්‍යුන්ග් වීදුරුවකට වයින් වත් කරන ගමන් ඇහුවා. අනෝලා ෆෝන් එකට එබීගෙන කොමෙන්ට්ස් බලන ගමන් හිටියා.

" නරක නෑ.. දාහකට එකක් වගේ ඩිස්ලයික් කවුන්ට් වෙන්නෙ.. ඒක නෝමලුත් එහෙම වෙන එකනෙ.."

" ඇත්ත.. ඇපල් මියුසික්..?"

" සෝ ගුඩ්..!!"

ඇත්තටම රසික ප්‍රතිචාර වලින් තේහ්‍යුන්ග් සතුටු වෙමින් හිටියා.. මොකද එයා සාමාන්‍යයෙන් දෙයක හොඳම ප්‍රතිඵලය ගන්න මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක් වුනා.. ඒක අනෝලා සම්බන්ධයෙනුත් එහෙම වුණා.. ඉතින් හොඳම ප්‍රතිපලය බලාපොරොත්තු වෙන එකේ වැරැද්දක් නෑ.. එහෙම නේ..?

anola ✔️Where stories live. Discover now