|| Chapter 53 ||

933 172 13
                                    

" දොන්චන් ... උබ කියපු විදියට මේකද උබෙ බොස්ගෙ තැන.."

" ඔව් යුන්ගි සර්... ඔය ගෙදර තමයි බොස් හැංගිලා ඉන්නෙ.."

ජන්කුක්, යුන්ගි, ජිමින් , ටේ , සොන්ජීගෙ නෝන, ලීස, රෝස් මේ කට්ටියම වගේ දොන්චන් කියපු විදියට එයාලගෙ බොස් ඉන්න තැනට ආව. ජන්කුක් කොච්චර එපා කිවුවත් ටේහියුන් මේ ගමන එන එක නතර කලේ නෑ. ඉතින් එයත් ජන්කුක් එක්ක මේ ගමන ආව..

පැය 4 ක් විතර කැලේ ඇතුලටම ඇවිදගෙන ආව කට්ටිය නතර උනේ සාමාන්‍ය ගෙයල් ලග.. ඒගෙදර ගොඩක් ලොකු එකක් නෙවෙයි.. ඒත් දොන්චන් කියන විදියට එයාගෙ බොස් පොලිස්සියෙන් හැංගිලා ඉන්නෙ මේ ගෙදර...

ගේ ගාවට ගියාම ජන්කුක්ල දැක්ක ගේ වටේම ඉන්න ගාඩ්ල..ගෙදරට ටිකල් දුරින් ලොකු ගස් ටිකක් පිටිපස්සෙ කට්ටිය හැංගුනා..

" මෙතන ඉදන් මොකක්ද කරන්නෙ ජන්කුක් ..?"

" මොනා කලත් අපි පරිස්සම් වෙන්න ඕනි යුන්ගියා...

දොන්චන්.. අපේ කට්ටියව හිරකරන් ඉන්නෙ කොහෙද...?"

" එයාලව හිරකරන් ඉන්නෙ මේ ගෙදරට එහාපැත්තෙ තියෙන ගබඩා කාමරේ සර්... ඒකෙ වටේටනම් මීට වඩ ගාඩ්ල ඉන්නව.."

දොන්චන් එහෙම කිවුවම ජන්කුක් ටික වෙලාවක් කල්පනා කරන්න ගත්ත.. කලබල වෙන්නෙ නැතුව ඉන්න ජන්කුක් වගේම අනිත් අයත් ගොඩක් ට්‍රයි කලා.. ඒ වගේම මෙ හැම වෙලාවකදිම ජන්කුක්ගෙ එක අතක ටේහියුන්ගෙ අතක් පැටලිලා තිබුන..





" සර්.... "

ටික වෙලාවක් ගියාම දොන්චන් ජන්කුක්ට කතා කලා..

" කියන්න.."

" සර් අපේ බොස් හැමදාම කෙල්ලෙක්ව ගෙන්න ගන්නව... අපිට ඒකෙන් වැඩක් ගන්න බැරිද...?"

දොන්චන් එහෙම කිවුවම ජන්කුක් ටිකක් වෙලා කල්පනා කලා...
එකපාරටම ඔලුව උස්සපු ජන්කුක් යුන්ගි දිහා බැලුවෙ කටකොනෙන් හිනා වෙන ගමන්.. ඒ වෙනකොටත් යුන්ගි ජන්කුක් දිහ හිනා වෙලා බලන් හිටිය.

" යුන්ගියා...."

" කුක්කෝ.... උබටත් ආවෙ මට අපු දහසමද...?"

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now