|| Chapter 14 ||

1.5K 244 78
                                    

" කු-කී... එයාගෙ න-නම...මේ..ඒ.. ඔ-ම්ම්ම්ම්හ් කුකීහ්ම්ම්ම්ම්...."

මොකක් හරි බොරුවක් පටලල ජන්කුක්ට, එයා ආදරෙ කරන කෙනෙක්ගෙ නම කියන්න ගිය ටේහියුන්ගෙ වචන නැවතුනේ, සීතල අයිස්ක්‍රීම් එක නිසා සීතල වෙලා තිබුන එයාගෙ තොල් දෙක, තවත් සීතල තොල් දෙකක් නැවතුන නිසා..

ඔව් , ඔයාල හිතුව හරි..!! ජන්කුක් ටේහියුන්ව කිස් කලා.

අයිස්ක්‍රීම් එක ගෑවිලා නිසා ටේහියුන්ගෙ තොල් තවත් රස පාට වෙද්දි, තප්පර 5 ක් වගේ ටේහියුන්ගෙ, තොල් උඩ තොල් තියන් හිටිය ජන්කුක් , ඊලග තප්පරේ ඒව ටේහියුන්ගෙ තොල් මත එහෙ-මෙහෙ කරන්න ගත්තෙ, ටේහියුන්ගෙ බෙල්ලෙන් එක අතක්ද , හීනි ඉන වටේ අනිත් අතද යවන ගමන්.......

ටේහියුන්ට තාම හිතා ගන්න බෑ මොකක්ද ඒ උනේ කියල. එයා ඉන්නෙ තාමත් එක විදියකට හිට ගෙන. එයා හෙල්ලුනේවත් නැ. එයාගෙ එක අතක තාම අයිස්ක්‍රීම් එක, අනිත් අතේ ඇගිලි දිග ඇරිලා, හරියට පිලිමයක් වගේ... ටේහියුන් හෙල්ලුනේ, ජන්කුක් ටේහියුන්ගෙ තොල් එයාගෙ තොල් වලින් ඇද ඇද උරනකොට පොඩ්ඩක් එයාගෙ හිප් එක එහෙ මෙහෙ උනා වොතරයි... ඒකත් උනේ ටේහියුන්ට නොදැනි...

ජන්කුක් නම් ඇස් දෙක පියාගෙනම ටේහියුන්ගෙ තොල් වල රහ බලනව. එයා ඉන්නෙ ටේහියුන්ගෙ තොල් වල තියෙන රහට වහ වැටිල. ඒකයි ජන්කුක් එයාගෙ මූන හැම පැත්තටම හරෝ හරෝ ටේහියුන්ගෙ තොල් කිස් කලේ....

ජන්කුක්ගෙ ඇස් ටේහියුන්ගෙ තොල් නිසා එයාට දැනෙන හැගීමට පියවෙලා තියෙද්දි, ටේහියුන්ගෙ ඇස් වලින් එකපාරට කදුලු ගලන්න ගත්ත.
මේ වෙනකොට ජන්කුක් එයාව කිස් කරනව කියල ටේහියුන්ට තේරිලා තිබුන. ඒ වගේම ටේහියුන්ට මේ ඇඩෙන්නෙ, සතුටට.....

එයා කවදාවත් හිතුවෙ නැ ජන්කුක් එයාව මෙහෙම කිස් කරයි කියල. ජන්කුක්ට ආදරෙ කලාට ටේහියුන් , ඒ හැම හැගීමක්ම යටපත් කරගෙන හිටියෙ, එයා දුප්පත් නිසා. සල්ලි නෑ කියන්නෙ, එතන ලස්සන ජීවිතේ වගේම, සතුටත් නෑ කියලයි ටේහියුන් විශ්වාස කලේ...
( ඒකෙ බොරුවක් වගේම ඇත්තකුත් තියෙනව නේද....)

ටේහියුන්ගෙ ඇස් වලින් කදුලු ගලන්නෙ, එයාට ඒ වෙලාවෙ දැනුනු කියා ගන්න බැරි තරම් උන සතුට නිසා.

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now