|| Chapter 1 ||

2.9K 309 200
                                    

ලෙක්චර් හෝල් 8.15 AM

කිම් ටේහියුන් ...!

පුලුවන් තරම් වේගෙන් දුවගෙන ආව තරුණයෙක් තමන්ගෙ ලෙක්ච හෝල් එකට ඇතුලු වෙනකොටම ඇහුන ඒ කටහඩ නිසා හිටපු තැනම ගල් ගැහුනෙ බයෙන් වෙව්ලන ගමන්

ඒයි තමුසෙ...දැන්ද එන්නෙ...තමුන් විනාඩි 15 වක් පරක්කුයි.....!!

කලින්ටත් වඩා ඒ කෙනා ගොඩක් ගැබුරු හඩකින් අහනකොට මෙච්චර වෙලා එක තැන ගල් ගැහිල හිටපු ටේහියුන් බිමට හැරවිලා තිබුන මූන කෝපයෙන් පිරුනු මූනකින් තමන් දිහා බලන් තමන් ඉස්සරහ ඉන්න එයාගෙ ගනිතය ගුරුතුමා ( Mr.තේවෝන් ) දෙසට යොමු කලා

ඇයි තමුන්ට උත්තර දෙන්න බැරිද ආ..!!

නැවතත් ඇහුන ඒ සද්දෙට ටේහියුන්ගෙ ඇස් වලට කදුලු ඉනුවත් එයා ඒව හන්ගගෙන අමාරුවෙන් වචන ගලපගෙන උත්තර දෙන්න පටන් ගත්තා

ස..සමාවෙන්න ස්..සර්..

හහ්..! සමාවෙන්න කියල හරියනවද ටේහියුන් ..! කියනව ඇයි එන්න පරක්කු උනේ ආ....?

බ්..බස් එක අල්ල ග්..ගන්න බැරි උනා ස්..සර්...

ටේහියුන් ගෙන් ඒ උත්තරේ බලාපොරොත්තු උන තේවෝන් ලොකු හුස්මක් පාත දැම්මා

හ්ම්ම්...තමුන් අද යන්න කලින් මාව හම්බ වෙලා යන්න ඕනි..තේරුනාද....?

ටේහියුන් ගෙ පැත්තට ඇගිල්ලක් දික් කරල තේවෝන් එහෙම කිව්වම ඒකට ඔලුව උඩ-පහල වනපු ටේහියුන් හෝල් එකේ එයා හිටපු තැනින් ගිහින් වාඩි උනා

හරි ලමයි...අපි ආයෙත් පාඩමට එමු...

ආයෙත් තේවෝන් පාඩම පටන් ගත්තම ටේහියුන් එයාගෙ ඇස් වල තිබුන කදුලුත් පිහිදගෙන පාඩමට ඇහුම් කම් දුන්නා
.
.
.
.
.
.
.
.
පැය 2 ක ලෙක්චර් එක ඉවර කරමින් වැදුන විවේක කාලයේ බෙල් එක නිසා මෙච්චර වෙලා නොඉවසිල්ලෙන් හිටිය ලමයි හැමෝම වගේ පුටුත් පෙරලගෙන එලියට දිව්වෙ තමන්ට උගන්නපු ගුරුවරය යන්නත් කලින්

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now