|| Chapter 57 ||

912 150 18
                                    

ජන්කුක් කාමරේ ඇතුලට යනකොටම දැක්කෙ යොන්ජුන්ව බිම දාගෙන ගහන ටේහියුන්ව...

ජන්කුක් කොයිම වෙලාවකවත් මෙහෙම එකක් වෙයි කියල හිහුවෙ නෑ... එයාගෙ බෙබි මෙච්චර ශක්තිමත් ඇති කියල හිතුවෙ නැ, මොකද ටේහියුන් හිටියෙ හුරතලේටනෙ..ජන්කුක් වගේම යුන්ගිල්ත් පුදුමෙන් මේ දිහා බලාගෙන කාමරේ ඇතුලට එද්දි, යොන්ජුන්ගෙ නහයෙන්, කටෙන් ලේ දාන්න ගහල තිබ්බ ටේහියුන් ඔලුව උස්සල ජන්කුක්ල දිහා බැලුව...

ජන්කුක්ව දැක්ක පරක්කුවට මෙච්චර වෙලා වෛරය පිරිල තිබ්බ ටේහියුන්ගෙ ඇස් දිලිසෙන්න ගද්දි, ඒවෑ හරි ඉක්මනට කදුලු බෝල 2 ක් පිරුන...

" ක්කූ....මගෙ කූ..."

යොන්ජුන් ලගින් අයින් උන ටේහියුන් ඉක්මනට දුවල ගිහින් ජන්කුක්ගෙ ඇගට පැන්නම ලාවට හිනා උන ජන්කුක් ටේහියුන්ව වඩාගත්ත...

කලින් දොන්චන්ව හම්බ උන දවසෙ වගේ..ඒ විනාඩියට යකෙක් උන ටේහියුන් ඊලග විනාඩියෙ ජන්කුක්ගෙ අත් අතරෙ හුරතල් උනා...

" කූ...ම්..මං ගොඩක් බය උනා.."

" සමාවෙයන් බේබි...මට උබව පරිස්සම් කරගන්න බැරි උනා..සමාවෙයන් මට.."

ජන්කුක් පසුතැවෙන මුහුනකින් එහෙම කියනකොට ලාවට හිනා උන ටේහියුන් ජන්කුක්ගෙ තොල් පෙක් කලා..

" එහෙම නැ මගෙ කූ...මගෙ කූ ආවෙ නැති උනාට, මගෙ කූගෙ දරුණු වචනම තමා මාව බේරගත්තෙ..."

ටේහියුන් දිලිසෙන ඇස් වලින් එහෙම කිවුවත් ජන්කුක්ට තේරුනේ නැ..ඒත් එයා ඒ වෙලාවෙ ඒක ගැන අහන්න ගියෙ නෑ...එයා කලේ තද කරල ටේහියුන්ව බදාගත්ත එක...

" අපිට ගහන්න දෙයක් අපේ ටේ ඉතුරු කරල නෑ වගේ නේද හොබා..."

බිම වැටිල ලේ පෙරාගෙන ඉන්න යොන්ජුන් දිහ බලන ගමන් යුන්ගි එතනට හෝසෙඔක් එක්ක ගිය... ජන්කුක් සන්සුන් විදියට හිටිය.. යොන්ජුන්ට ගහන්න ඕන උනත් ජන්කුක්ට එයා ඕන නැහැයි කියල හිටිය..මොකද එයා කරන්න ඕනෙ වැඩ ටික එයාගෙ බේබි එයා වගේම වෙලා කරල තිබ්බ නිසා... ජන්කුක් නොපෙන්නුවට යටිහිතින් ඒ ගැන ආඩම්බර උනා..

" අම්මප මේ ප*ය දකිනකොට එන කේන්ති..."

" ආහ්..!!"

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now