|| Chapter 30 ||

1.1K 214 26
                                    

Vote karannakooo❤️
මාව Follow කරන්නකො😥...

ටික වෙලාවකින් සොන් ජී කට්ටිය ඉන්න තැනට ආවෙ, තව කොල්ලෙක් එක්ක.

" සුබ උදෑසනක් නම්ජුන් .."

"සුබ උදෑසනක් සොන් ජී..., මෙයාද අර ඔයා කියපු කෙනා...?"

නම්ජුන් ඇහුවෙ සොන් ජීගෙ එහාපැත්තෙන් හිටගෙන ඉන්න කොල්ල දිහා බලාගෙන...

" ඔහ් ඔව් නම්ජුන් .. මේ ඉන්නෙ යුන් වොන්. මගෙ මාමගෙ පුතා... එතකොට යුන් වොන් මේ ඉන්නෙ නම්ජුන් , අපි මෙයාල.කට්ටිය එක්ක තමා කැලේට යන්නෙ..."

සොන් ජී කට්ටියට යුන් වොන්ව අදුන්නල දෙද්දි, යුන් වොන් හිනා වෙලා කට්ටිය එක්කම කතා කලත්, එයා එක්කෙනෙක් දිහා දිගටම බලන් හිටිය. ඒ වෙන කවුරු දිහාවත් නෙවෙයි ජන්කුක්ගෙ බේබි දිහා..

" කොහොමද..? මම . ඔයාගෙ නම මොකක්ද ?"

ටේහියුන් ලගට ගිහින් යුන් වොන් හිනා වෙලා කතා කරද්දු, ටේහියුන්නුත් එයාගෙ ලස්සන හිනාව යුන් වොන්ට පෙන්වන ගමන් හිනා උනා...

" ලස්සනයි.."

" ම්.-මොකක්..? "

ටේහියුන්ගෙ හිනාව දිහා වශී වෙලා වගේ බලාගෙනහිටිය යුන් වොන් ටේහියුන්ගෙ ඇග දිහා බලාගෙන එහෙම කියනකොට, ඒක ඇහුන ගමන් අපහසුතාවයට පත් උන ටේහියුන් ඇස් ලොකු කරගෙන යුන් වොන් දිහා බැලුව..

" ඔහ්..නෑ..මම මේ කිවුවෙ..ඔයාගෙ හිනාව...ඒක ලස්සනයි කියල.."

කියපු කතාව.මොකක්ද කියල තේරුන ගමන් හොද සිහියට ආව යුන් වොන් එහෙම කිවුවම ටේහියුන් අපහසුවෙන් හිනා උනා..

" ස්.-ස්තූතියි..."

" ඉතින් ඔයා මට ඔයාගෙ නම කිවුවෙ නැනෙ ..."

" ටේ..ටේහියුන් තමා මගේ නම.."

යුන් වොන් කලින් කරපු වැඩේ නිසා ටේහියුන් අහක බලාවෙන උත්තර දුන්නා.

" ඔහ්..ටේහියුන් ...මම ඔයාට ටේ කියන්නම්..කමක් නැනේ.."

" හ්-හා කමක් නෑ...හී.."

යුන් වොන් ටේහියුන්ගෙ උරහිසක් අල්ලන ගමන් එහෙම කියනකොට, ටේහියුන් ඇබරෙන ගමන් එයාගෙ උරහිස උඩ තිබ්බ අත අයින් කරන්න උත්සහ කලා..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now