|| Chapter 64 ||

1.1K 155 41
                                    

After 5 years

අවුරුදු 5ක්...ගොඩක් දේවල් සිද්ද උනත් අපේ කොල්ලො ටිකගෙ ආදරේ අඩු නොවුන අවුරුදු 5ක්....

එදා ටේහියුන් ප්‍රෙග්නට් උනාට පස්සෙ ජන්කුක් ගොඩක් සතුටු උනා වගේම බබා ලැබෙනකල් ජන්කුක් ඇස් දෙක වගේ ටේහියුන්ව පරිස්සම් කලා.. ටේහියුන් කොච්චර එපා කිවුවත් විශ්වාසවන්තම කට්ටියක් ගෙදර වැඩට ගත්ත ජන්කුක් පුලුවන් හැම වෙලේම එයාගෙ බේබි ලගට වෙලා හිටියා...

ප්‍රෙග්නට් උනාට පස්සෙ ටේහියුන් කැමති උනේ ජන්කුක්ගෙ දේවල් වලට..ජන්කුක්ටත් බනාන මිල්ල් බොන එක තර්ජනයක් උනා.. මොකද ටේහියුන් ජන්කුක්ටත් වඩා ඒවට ඇබ්බැහි උන... හැම්දාම උදේට නැගිට්ටම ටේහියුන්ගෙ කටේ තිබ්බෙ ,

" කූ...නාන මිල්කු..."

එච්චරයි...එච්චරම තමා...එයාගෙ නාන මිල්කු එක දුන්නෙ නැත්නම් ජන්කුක්ට වෙන්නෙ හො ගාල අඩන බබෙක්ව නලවන්න...

ජින් නම්ජුන් එක්ක ජන්කුක්ලගෙ ගෙදර අන්තිම කාලෙ ඇවිත් නතර උනා... ඒ ටේහියුන්ව බලාගන්න ලේසි වෙන්න..

ඔහොම මාස ගාන ගෙවිල යද්දි ජන්කුක්ගෙ හිතේ බය වැඩි උනා... එයාට බේබිව නැති වෙයිද කියලත් බය හිතුන..
ටේහියුන්ට අමාරු උනේ කට්ටියම එකට පාටියක් දාපු වෙලාවක... එදා පැය ගානක් කෑගහල කෑගහල ටේහියුන් එයාලගෙ ආදරේ සංකේතෙ මේ ලෝකෙට ගේනකොට මහලොකු නපුරු කුමාරය ඒ පැය ගානෙම කලේ බයට එන කදුලු හංගන් හිටපු එක..ඒත් අන්තිමට ලස්සනම ලස්සන පුලුන් බෝලයක් ටේහියුන්ව බලපු ඩොක්ටර් වෙච්ච ජින් එයාගෙ අතින් තියනකොට එච්චර වෙලා තද කරන් හිටපු කදුලු පල්ලම් බැස්ස..

එතන ඉදන් ඒ දෙන්නගෙ කතාවෙ අලුත් පිරුවක් පෙරලෙනකොට එයාල සතුටෙන් ජීවත් උනා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


එතන ඉදන් ඒ දෙන්නගෙ කතාවෙ අලුත් පිරුවක් පෙරලෙනකොට එයාල සතුටෙන් ජීවත් උනා...

ROUGH BOY AND TROUBLER || TKTempat cerita menjadi hidup. Temukan sekarang