|| Chapter 16 ||

1.5K 239 132
                                    

Vote - 80

ජන්කුක් ටේහියුන්ව වඩාගෙන කෙලින්ම ගියේ එයාගෙ රූම් එකට... රූම් එකේ ලයිට් ඔන් කරපු ජන්කුක් , ටේහියුන්ව එයාගෙ ඇද උඩින් ඇල කලා....පස්සෙ ජන්කුක් එතනම ඇදේ අයිනෙ වාඩි වෙලා, ටේහියුන් දිහා ටිකක් වෙලා බලන් ඉදියා...

ටේහියුන් නිදාගෙන ඉන්නකොට තියෙන හුරතලේට ජන්කුක්ටත් නොදැනි, එයාගෙ තොල් අතර හිනාවක් ඇදුනා.... ටේහියුන් දකිනකොට, එයාට හැමදාම වගේ මේ දැනෙන අමුතු හැගීම මොකක්ද කියල ජන්කුක් හැමවෙලේම වගේ කල්පනා කලා..... ඒත් එයා ඒ ගැන එච්චර ලොකුවට හිතන්නෙ නෑ.... එක්කො එයා හිතාමතා කල්පනාව නැති කර ගන්නව... නැත්නම් එයා ආස නැතුව ඇති......

කොහොම හරි ජන්කුක් ගොඩක් වෙලා ටේහියුන් දිහා බලන් හිටියා....මේ ගිය වෙලාව ජන්කුක් වත් දන්නෙ නැතුව ඇති....

" උබව දකිනකොට මට මොකක්ද වෙන්නෙ බේබි.... උබේ ඔය හුරතල් මූන දිහා බලාගෙන මොකුත් කරන්න හිතෙන්නෙ නැති තරම්....මොකක්ද මේ වෙලා තියෙන්නෙ...."

හීනියට කිවුව ජන්කුක් , ආයෙ ටික වෙලාවක් ටේහියුන් දිහා බලාගෙන ඉදල, ඉදපු තැනින් නැවිට්ටා..... ටවල් එකක් ගත්ත ජන්කුක් බාත්රුම් එක අස්සට ගියේ ඔලුවෙ ප්‍රශ්න ගොඩක් වැඩ කරද්දි.....





ටික වෙලාවකින් ජන්කුක් වොශ් කරන් බාත්රුම් එකෙන් එනකොට දැක්කෙ ටේහියුන් හිරි කඩ කඩ නැගිටිනව.....
ජන්කුක් එහෙම්ම ගිහින් ඇදුමක් දාගෙන, කණ්නාඩිය ඉස්සරහට වෙලා එයාහෙ තෙත කොන්ඩෙ අතින් ගස ගස හිටියා....

ඔය වෙලාවෙ තමයි ටේහියුන් හටියට නැගිට්ටෙ, තමන් ඉන්නෙ තමන්ගෙ කාමරේ නෙවෙයි කියල තේරුනාම ටේහියුන් ඉක්මනට වට පිට බැලුව... එතකොට තමයි එයා දැක්කෙ, ජන්කුක්ව.....

ජන්කුක් ඒ ඉන්න විදියට ගොඩක් කඩවසම්...ඉතින් ඒකම මදෑ ටේහියුන්ට තක්කලි ගෙඩියක් වෙන්න.... ජන්කුක්ගෙ ඒ ලස්සන , කඩවසම් බව නිරීක්ශනය කරන ගමන් ඉන්නකොට, ටේහියුන්ට මතක් උනේ අද එයාල එනකොට මගදි උන දේ.....

වෙච්ච දේවල් එකින් එක චිත්‍ර පටියක් වගේ මතක් වෙද්දි, ටේහියුන් ආයෙ ආයෙ ලැජ්ජාවට හිනා වෙන ගමන් රතු වෙන්න ගත්තෙ , ජන්කුක් මේ මලකෝලම කණ්නාඩියෙන් බලන් ඉද්දි.....

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now