|| Chapter 24 ||

1.1K 196 21
                                    


ජිමින්වත් කාමරේ දාල ජන්කුක් යුන්ගි එක්ක ජිමින් කියපු කැලෑව පැත්තට දිවුව.. ජන්කුක් හොදටම බය වෙලා තිබ්බෙ.. මොකද එයා දන්නව දැන් එයා ටේට ආදරෙයි කියල. ඉතින් දැන් ටේහියුන්ට.මොකක්.හරි කරදරයක් උනොත් ජන්කුක්ට ඒක කොහොමටවත් දරාගන්න බෑ...

" ආයිශ්....!! ජිමින්.. කෝ..කොයි පැත්තෙද ඒ බෙරි ගහ තියෙන්නෙ...? "

මග දුරක් දුවල, ගහ තියෙන තැන දන්නෙ නැති නිසා.ජන්කුක් නතර උනා. ඒත් එක්කම පිටිපස්සෙන් දුවන් ආපු යුන්ගිත් ජන්කුක්ගෙ හුරහිසකින් අතක් තියම් මහන්සි ඇරියා..

" ඔ..ඔතන ...ඔය ලොකු ගලට එහා පැත්තෙ..."

හති අරිමින් දුවගෙන ආව ජිමින් එහෙම කියද්දි ඉක්මන් උන ජන්කුක් ගල පිටිපස්සට දුවන්න ගත්තෙ , එයාට වාරු වෙලා හිටිය යුන්ගි වැටෙන්න යද්දි.., ඒත් ඉක්මන් උන ජිමින් යුන්ගිව අල්ල ගත්තෙ හරියට Romantic kdrama එකක් වගේ..

" ඔ..ඔයා හොදින්ද ය්..යුන්ගි.."

ජිමින්ගෙ කම්මුල් රෝස පාට වෙනව යුන්ගි දැක්ක.. ඒත් ඒ වෙලාවෙ එයාට ඒක ගානක් නෑ..කොටින්ම පුදුම වෙලා ඉන්න නිසා යුන්ගිට එයා ඇල වෙලා මේ හේත්තු වෙලා ඉන්නෙ මොකකටද කියලවත් ගානක් නෑ..
ටික වෙලාවකින් ඒක මතක් උනාම යුන්ගි එක පාරටම නැගිට්ටෙ, යුන්ගිගෙ මූන දිහා බලාගෙන මේ වෙනකොට වෙනම ලෝකෙක මාලිගා තැනුව.ජිමින් උඩ යද්දි..

" අහ්ම්..ක්..කෝ ජන්කුක් ...වරෙන් යන්න..".

උගුර ටිකක් පාදපු යුන්ගි එහෙම කියන.ගමන් ජන්කුක් ගිය පැත්තට යන්න ගත්තම ,.ජිමිනුත් හිනා වෙවී දුවන්න ගත්තා..




ඔය අතරෙ ජිමින් කියපු පැත්තට දිවුව ජන්කුක් අන්තිමට ඒ බෙරි ගහ හොයා ගත්තා..

" ටේ..!! බේබි..!! "

ටේහියුන්ගෙ නම කියන ගමන් බෙරි ගහ වටේට ජන්කුක් කැරකුනත් ටේහියුන් පේන්න හිටියෙ නෑ..
බයට වගේම කේන්තියටත් ජන්කුක්ගෙ අත් මිට මෙලවෙද්දි, දැනටම මුලු මූනම දාඩියෙන් තෙත් වෙලා තිබුනා..

" බේබි කොහෙද ඔයා..!!?"

ජන්කුක් දිගටම කතා කලත්, කිසිම සද්දයක් නැති උනා. ඒකෙන් උනේ ජන්කුක්ගෙ බය එන්න එන්න වැඩි උන එක..
ඒත් එක්කම වගේ යුන්මින් දෙන්නත් එතන දුවගෙන ආව..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now