< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >

149 38 0
                                    

ටේ....

ටේටේ...

මගෙ කොටියෝ....

බෝලේ....

ආශ්..කිම් ටේහියුන් ...!!!

මොකද චිම් කන ලග ඉදන් කෑගහන්නෙ...!? උබට පිස්සුද..!?

පිස්සු මට නෙවෙයි උබට...ඇයි යකෝ..මම කී පාරක් කතා කලාද තොට... මොන ලෝකෙද හිටියෙ....

ජිමින් එහෙම කියනකොටනම් ටේහියුන් කට වහගත්ත... ටේහියුන් හිටියෙ වෙන කල්පනාවක... ඉතින් ටේහියුන්ට ජිමින්ව ඇහුනෙ නෑ...

ටේහියුන් හිටියෙ වාහනේ ඩ්‍රයිව් කරන ගමන්.. පාර බලාගෙන ඩ්‍රයිව් කලත් ටේහියුන්ගෙ කල්පනාවනම් තිබ්බෙ ගොඩක් ඈත... ටේහියුන් ගොඩ වෙලාවක ඉදන් මොකක්ම හරි දෙයක් කල්පනාවෙන් ඉන්නෙ කියල ජිමින්ට තේරුන නිසයි ජිමින් ටේහියුන්ට කතා කලේ....

එහෙම මොකුත් නෑ චිම්....

ටේහියුන් ඉස්සරහ බලාගෙනම කිවුවම ජිමින් ටේහියුන් දිහා බැලුවෙ මූන අමුතු කරගෙන..

අනේ ඉන්නව බොරු නොකිය...කියනවකො..ඇයි මේ අවුලෙන් වගේ...ම්ම්ම්?

නැ නැ චිම්....එහෙම මොකුත් නෑ.... මේහ්..මොකො කියන්නෙ.. යන ගමන් බීච් එක පැත්තෙ යන්ද..? ඇදුම් වගේකුත් ඇති ඩිකියෙ...නාමු..?

ජිමින්ව මග අරින්න හිතන් ටේහියුන් මවා ගත්ත හිනාවකින් කිවුවත් ජිමින්ගෙ මූනනම් වෙනස් උනේ නෑ...

මම උබේ කවුද ටේ..?

උබ මගෙ සෝල්මේටා...

කවදා ඉදන්ද...?

මට යාන්තමට කතා කරන්න පුලුවන් උන කාලෙ ඉදන්ම...

ඒ කාලෙ ඉදන්ම උබව දන්න මටද උබ මේ හීන් නූලෙන් බොරු කියන්නෙ ටේ..?

ටේහියුන්ට කට උත්තර නැති උනා... දැන් මොනාද කියන්නෙ... ටේහියුන් දන්නව ජිමින්ට බොරු කියන්න බෑ කියල..මොකද ජිමින් ටේහියුන් ගැන හැමදේම දන්නව... හරියටම කිවුවොත් ටේහියුන්ගෙ ඔම්මලට වඩා ටේහියුන් ලග හිටියෙ ජිමින්.. ඉතින් ටේහියුන් ජිමින්ට කොහේ බොරු කියන්නද...?

නවත්තනව ටේ කාර් එක...

ජිමින්..?

ජිමින් නෙවෙයි.! කාර් එක නවත්තන්න ඉස්සරහින්...!

ROUGH BOY AND TROUBLER || TKDonde viven las historias. Descúbrelo ahora