|| Chapter 3 ||

1.6K 250 69
                                    

" ඔම්මා.....ඔම්ම... මම ආවා...."

ටේහියුන් ගෙට ගොඩ වෙන ගමන්ම ඔම්මට කතා කරගෙන ඇවිත් ගේ ඇතුලෙ තිබුන පුන්චි පුටුවකින් වාඩි උනා....

" අහ් ආවද ටේ බෙයා..."

ටේගෙ ඔම්ම ඇල් වතුර එකකුත් අරගෙන ආවෙ, සාමාන්‍යයෙන් ටේ ගෙදර ආපු ගමන් ඉල්ලන්නෙ වතුර වීදුරුවක් නිස....පෝසත් ලමයි කූල් ජාති ඉල්ලුවට ටේට ඒව නෑනෙ ඉතින් එයා ඉල්ලන්නෙ ඇල් වතුර.....

" ඔහ් ඔම්ම කොහේ යන්නද මේ ලෑස්ති වෙලා ඉන්නෙ....."

යූර ගෙ අතින් වතුර එක අර ගන්න ගමන් ටේහියුන් ඇහුවෙ, යූර හොදට ඇදගෙන ඉන්නව දැකල...

" මට ටේ බෙයාට කියන්න බැරි උනානෙ, මට අලුත් ගෙදරක වැඩක් හම්බ උනා ..."

යූර කිව්වෙ, ටේහියුන් බීල ඉවරවෙල දුන්න වතුර එකත් ටීපෝ එක උඩින් තියල, ටේගෙ එහා පැත්තෙන් ඉද ගන්න ගමන්...

" ඒ කොහෙද ඔම්ම..."

ටේ අතේ තිබ්බ බෑක් එක ගලෝල තියල, යූරට තුරුලු උනා. ඒක තමයි ටේගෙ එකම සැනසීම. ටේ ලෝබ ඒ උනුහුමට... ටික කාලෙකට.....😏

" ඒ ගේ තියෙන්නෙ ටවුන් එක ලග ටේ බෙයා....එහෙ ඉන්නෙ කොල්ලො තුන් දෙනෙක්ලු...එක්කෙනෙක් යුනිවර්සිටි යනවලු, ඒ ඒ පව්ලෙ පොඩි පුතා..ලොකු පුතා company එකක් බලාගෙන ඉන්නවලු, එතකොට එයාගෙ හස්බන්ඩ් ඩොක්ට කෙනෙක් එයත් ඉන්නෙ ඒ ගෙදරමලු.... එයාලගෙ අම්මයි,තාත්තයි පැරිස් වලලු....ඉතින් මට කතා කලා ඒ ගෙදර වැඩ ටික කරල ගෙදර බලාගන්න....."

යූර එයාගෙ තුරුලෙ ඉන්න ටේගෙ ඔලුව අත ගගා එයා අලුතෙන් වැඩට යන ගෙදර විස්තර කිව්ව....ටේත් ඉතින් ඒක අහන්නෙ නැතුව යූරගෙ තුරුලෙ නිදා ගන්න හදනකොටම....

" කෝ ....කෝ ....ටේ බෙයා...අයින් වෙන්න ඔම්ම යන්න ඕනි..."

" අනේ ඔම්ම...ඉන්නකො ටිකක්....."

ටේ තොලුත් පෙරලගෙන දුකෙන් වගේ කියනකොට යූර ටේගෙ නහය මිරිකුව...

" බෑ...බෑ...යන්න ඕනි පරක්කු නොවී..."

" හ්ම්ම්..ඒනම් ඔම්ම පරිස්සමෙන් යන්න....."

කියල ටේ යූරගෙ කම්මුලට කිස් එකක් දුන්නෙ මූනත් හරිම හුරතල් විදියට හදාගෙන....ඒකට යූරට හිනා ගියා....

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now