< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >

178 31 0
                                    


After one week

ජන්කුක්ට ඇර අනිත් හැමෝටම වේදනාබර සතියක් ගත වෙලා ගියා.. කිම් යුවලගෙ අවසන් වැඩ කටයුතුත් කරල ඉවර වෙලා තිබුන.. ජිඔන් පව්ලත් මේ හදිස්සියෙ වෙච්ච වේ ගැන කම්පා වෙනකොට ටේහියුන්නම් අන්තෙටම වැටුන..

හැමදාම ජන්කුක්ව හොයන්න යන ටේහියුන් දැන් එයාගෙ කාමරෙන් එලියට එන්නෙ නෑ.. මගෙ කුකී හොදින්ද..එයා කාලද දන්නෙ නෑ කියන සිතුවිලි කන්දරාවක් හිතට ආවත් ටේහියුන් එයාගෙ කාමරෙන් එලියට ගියෙ නැ.. හැමවෙලේම මොකක් හරි දග වැඩක් කරල නට නට හිටිය ටේහියුන් දැන් මේ ඉන්න විදිය දැක්කම ජින්ට උනත් දරාගන්න බැරි උනා.... කිම් යුවලගෙ වෙන්වීමත් එක්ක් ජින් නම්ජුන් එක්ක කිම් මැන්ශන් එක්ට ආව.. මොන දේ උනත් ඔම්මගෙයි අප්පගෙයි මතක දාල කිම් මැන්ශන් එකෙන් යන්න ටේහියුන් කැමති උනේ නෑ...

ටේහියුන් මේ සතියම කලේ එයාගෙ කාමරේට වෙලා අඩපු එක.. එයාට ඒ වෙලාවෙදි ගොඩක්ම ඕන උන ජන්කුක්ගෙ උනුහුම ටේහියුන්ට ලැබුනෙ නැ පොඩ්ඩක්වත්..ඒ දේවල් වලින් නොහිතපු විදියට පොඩ්ඩ පොඩ්ඩ ටේහියුන්ගෙ හිත ජන්කුක්ව ප්‍රතික්ශේප කරනකොට... හිත මොනා කිව්වත් ටේහියුන් ඒකට එකග උනේ නෑ.. එයා නොලැබෙනව කියල දැන දැනම දිගටම් හෙව්වෙ ජන්කුක්ගෙ උනුහුම...

ඒ දේවල් එහෙම වෙනකොට ජන්කුක්නම් එයාට සුපුරුදු විදියට එයාගෙ වැඩ ටික කරගෙන ගියා.. කිම් යුවලගෙ අවසන් කටයුතු වලට ගියාට පස්සෙ ජන්කුක් මේ වෙනකල් ටේහියුන්ව දැකල නෑ..ටේහියුන් හොදින්ද කියල බලන්නවත් ජන්කුක්ට ඕන කමක් තිබ්බෙ නෑ..




" ටේ බෙයා... මැනික පොඩ්ඩක් එලියට එන්නකො... බලන්න කව්ද ඇවිත් ඉන්නෙ කියල..."

ජින් ටේහියුන්ගෙ කාමරේ දොරට ගගහ කතා කලත් ටේහියුන්ගෙන් කිසි ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ...

" එයා දැන් එන්නෙ නෑ හියුක් අන්කල්.... "

ජින් ඇවිත් හිටිය අමුත්තට එහෙම කිව්වම අමුත්ත ලොකු හුස්මක් පාත දැම්මා..

" එහෙම කියල බෑ ජින් පුතා..අද මේ ගැන කොහොමහරි කතා කරගෙන තමයි යන්න ඕනි..."

ඇවිත් හිටිය අමුත්ත එහෙම නැත්නම් හියුක් එහෙම කිව්වම ජින් ඒකට ඔලුව වනල එතනින් අයින් වෙලා පහලට ගියා...

ROUGH BOY AND TROUBLER || TKNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ