< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >

273 40 1
                                    

" යාහ්...!!!! අත ඇරපන් යකෝ මාව..!!! උබලට කොහෙන් ආපු හයියක්ද මෙහෙම මාව නවත්තන්න ආහ්...!!!"

" ස්-සර්...සොරි ..ඒත් සර්ව ඇතුලට ගන්න එපා කියල අපිට සුගා බොස් කිවුව... අපිට සුගා බොස් කිවුවෙනම් ඒක Shadow බොස්ගෙ නියෝගයක් කියල...ඒක නිසා දැන් සර් කරුනාකරල මෙතනින් යන්න...අපිට සර්ව ඇතුලට යවන්න බෑ..."

" හහ්...! අනේ මේ...!! තමුසෙල ඔය තමුසෙලගෙ මහලොකු Shadow බොස්ට බය උනාට මම බය නෑ!! ඒ නිසා අයින් වෙනවාහ්..!!!"

"අ-නේ සර්...එහෙම කර්-"

" ටේටේ..!! ඔය ඇති එන්න අපි මෙතනින් යමු..!"

මෙච්චර වෙලා ලොකු හැඩි දැඩි බොඩිගාඩ්ල ටිකකට බැන බැන හිටිය හුරතල් , ලස්සන කොල්ලව තවත් ඒ වගේම ලස්සන , හුරතල් කොට කොල්ලෙක් ඇවිත් පැත්තකට ඇදගෙන ගියා....

" අතාරින්න චිමී මාව...මම අද ඕකුන්ට පෙන්නලම තමා එන්නෙ මම කවුද කියල..!! අතාරින්න මාව..!!!"

" ටේටේ...මේ අහන්නකො..කලබල වෙලා බෑනෙ ...පොඩ්ඩක් ඉන්නකො ඔහොම..."

ටේටේ..එහෙමත් නැත්නම් ටේහියුන් ..කිම් ටේහියුන් එයාගෙ හොදම යාලුව පාර්ක් ජිමින් එක්ක මේ ඇවිත් තියෙන්නෙ එයාගෙ එකම ආදරේ... එහෙම නැත්නම් ජන්කුක්ගෙ බිල්ඩින් එකක් ලගට...

Shadow නැත්නම් Drak shadow ඒක තමා ජන්කුක්ගෙ මාෆියා නම... Shadow කිවුවම ඒ නමට මුලු මාෆියා ලෝකෙම වගේ බයයි... ඒත් ඒ වගේම Shadow ව නැත්නම් ජන්කුක්ව ඇස් දෙකට දැකල තියෙන්නෙ ජන්කුක්ගෙ සමීපතමයො විතරයි... මොකද ජන්කුක් මාෆියා ලෝකෙ ඉන්නෙ වෙස් වලාගෙන..

සාමාන්‍යයෙන් ජන්කුක් එයාගෙ මාෆියා වැඩ වලදි එන තැනක් තමා මේ.. ඒක ජන්කුක්ගෙ කට්ටියට අමතරව ටේහියුනුත් දැනගෙන හිටියා...ඒ ජන්කුක් කියලද..?අප්පෝ නෑ..පස්සෙන් පන්නල ඇවිත්...
කොහොම හරි වෙනදටනම් හැම බොඩිගාඩ් කෙනෙක්ම ටේහියුන්ට යන්න දෙනව..මොකද ඒ හැම බොඩිගාඩ් කෙනෙක්ම ටේහියුන්ව දන්නව.. ඒත් අද ඉන්නෙ අලුත් අය.. ඒ අය ටේහියුන්ට ඇතුලට යන්න ඉඩ දුන්නෙ නෑ. ඒකනෙ අපේ ටේහියුන්ට කේන්ති ගිහින් තියෙන්නෙ...

" ටේටේ අපි අදට යමු...පස්සෙ දවසක එන්න බැරියෑ අනේ..."

" බෑ බෑ චිමී...මම කිවුවනෙ..අද කුකීව බලන්න ඕනිමයි..!! "

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now