|| Chapter 5 ||

1.6K 233 68
                                    


යුන්ගි නැගිටල කෙලින්ම ගියේ...එයාවත් වට්ටල දුවපු කෙල්ල ලගට.... යුන්ගි හිටියෙ යකාවැහිල.....ඒ එයා වැටුන එකට නෙවෙයි.. නින්ද කැඩුනට....

" ඒයි තමුසෙ මොන මගුලටද මාව වැට්ටුවෙ ආ..."

යුන්ගි ඒ කෙල්ල ලගට ගිහින් ඇහුවෙ, අත් දෙකත් පපුව ඉසාරහින් බැදගෙන....

" හුහ්..."

යුන්ගි කියපු එකට මොකුත් නොකිය ගස්සල අහක බලා ගත්ත ඒ කෙල්ල, ආයෙත් ජන්කුක් දිහාවට හැරිල කතා කලා....

" අනේ කුකී ඔප්පා.... මේ බලන්නකො...මම කොච්චර ලස්සනද.... ඇයි අනේ ඔයාට මට ආදරෙ කරන්න බැරි..."

කටත් එක එක විදියට හද හද ඒ කෙල්ල ජන්කුක් ඉස්සරහ හුරතල් වෙද්දි, ජන්කුක්ට යකා නැග්ග...
ඇයි ඉතින් මේ එකෙක්ටවත් එයා කැමති නෑ...ඒක කිව්වට මේ සේනාව අහන්නෙත් නෑ......

" අනේ....කුකී ඔප්---"

" ආහ්...නවත්තපන් ඕක..."

සලාාාං...💥

යකා වැහුන ජන්කුක් අර කෙල්ල ආයෙ කියෝනවත් එක්කම , අයියෙන් කෑ ගැහල ඉදගෙන හිටිය තැනින් නැගිටල , එතනම් තිබුන වීදුරු මල්පෝච්චිය පොලේ ගැහුව....

ඒකටනම් මෙච්චර වෙලා දගල දගල හිටපු කෙල්ලො ටික ගැස්සිල දගලන එක නතර වෙද්දි, යුන්ගිල කට්ටියත් ගැස්සුනා.....

ටේනම් හිටියෙ හොදටම බය වෙලා...ජන්කුක් දිහා බලන්නත් බෑ ඒ තරම් දරුනු පාටයි..එයාගෙ ඇස් රතු වෙලා...අත්වල නහර පේනව.....
ජන්කුක් යකෙක් වගේ......

" තොපිට එක පාරක් කිව්වනෙ...මම තොපි එකෙක්ටවත් කැමති නෑ....ආයෙ එහෙම මෙහෙම මට කරදර කලොත්...මම බලා ගන්නම්...."

කට්ටියටම ඇහෙන්න කෑ ගහල කිව්ව ජන්කුක් , එයා ඉන්න තැනින් ගිහින් ඉදගෙන ඩෙස් එකෙන් ඔලුව තියා ගත්ත....

" ඇහුනෙ නැද්ද කියපු එක...දැන්වත් යනවල....."

තවමත් ජන්කුක් දිහා කන්න වගේ බලන් ඉන්න කෙල්ලො ටිකට යුන්ගි කිව්වෙ, ආයෙත් ජන්කුක් මුන් ටිකව දැක්කොත් මෙතන යකා නටන නිසා....

" යකෝ මුන්ට රැල පිටින් ගිනිතියන්න ඕනි..."

පුටුවෙන් වාඩි වෙන ගමන් යුන්ගි කිව්වෙ, එයාගෙ පස්සත් අත ගගා...මොනා උනත් තාම රිදෙනව ඇති......

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now