|| Chapter 27 ||

1.2K 207 16
                                    

vote - 70🙃

" ඒයි ටේ..."

" ඕ ජිමිනී...."

නාන්න රෙදි ටිකත් අරගෙන හිටපු ගෙදරින් එලියට එනගමන් හිටිය ටේහියුන්, ආයෙ එයාගෙ පිටිපස්සෙ එන ජිමින් දිහාට හැරුනා...

" උබට හිතෙන්නෙ නැද්ද ජන්කුක් උබට කැමතියි කියල..."

ජිමින් ටේහියුන්ගෙ කන ලගට කරල අහනකොට , ඒක අහපු ගමන් ටේහියුන්ගෙ ඇස් ලොකු වෙලා ගියා.
ජිමින්ගෙ මූන දිහා බලල ,.ජිමින්ට හුරතල් විදියට ඔරෝපු ටේහියුන් , ඊලගට බැලුවෙ, යුන්ගි එක්ක කයිය ගහන ගමන් එයාල ඉන්න පැත්තට එන ජන්කුක් දිහා..

ජන්කුක් මේ හැසිරෙන විදියෙන්,.ජන්කුක් තමන්ට කැමති ඇති කියල ටේහියුන්ටත් හිතුනත්, එයා ඒ ගැන හිතන්න ගියෙ නෑ..මොකද බැරිවෙලාවත් ජන්කුක් එයාට කැමති නැත්නම්, ඒක අහන්න ගිහින් තමන් එක්ක ජන්කුක් අමනාප වෙලා, මේ ඉන්න විදියත් නැති වෙයි කියල ටේහියුන් බය උනා...ඉතින් එයා ජන්කුක් නේ දෙන හැගීම් විදල සතුටු වෙන්න හිත හදාගත්තා...

" මොකද උබ ඔරවන්නෙ... තොට තියෙන ලදරු මොලේට ඒක තේරෙන්නෙ නැති උනාට, මට හොදට තේරෙනව.."

ජිමින් එයා ගැන ආඩම්බරෙන් කියද්දි, ඒක අහපු ගමන් ටේහියුන්ගෙ කටින් හයියෙන් හිනාවක් පැන්නෙ, ඒ සද්දෙට යුන්ගි එක්ක කතාවක හිටිය ජන්කුක් එයාගෙ පැත්ත බලද්දි...ජන්කුක් බලපු ගමන් කම්මුල් රෝස කර ගත්ත ටේහියුන් අහක බලාගත්තෙ ,.මීට ටිකකට කලින් උන දේ ගැන එයාට තාමත් ලැජ්ජ නිසා... හැබැයි පටන් ගත්තෙ එයා කියල ටේහියුන්ට අමතක වෙලා තිබුනා.

" ඇයි ඇයි දැන්...මොකෝ උබ හිනාවෙන්නෙ..."

ගෙදරින් එලියට ආව කට්ටිය ගේ පිටිපස්සෙ තිබ්බ පොඩි පොකුන ලගට ගියා.. එතන යන ගමන් ටේහියුන් තාමත් හිනා වෙද්දි, ජිමින්ට කේන්ති ගියා...

" මොකෝ දිව දික් කරන්නෙ ආ..."

ජිමින්ව අවුස්සන්න හිතන් ටේහියුන් දිව දික් කරල ජිමින්ට විහිලු කර කර යද්දි , ටේහියුන්ට ඕනි උනා වගේම ජිමින්ට කේන්ති ගියා...
ඒත් කේන්තිය පාලනේ කරගෙන කටකොනෙන් හිනා උන ජිමින්, යන එක නතර කරා...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now