< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >

144 35 1
                                    


After one months

දවස් හරි ඉක්මනින් ගෙවිල ගියා... හැබැයි කිසිම දෙයක් වෙනස් උනේ නම් නෑ... කිසිම දෙයක්..පොඩ්ඩක් හරි වෙනස් උනානම් ඒ ටේහියුන්ගෙ හිතේ තිබුන ආදරේ වැඩි උන එක විතරයි....

එදා උන දේන් පස්සෙවත් ටේහියුන් තමන්ගෙ පස්සෙන් ඇවිත් වද දෙන එක නතර වෙයි කියල ජන්කුක් තදින්ම විශ්වාස කලත්... ඒ හැම බලාපොරොත්තුවක්ම කැඩිල ගියේ හැම දාම වගේ පහුවදාත් ටේහියුන් ගිහින් ජන්කුක්ගෙ කරේ එල්ලුනාම...
හැබැයි එදා ටේහියුන් හිනා වෙලා හිටියට, ඇදෙන් නැගිටගන්න බැරි තරම් අමාරුවක් පිටයි එයා ගියේ...

උබට කොච්චර එපා කිවුවත් අහන්නෙ නැනෙ ටේ....

අනේ අපි ඔය මාතෘකාව නවත්තමු චිම්... මොන ලබ්බක්ද බන්...

ලබ්බෙ කතාවක් නෙවෙයි ටේ..! අම්මප මට වෙලාවකට හිතෙනව ජන්කුක්ට හැංගිල ඉදල වෙඩි තියන්න...

අයිස්ක්‍රීම් එක ඔතල තිබ්බ කොල කෑල්ල පොඩි කරල පොඩි කරල ජිමින් ඒක ටේහියුන්ගෙ මූනටම දමල ගැහුව...
ටේහියුන්ටනම් ජිමින්ගෙ මේ මල විකාර වලට හිනා...

ටේමින් දෙන්න හිටියෙ පාර්ක් එකේ.. ගෙදරම ඉන්න කම්මැලි නිසා අද ඒ දෙන්න ආවෙ පාර්ක් එකට..ටිකක් ඇවිදල අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙන දෙන්න පාර්ක් එකේ අයිනක තිබ්බ බංකුවක වාඩි උනා... ඔය අතරෙ තමා මේ දෙන්නගෙ කතාව මැදට ජන්කුක්ව ඇදිල ආවෙ..

අහ් මේ චිම්....මට ඔයාගෙන් පොඩි දෙයක් අහන්න තියේ...

එකපාරට දෙයක් මතක් උන නිසා ටේහියුන් ජිමින් දිහාවට හැරුනෙ ලාවට කුප්ප හිනාවක් රදෝගෙන.. ජිමින්ටත් තේරුනා මොකක් හරි නම්බුව හේදිලා යන එකක් තමා අහන්න යන්නෙ කියල... ටේහියුන්ගෙ මූනෙ ඉරියවුවකින් ටේහියුන් ගැන කියන්න බැරි නම් ඇත්ත වශයෙන්ම ජිමින්ගෙ යාලු කමෙන් වැඩක් නෑනෙ.. ඇගේ චූ කරගන්න කාලෙ ඉදන් දන්න අයනෙ..

ම්-මොකක්ද ටේ...?

ඇයි ඔයා පෝන් එකේ වෝල්පෙපර් එකට යුන්ගි හියුන්ගෙ පොටෝ එකක් දාගෙන ඉන්නෙ..?

මොක්-!...කැහ් කැහ්...

ඒ වෙලාවෙ තියා ටේහියුන් ජීවිතේට දැන ගන්න එකක් නෑ කියල හිතුව එකක් බලාපොරොත්තු නොවුන වෙලාවක කිවුවම ජිමින්ට එලොව මෙලොව පෙනුන.. කියන්න දෙයක් හිතාගන්න බැරුව යද්දි ජිමින් පපුවයි, බෙල්ලයි අත ගගා බොරුවට කහින්නත් ගත්තා...

අනේ චිම් මොකෝ උනේ... ඔයාට අයිස්ක්‍රීම් හිර උනාද .....අනේ...මම යුන්ගි හියුන්ට කතා කරන්නද...!!?

මුල ටික පසුතැවෙන ස්වරයකින් ටිකක් කලබලෙන් වගේ කිවුව ටේහියුන් අනේ මම යුන්ගි හියුන්ට කතා කරන්නද කියන ටික ටිකක් හැගීම් බර විදියට කියල හයියෙන් හිනා වෙන්න ගත්තම ජිමින් ටේහියුන්ට හොදම එකෙන් රවන ගමන් ගස්සල අහක බලාගත්තා...

කෝ...කෝ ඉන්න මම කතා කරන්න..
කෝ....හෙලෝ....! ආ..හෙලෝ ..මේ යුන්ගි හියුන්ද...! අනේ හියුන්මේ- ඒයි..!!! චිම් ගහන්න එපාහ්..!!!

ඉන්නවා...!! ඔහොම ඉන්නව ටේ..!

ටේහියුන් කියන කතා අහන් ඉන්න තවත්නම් ජිමින්ට පුලුවන් උනේ නෑ... එහෙන් ජිමින් ටේහියුන් කියන වචනයක් වචනයක් ගානෙ රතු වෙන්න ගත්තා...

තවත් ඉවසුවෙ නැති ජිමින් කකුලෙ දාගෙන හිටිය සපත්තුව ගලවගෙන අරගෙන ටේහියුන්ට පන්න පන්න ගහන්න ගත්තා... ටේහියුනුත් ඉතින් හිනා වෙවී පාර්ක් එක වටේ දුවන්න ගත්තම ජිමින්ට උනේ පාත්තය වගේ කොටියෙක් පස්සෙ පන්නන්න...



හැබැයි ටේහියුන්වත් ජිමින්වත් දැනගෙන හිටියෙ නෑ මෙයාල දිහා කෙනෙක් බලාගෙන ඉන්නවයි කියල...

කවුද මාක් අර රතු බැනියමක් ඇදගෙන ඉන්න කොල්ලා...!!!?

මෙච්චර වෙලා කලු පාට වාහනයක් ඇතුලට වෙලා ටේමින් දෙන්න දිහා බලාගෙන හිටපු කෙනෙක් එයාගෙ ගැබුරු හඩ අවදි කරල එහෙම අහනකොට එයා ලගම වාඩි වෙලා හිටිය ගාඩ් කෙනෙක් එයාට හිස නවල ආචාර කලා..

සමාවෙන්න බොස්..! අපි හොයල බලන්නම්..!

හ්ම්ම්..!! දවසයි දෙන්නෙ..! මට ඌ ගැන විස්තර හොයල ඕනි...!!!

ඕකේ බොස්..!

කවුරු නමුත් ඒ කෙනා විස්තර හොයල දෙන්න කිවුවෙ ටේහියුන් ගැන.. ජිමින් පන්නන නිසා වේගෙන් දුවන ටේහියුන්ව පෙන්නන ගමන් ඒ කෙනා එහෙම කිවුවෙ එයාගෙ යටි තොල අතගගා...








# To be continued #

Hiii taekookers 🧚‍♀️💚💜

𝐯𝐨𝐭𝐞 කරන් යමු🤷‍♀️🤦‍♀️💚🤝







ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now