|| Chapter 4 ||

1.6K 245 119
                                    


After one week

Tae.P.O.V

එදා අර මනුස්සයගෙන් ජන්කුක්ල මාව බේරගෙන සතියක් ගියා...ඇත්තටම එදා මට ඒ වෙන්න ගියපු දේ මම ඔම්මට කිව්වෙ නෑ...මේ වෙනක්ල්...ඒ වගේම මම හිතා ගත්ත...සතියක් ගෙවිලත් ඒ මනුස්සය ආපහු නාව නිසා , ආයෙ එන එකක් නෑ කියල...ඉතින් ඔම්මට මේක හැමදාටම රහසක් කරනව කියල මම හිතා ගත්ත....

මොකද...ඔම්මට තියෙන ප්‍රශ්න හොදටම ඇති...එයා මාව බලා ගන්න, මට උගන්වන්න, මට කන්න දෙන්න ...හුගක් මහන්සි වෙනව...දැන් නම් ඔම්ම ටිකක් සතුටින් ඉන්නෙ , ඒ ඔම්මට අලුතෙන් රස්සාව ලැබුන තැන නිසා...ඔම්ම කියන විදියට ඒ ගෙදර ගෑනු කෙනෙක් නැති උනත් එහෙ ඉන්න අය ගොඩක් හොදයිලු..ඒ ගෙදර ඉන්න ඩොක්ට මහත්තයා ඔම්මට සතියකට දෙන ගාන පවා වැඩි කලාලු....ඒ ඔම්ම මම ගැන කිව්වට පස්සෙ කියල තමා කිව්වෙ, මට හොදට උගන්වන්න කියල ඒ මහත්තයා ඔම්මට සල්ලි දෙනව වැඩිපුර....

මේ හැම දෙයක්ම නිසා ඔම්ම ඉන්නෙ සතුටින්..., අනික ගියෙ සතිය තිබුන විබහගෙන්, මට හැමෝටම වඩා ලකුනු තිබුන..
( මේ යුනිවර්සිටි වල ඒම විබාග තියේ නේ🙂...මම දන්නෙ නෑ😪 )
මම පේපර් එක ඔම්මට ගෙනත් පෙන්නුවම ඔම්ම මාව බදාගෙන ගොඩක් වෙලා ඇඩුව...ඒ සතුටට... හරියට ඉන්න තැනක්, කන්න බොන්න, අදින්න එකක්.., මේ මොකුත් නැති මම මෙහෙම ලකුනු ගත්තම ඒකට සතුටු වෙන්නෙ මගෙ ඔම්මම තමයි........

ඉතින් මට පුලුවන්ද එච්චර සතුටෙන් ඉන්න මගෙ ඔම්මගෙ සතුට විනාස කරන්න....නෑ කවදාවත්....මම ඒකයි යුනිවර්සිටි එකෙ වෙන ප්‍රශ්න, මට යාලුවො විහිලු කරන ඒව පවා ඔම්මට නොකියන්නෙ..., ඇත්තෙන්ම මගෙ ඔම්ම දන්නෙ නෑ...මට යාලුවො නෑ කියල....මොකද මම මගෙ ඔම්මට කියල තියෙන්නෙ , මට යාලුවො ගොඩක් ඉන්නව කියල...මම තනි වෙලා නෑ කියල....ඔම්ම ඒකෙනුත් සතුටු වෙනව...ඉතින් මම කොහොමද ඒක විනාස කරන්නෙ...

Beeeeeeep Beeeeeeeep....!!!!

ඔම්ම ගැන කල්පනා කර කර ආපු මම ගැස්සුනේ ,.මගෙ පිටිපස්සෙන් ඇහුන ඒ සද්දෙට....මම පිටිපස්ස හැරිල බලනකොට දැක්කෙ....
මම ඉන්නෙ යුනිවර්සිටි එකේ ගේට් එක ඉස්සරහ පාරෙ මැද...මම හිත හිත ඇවිදල තියෙන්නෙ පාරෙ මැද...එතොට මගෙ පිටිපස්සෙන් ඇහුනෙ, අපේ තේවෝන් සර්ගෙ කාර් එකේ හෝන් එක...
මම ඒක දැක්ක ගමන් අයිනට වෙලා, ශටර් එකෙන් පේන තේවෝන් සර්ට ඔලුව නවල ආචාර කලා... ඒ වෙලාවෙ මට ඕනි උනේ ආචාර කරන්න නෙවෙයි, සමාව ගන්න...වැරැද්ද මගේනෙ....

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now