< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >

496 106 47
                                    


ටේහියුන්ගෙ කම්පැනි එකෙන් ඇවිත් ජිමින් එහෙම්ම ආවෙ පාර්ක් මැන්ශන් එකට..ඒ එන අතර මග පාරෙදි ජිමින් දැක්ක දෙයක් නිසා එයා පාරෙ අයිනකට වෙන්න කාර් එක නවත්තල ඒකෙන් බැස්සෙ කටකොනෙන් හිනා වෙන ගමන්..

" ඉතින් මිස්ටර් සුගා...?"

පාරෙ අයිනෙ ලොකු කලුපාට කැබ් එකක් ලගට වෙලා කලු ඇදගත්ත ගාඩ්ල 5දෙනෙක්ට නියෝගයක් දෙන ගමන් හිටිය යුන්ගිව දැකල තමයි ජිමින් වාහනේ නතර කලේ.. හිමින් හිමින් යුන්ගි ඉන්න තැනට ඇවිත් ජිමින් සුගා කියල කතා කරාම යුන්ගි ටිකක් විතර ගැස්සුනා..මොකද..කව්ද එයාට එහෙම කතා කරන්න ඉන්නෙ..එච්චර හයියක්..ඊටත් යුන්ගිගෙ මාෆියා නම තමයි සුගා කියන්නෙ..ඉතින් යුන්ගි ගැස්සෙන එක සාදාරනයි!

" ඔහ් ජිමින්..මේ ඔයානෙ.."

" ඔහ්....ඒ කියන්නෙ මිස්ටර් සුගාට මාව මතකයි නේද..?"

" ම්ම්..ඇයි මට අමතක වෙන්නෙ..,

දැන් යන්න... හවසට වැඩේ පටන් ගන්න..!"

ජිමින් එක්ක කතා කරන එක ටිකකට නතර කරපු යුන්ගි එයාගෙ පිටිපස්සෙන් හිටිය ගාඩ්ලට එහෙම අණ කලා..යුන්ගිගෙ වචනෙට අවනත වෙලා හිස නවල ආචාර කරපු ගාඩ්ල 5 දෙනා එතනින් අයින් වෙනකොට යුන්ගි ආපහු ජිමින්ගෙ පැත්තට හැරුන..

" ඉතින් මිස්ටර් සුගා... හුගකාලෙකින්..එහෙම නේද..?"

" ජිමින් ඇයි මේ කවදාවත් නැතුව මිස්ටර් මිස්ටර් ගාන්නෙ..?"

ඉස්සර ජිමින් තමන්ට කටපුරා යුන්ගි හියුන් ගගා ඉදල දැන් එක පාරටම කාලෙකට පස්සෙ දැකල මිස්ටර් මිස්ටර් ගානකොට යුන්ගිට අමුත්තක් දැනුන..අනික මේ ටික වෙලේටම ජිමින් කතා කරපු විදිය වෙනස් කියල යුන්ගිට නොතේරුනාම නෙවෙයි..

" එහෙම නැතුව මම කොහොමද කතා කරන්න ඕනි..?"

" ඉස්සර වගේ...යුන්ගි හියුන් කියන්න.."

යුන්ගි එහෙම කිව්වම ජිමින් පොඩි හිනාවක් දාල අහක බලාගත්තා..ඉස්සර වගෙ..?

" ඉතින්...ජිමින් කොහෙද මේ යන්නෙ..?"

" මමද.....මම මේ පිස්සෙක් වගේ ඉන්න මගෙ යාලුවව බලල ගෙදර යනගමන්..!"

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now