|| Chapter 12 ||

1.6K 229 78
                                    

𝐯𝐨𝐭𝐞 70





" දැන් තමුසෙ ඉස්සරහට ඕකට මොකක්ද කරන්න හිතන් ඉන්නෙ...?. "




ජන්කුක් සහ ටේහියුන් තවමත් හිටියෙ ජන්කුක් ලගෙ ගෙදරින් එලියෙ ගාඩ්න් එකේ පුටුව උඩ. මීට ටික වෙලාවකට කලින් ජන්කුක් කිවුව කතාවට, හිතේ වේදනාවෙන් , වගේම දුක නිසා ඇස් වලට ආපු කදුලු ඔලුව පහත් කරගෙන හංගගෙන හිටිය ටේහියුන් , නැවත් ඔලුව ඉස්සුවෙ, ජන්කුක් අහපු ප්‍රශ්නෙ නිසා.



" ඒ.. එයා ආයෙ..එ..එන එකක් න්-නෑ කුකී..."


ටේහියුන් බොහොම යටහත්පහත් විදියට ජන්කුක්ගෙ ඇස් දිහාවත්.නොබල, ඒ ඇස් මගරින ගමන් අහක බලන් බයෙන් කියනකොට, ජන්කුක්ට ටේහියුන් ඒ දුන්න උත්තරේ එක්ක තව ටිකක් යකා වැහුන.
ඒ නිසා ටේහියුන්ගෙ උසට පාත් උන ජන්කුක් , ටේහියුන්ගෙ බෙල්ලෙන් අල්ලගත්ත.

" අ-අහ්.."

" මොකක්ද යකෝ...!!!! උබ කොහොමද කියන්නෙ ආයෙ එන එකක් නැ කියල. ආ...!!!! උබ දැන් සාස්තරත් කියනවද... !!!! මී හරක් කතා නොකිය, පරිස්සම් වෙයන්...!!!!!! "

ටේහියුන්ගෙ බෙල්ල තද කරගෙනම ඒ ටික කියපු ජන්කුක් , ගිනි පිටවෙන ඇස් වලින් ටේහියුන්ගෙ බෝල ඇස් දිහා විනාඩි ගානක් බලාගෙන හිටියා. ඒත් ඒ වෙලාවෙ ජන්කුක් , ටේහියුන්ගෙ ඒ ලස්සන ඇස් වලට අතරමං උන නිසා, එයාගෙ අතින් ටේහියුන්ගෙ බෙල්ල එන්න එන්න හිර වෙනව කියල තේරුනේ නැ.

" අ..-අහ් කු..- කුකී... අත්..අතරින්න..."

ටේහියුන්ගෙ ඇස් දෙකේම කදුලු පිරිල. ජන්කුක්ගෙ ඒ ශක්තිමත් ගල් වගේ අත් වලින්, ටේහියුන්ගෙ බෙල්ල හිර වෙනකොට දැනුන වේදනාව නිසා, ටේහියුන්ට එයා කලින් ඉදන් හක්ගන් හිටිය කදුලු හංගන් තියා ගන්න බැරි උනා. ඉතින් ඒ කදුලු ටේහියුන්ට විරුද්ද වෙලා ඒ රෝස පාට බෝල කම්මුල් දිගේ ගලාගෙන ගියා.

ජන්කුක්ගෙ අතේ නහර ඉලිප්පිලා. ඇස් රතුවෙලා. ජන්කුක් ඒ ඉන්න විදිය දකින ඕනි කෙනෙකුට තේරෙනව ජන්කුක් ඉන්නෙ හොදටම කේන්තියෙන් කියල. ඒත් ප්‍රශ්නෙ. ඔය තරම් කේන්ති යන හේතුව ජන්කුක්ට නොතේරෙන එකනෙ.😖

" කු..-කුකී...අ..අ...න්නේ..."

ටේහියුන් ආයෙත් කැඩි කැඩි අමාරුවෙන් කතා කරනකොට, මෙච්චර වෙලා ටේහියුන්ගෙ ඇස්වල අතරමං වෙලා හිටිය ජන්කුක්ගෙ ඇස් ටේහියුන්ගෙ මූන පුරා හරි හදිස්සියෙන් දුවන්න ගත්ත. මේ වෙනකොටත් ටේහියුන්ගෙ අකීකරු කදුලු පාරවල් තෙත් කරල තියෙන රෝස පාට කම්මුල් දකිනකොට ජන්කුක් එක පාරටම ටේහියුන්ගෙ ගෙලේ රැදිල තිබුන එයාගෙ අත ඉක්මනින් ගත්ත.


ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now