|| Chapter 56 ||

849 148 15
                                    

පඩිපෙළ දිගේ උඩට ආව ජන්කුක් කාමරයක් ලග ඉන්න ගාඩ්ල 5 ක් විතර දැකල නැවතුනා..

ඒත් එක්කම වගේ යුන්ගි හෝසෙඔක් දෙන්නත් ජන්කුක්ගෙ පිටිපස්සෙ දෙපැත්තෙන් හිටගද්දි, මේ අයව ගාඩ්ල ටික දැක්ක..

" හහ්..එහෙනම් තොපි ආව..වරෙන් වරෙන් අපි බලන් හිටියෙ..."

යොන්ජුන්ගෙ ප්‍රදානම ගාඩ් එහෙම කියන ගමන් ඉස්සරහට එනකොට ජන්කුක් මූනෙන් කිසිම බයක් නෝපෙන්ව හිටිය.. ඇත්තටම ජන්කුක්ට බයකට කියල තිබ්බනම් ඒ එයාගෙ බෙබි ගැන විතරයි..

යොන්ජුන්ගෙ ගාඩ් ජන්කුක්ට ගහන්න පනිද්දි අත් දෙක සාක්කුවට දාගත්ත ජන්කුක් ගාඩ්ගෙ පාරවල් වලින් හරිම ලේසියෙන්ම බේරුනා.. යුන්ගි වගේම හෝසෙඔක් හිනා වෙවී මේ දිහා බලන් හිටියෙ.. ජන්කුක් කියන්නෙ කරාතෙ බ්ලැක් බෙල්ට්..ඒකෙත් 11 වෙනි ලෙවල් එකටම බෝහොම පොඩි කාලයකින් ආපු කෙනෙක්..

යොන්ජුන්ගෙ ගාඩ්ට මහන්සි වෙනකල්ම එහෙම කරපු ජන්කුක් අන්තිමට අත් සාක්කු වල තියෙද්දිම් උඩ පැනල පිටිපස්ස කකුකෙන් ගාඩ්ගෙ නිකටට ගැහුවෙ ගාඩ් පිනුමක්ම ගහල විසික් වෙලා යද්දි...ශොට් එකේ සැරට ඒ ගාඩ්ගෙ හක්ක ගැන කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියල ඒ වෙනකොටත් යුන්ගි කියල ඉවරයි...

ඒත් එක්කම වගේ අනිත් ගාඩ්ල ටිකත් එක එකා එද්දි ජන්කුක් යුන්ගිලට එන්න එපා කියල අතින් සන් කලේ මම බලාගන්නම් කියන ගමන්..
ජන්කුක් කියපු දේට ඔලුව වනපු යුන්ගි ටේහියුන්ව හොයන්න ගත්ත...

ජන්කුක් දිහාවට යකඩ පොල්ලක් උස්සන් ගාඩ් කෙනෙක් දුවන් එද්දි සාක්කු වලින් අත් එලියට ගත්ත ජන්කුක් එයාගෙ කකුකෙ ඇගිලි වලින් පොඩ්ඩක් උඩ පැනල ෆයිටින් එකට රෙඩි උනා...
කටකොනෙන් හිනා උන ජන්කුක් ගාඩ් පොල්ල උස්සල ගහද්දිම වේගෙන් පැත්තෙන් ගිහින් ගාඩ්ගෙ අතේ තිබ්බ පොල්ලෙ අයින අල්ලගෙන පොල්ල තමන්ගෙ අතට ගන්න ගමන් ගාඩ්ව බඩෙන් අල්ලල උස්සල පොලොවෙ ගැහුව...

ඒ වගේම තව ගාඩ් කෙනෙක් පිනුමක් එහෙම ගහගෙන ජන්කුක්ට ගහන්න ආව..කලබල වෙන්නෙ නැතුව ගහන එකක් ගහගෙන ගාඩ් තමන් ලගට එනකල් ඉවසීමෙන් බලන් හිටපු ජන්කුක් , ගාඩ් ලගට ආපු ගමන්ම හරියටම ගාඩ්ගෙ මූන මැදට පන්ච් කලේ ඒ එක්කම වගේ නාස් පොල්ල කැඩිල ගාඩ්ගෙ නහයෙන් ලේ ගලද්දි.... එහෙම්ම ඒ ගාඩුත් සිහිය නැතුව වැටෙද්දි ජන්කුක් හැරුනෙ ඉතුරු දෙන්න දිහාවට...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now