|| Chapter 20 ||

1.3K 193 68
                                    

Jungkook P.O.V

ආආආආඅ...!!!!

එක පාරටම හොබා කෑගහපු නිසා බේබිවත් තුරුලු කරන් පෝන් එක ඔබ ඔබ හිටිය මම උඩ ගියා. අම්මප මේ යකා ගිය ආත්මෙ ගාන්ඨාර පූජා කරකද මන්ද. මුගෙ කාලකන්නි කටේ සද්දෙ .

හොබාගෙ කෑගැහිල්ලට මගෙ ඔඩොක්කුවෙ හිටිය බේබිත් ගැස්සුනා. මගෙ ලගම හිටිය නිසා එයාගෙ පපුව වේගෙන් ගැහෙනව මට හොදට ඇහුන බන්. මම ඒ නිසාම එයාගෙ ඉන වටේ එතිල මෙච්චර වෙලා එයාව මගෙ ලගට ඇදගෙන තිබුන අතින්, එයාගෙ ඉන පොඩ්ඩක් තද කරල ඇල්ලුවෙ බය වෙන්න එපා කියන්න වගේ.

" බුදු අම්මෝ... ජන්කුකෝ...උබ ඇයි කැලේ යන්නම තෝරගත්තෙ..මයෙ අම්මේ.."

හොබා ආයෙ කෑගහනව. මුට පිස්සු.

" පොඩ්ඩක් බහින්න බේබි."

මම කියන පරක්කුවට එයා බැස්ස. හහ්. මම හෙන ආසයි බන් ඒකට. මම කියන දේ ඒ පරක්කුවට කරන එකට සිරාවටම මම ආසයි. මම බේබි දිහා එක පාරක් බලල , සීට් එකෙන් නැගිටල ඉස්සරහට ආව.

බස් එක නවත්තල. හොබා ඉස්සරහ වීදුරුවෙන් එලිය බලාගෙන කෑගහනව. අනිත් අයනම් කෑනොගහ බලන් ඉන්නව. ඔව් හොබාට තරම් පිස්සු නැ අනිත් එවුවොන්ට.
මම එහෙම්ම ගිහින් හොබාගෙ කරවටේ අත දාල බැලුවෙ මූ මොකටද මේ කෑගහන්නෙ කියල.

 මම එහෙම්ම ගිහින් හොබාගෙ කරවටේ අත දාල බැලුවෙ මූ මොකටද මේ කෑගහන්නෙ කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අම්මට යකෝ.... මට දැනුයි තේරෙන්නෙ හොබා ගාන්ඨාරෙ ගැහුවෙ ඇයි කියල. අපේ බස් එක යන පාරෙ අයිනෙ , කොටයක් උඩ හෙන තඩි සර්පයෙක්.!

ඌ කොටයක් උඩ හොදට වෙලිල ඉන්නව. මටත් වඩා දිගයිද කොහේ. හොබා කෑගගහ තව බලන් ඉන්නවත් එක්ක. මම බොරුද කියන්නෙ මේ පොලොස් පගයට පිස්සු.
මම හොබාව අතහැරල ආයෙ පස්ස බැලුව. බේබි තාම සීට් එකේ. එයාට ඕප දූප හොයන්න උවමනාවක් නැ. ම්ම්ම්.. මම ආස තවත් දෙයක්...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now