< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >

157 28 0
                                    


ම්ම්හ්..

හොද නින්දක හිටිය ටේහියුන්ට ඇහැරුනා.. ඇස් දෙකත් ටිකක් වෙලා පොඩි කරල වට පිට බලපු ටේහියුන්ට දකින්න ලැබුනෙනම් එයා දකින්න ආස ලස්සනම දර්ශනයක්..

මගෙ කුකී..

හැමදාමත් වගේ ආදරේ විතරක්ම පිරුනු ඇස් වලට එයාට චුට්ටක් එහාට වෙන්න නිදාගෙන ඉන්න ජන්කුක්ව අහුවෙනකොට, ජන්කුක් ඉස්සර කවදත් ඇදෙන ටේහියුන්ගෙ ලස්සන හිනාව නිකම්ම මතු උනා..

ජන්කුක්ගෙ මූනට අත අරන් ඇවිත් කොන්ඩ ගස් වලින් වැහිල තිබ්බ මූන පේන්න හදාගත්ත ටේහියුන් , එයාට ඇතියි කියල හිතෙනකල්ම ජන්කුක්ගෙ මූන දිහා බලාගෙන හිටියා. කොහොමත් ටේහියුන්ට මෙහෙම ලගින් ජන්කුක් දිහා බලන් ඉන්න පුලුවන් ජන්කුක් නිදාගත්තම තමා.. මොකද කිවුවොත් ජන්කුක් ටේහියුන්ට එයාගෙ මූන දිහාවත් බලන්න දෙන්නෙ නැනෙ මොකක් හරි කියල හරි, නැත්නම් ටේහියුන්ව තල්ලු කරල හරි මොකක්ම හරි කරනවනෙ.. ඒ නිසා මේක විතරයි ටේහියුන්ට ලැබෙන අවස්තාව..

ටික වෙලාවක් ඉදල ටේහියුන් ජන්කුක්ගෙ මූනට නැවිල ජන්කුක්ගෙ නළලින් කිස් එකක් තිබ්බා..අනේ ටේහියුන් කොච්චර හිනා වෙලා හිටියත් ඒ හිතේ කොච්චර වේදනාවක් ඇත්ද..?

ම්ම්..

කුකී...

ටේහියුන් කිස් කරපු නිසා ජන්කුක් ඇහැරුනා.. ඔලුව පොඩ්ඩක් උස්සල ටේහියුන් දිහා බලල ජන්කුක් ආයෙ ඔලුව තියාගෙන ඇස් පියා ගත්තා..

Good morning කුකී..

තමන්ව දැකලත් නොදැක්ක වගේ ඇස් පියා ගත්ත ජන්කුක්ට ටේහියුන් හිනා වෙලාම කතා කරද්දි, ජන්කුක්ගෙන් ඒකට ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ.. ජන්කුක් ටේහියුන් එක්ක කතා කලේ නෑ.. ටේහියුන්ගෙ හිතට කොච්චර රිදෙනව ඇත්ද..?

ටිකක් වෙලා හිටියත් ජන්කුක් කතා නොකරපු නිසා ටේහියුන් හරි අසරණ විදියට එයාටම හිනා උනා.. මේක එයා ලබා උපන් විදිය වෙන්න ඇති.. සමහර විට හැමදාටම ටේහියුන්ට ජන්කුක්ගෙ ආදරේ ලැබෙන එකක් නෑ..

අසරණ හිනාව තියාගෙනම ඇදෙන් නැගිට්ට ටේහියුන් කෙලින්ම ජන්කුක්ගෙ කාමරෙන් එලියට ගියා..
ටේහියුන් දොර ඇරගෙන යනව ඇහුන නිසා වහගෙන හිටිය ඇස් ජන්කුක් ඇරියා..ජන්කුක් හැමදාමත් වගේ හොදට බැලුවෙ නැති නිසා ටේහියුන් එයාගෙ බෝල ඇස් වල හංගන් හිටිය කදුලු දැක්කෙ නෑ.. ජන්කුක් දොර දිහා බලල එහෙම්ම ඔරලෝසුවෙන් වෙලාව බැලුව..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now