|| Chapter 2 ||

1.8K 281 102
                                    


ඉස්කෝලේ ඇරුන ගමන් ටේ ගියේ එයාගෙ රතු උන අත හෝද ගන්න..අර කලින් වතුර බොන්න ගිය තැනට...හදිස්සියක් නැති නිසා, එයා හිමින්-හිමින් බාත්රුම් එක ලගට ගියා....

ටික වෙලාවකින් එතනට ආව ටේ..එයාගෙ අතේ ගැට ගහල තිබ්බ එයාගෙ ලේන්සුව අයින් කලා...

" ආ..."

මෙච්චර වෙලා ටේ අතින් එන වේදනාව අඩු කර ගන්න කියල..අත ටිකක් තදට ගැට ගහගෙන හිටියෙ....ඒ නිසා හිර වෙලා තිබුන ලේන්සුව අයින් වෙනකොට, ටේට ටිකක් රිදුන...ලේන්සුව අයින් කරල ඒක තමන්ගෙ සාක්කුවට දාගත්ත ටේ ටැප් එක ඇරියා... ටැප් එකෙන් එන සීතල වතුරට ටේ එයාගෙ තුවාල වෙලා තියෙන අත ලන් කලා...රිදෙනව කියල දන්න නිසාම ටේ යටි තොලත් හපාගෙන, ඇස් දෙකත් වහගෙන අත වතුරට ඇල්ලුව...

" ආහ්.."

එක පාරටම අත ගිනි ගන්නව වගේ වේදනාවක් දැනුන නිසා ටේට කෑ ගැහුනා...එයාගෙ ඇස් වල කදුලුත් පිරිල....

ඇත්තටම ටේට මේ වේදනාව අමුතු,අලුත් එකක් නෙවේ.... ටේ මේ වේදනාව ඕන තරම් විදල තියෙනව....ඒවෑන් ගොඩක්ම වගේ ජන්කුක්ල නිසා...ඒත් ටේ කවදාවත් ජන්කුක්ව පාවල දෙන්න ගියෙ නෑ....ඒකට හේතුවක් තොයෙනව....ජන්කුක් කියන්නෙ නපුරු උනත්, ගොඩක් හැන්සම් කෙනෙක්..ඉතින් දකින් ඕනි කෙනෙක්ට දුප්පත් ව්-පොහොසත් බේදෙකින් තොරව ආදරේ හිතෙනව...ඉතින් ටේටත් ඒක වෙලා තියෙන්නෙ....ඒත් ටේ එයාගෙ හැගීම් හන්ගගෙන ඉන්නෙ, එයා දුප්පත් නිසා...ඔයාල හිතා ගන්නකො, ටේට ජන්කුක් ගැන තියෙන්නෙ මොන වගේ හැගීමක්ද කියල...හැබැයි ඒක ජන්කුක්ගෙ ඇගට තියෙන ආසාවක් නෙවෙයි....ටේ හොයන්නෙ ආදරෙ...එයාට නොලැබෙන ආදරේ.....ඒත් කවදාවත් ඒක එයාට ලැබෙයිද...ම්ම්ම්ම් අපි බලමු....

" වහ් කව්ද අනේ මේ ලස්සන කොල්ල..."

ඇස් වලින් ගලන කදුලු පිහ දදා..තමන්ගෙ අත හෝද හෝද හිටපු ටේ ගැස්සුනේ ඒ ඇහුන කටහඩට බය වෙලා....ඇත්තම කිව්වොත් ටේ ඕන කටහඩකට ගැස්සෙනව...ඒකට හේතුව , මේ යුනිවර්සිටි එකේ ටේට කතා කරන්න කව්රුත් නෑ... කතා කරනවනම් ඒ ජන්කුක්ල විතරයි....ඒකත් ආදරේකට නෙවෙයිනෙ...ඉතින් බය වෙන එක සාදාරනයි......

අත හෝදන එක නවත්තපු ටේ එයාගෙ පිටි පස්සෙ ඉන්න කෙනා දිහාට හැරුන..ඒත් ටේ ඒ කෙනාගෙ මූන බලල ආයෙත් බිම බලා ගත්ත ඒක ටේගෙ විදියනෙ....

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now