|| Chapter 25 ||

1.1K 218 62
                                    

තමුසේ..!! "

තමගෙ ඇගේ හැප්පිලා දැන් හුරතල් ඇස් වලින් තමන් දිහා බලන් ඉන්න ටේහියුන්ට ජන්කුක් කෑගැහුවෙ කියාගන්න බැරි තරම් ලොකු කේන්තියක් එයාගෙ හිතේ තියෙද්දි..

" ක්..කු..."

" ක්..කූ.. තමා..!!! අම්මප ගැහුවැහැකි කන පැලෙන්න මට...!! ගහප්...!!!! "

" කූ අනේ..."

ජන්කුක් තිබුන කේන්තියට වගේම බයටත් ටේහියුන්ට ගහන්න අත උස්සද්දි, බය උන ටේහියුන් ජන්කුක්ගෙ පපුව අස්සෙ ඔලුව ගහ ගත්තා...
ජන්කුක් මේ වෙලාවෙ ටේහියුන්ට ගැහුවත් ඒම සාදාරනයි..මොකද ටේහියුන් කරල තියෙන්නෙ නොකල යුතු දෙයක්...

" උබට පිස්සුද ආ..!!! අච්චර අර සොන් ජී එපා කියද්දි,.මේ රෑ කැලේට රිංගුවෙ..ආ...!!! "

" අ..අනේ කූ...බ්..බනින්න එපා..."

ජන්කුක්ගෙ කටහඩේ සද්දෙට බය උන ටේහියුන් , තව තවත් ජන්කුක්ගෙ පපුව අස්සෙගුලි ගැහෙද්දි, මෙච්චර වෙලා හොය.හොය හිටිය උනුහුම දැනෙනකොට ජන්කුක් ටික ටික සන්සුන් වෙන්න ගත්තා..

" කොහෙද මේ ආවෙ ..ආ..? උබ දන්නවද මම කොච්චර බය උනාද කියල...?"

කලින් වගේ නැතුව සන්සුන් හඩකින් එහෙම කියපු ජන්කුක් , එයාගෙ පපුවෙ ගුලි වෙලා හිටිය ටේහියුන්ව වඩා ගත්තා...

" කූ...අනී ස්..සමාවෙන්න ..."

ටේහියුන් ගෙ ඇස් දිගේ කදුලු ගලනව.. එයාට ගොඩක් සතුටුයි..ජන්කුක් මේ හැසිරෙන විදියට..ඒත් ටේහියුන් මොනා කිවුවත් ජන්කුක් කිසි දෙයක් කිවුවෙ නැ...

" කූ..අනේ කත්..තාකරන්නකො...තලාද මා එක්ක.."

කතා නොකරම ජන්කුක් ආපහු හැරිල එන්න ගද්දි, ටේහියුන්ට ඉකි ගැහුන. එයාගෙ මුලු ලෝකෙම වගේ ඉන්න එයාගෙ එකම ආදරෙ මේ වෙනකල් හොදට ඉදල, දැන් එයා එක්ක තරහ උනාම ටේහියුන්ට ඒක දරාගන්න බැරි උනා...

" කූ..අන්--- ආහ්...!!!!"

ජන්කුක්ගෙ කම්මුලකින් අල්ලල කතා කරන්න ගිය ටේහියුන් එහෙම්ම කෑගැහුවෙ, ජන්කුක් එයාව බිමට අතහැරිය නිසා...

නෑ..ටේහියුන් වැටුනෙ නෑ.. ජන්කුක් ටේහියුන්ව හරහට වඩාගෙන ගියේ.. ඉතින් ජන්කුක් අතහැරියෙ කකුල් දෙක විතරයි.. ටේහියුන්ගෙ උරහිස වටේ ජන්කුක්ගෙ ශක්තිමත් අත රැදිල තිබ්බා...

ROUGH BOY AND TROUBLER || TKDonde viven las historias. Descúbrelo ahora