|| Chapter 31 ||

1.1K 207 57
                                    


Vote කරන්නනනන 🫂💚💜







සොන් ජි යුන් වොන් දෙන්න එක්ක නම්ජුන්ල කැලේට ඇතුලු උනා.එයාල කැලේට ගියේ දකුණු පැත්තෙන්.. සොන් ජීල කියන විදියට, අර කරදර කරන කට්ටිය දකුනු පැත්තෙ කැලෑවෙ නැ.. හැබැයි ඒ එයාල හිතන විදිය විතරයි..!

කොහොම හරි විශාල ගස් මැදින් එක පාර 5 දෙනෙක්ට විතර යන්න පුලුවන් විදියට තිබ්බ අඩිපාර දිගේ කට්ටියම කැලේ ඇතුලට ගියා...
ඉස්සරහින්ම සින් ජී , නම්ජින් දෙන්න වගේම ඊට පිටිපස්සෙන්, ටේහියුන් , ජිමින් දෙන්න ගියා. එයාල පිටිපස්සෙන් යුන් වොන් වගේම අන්තිමට ජන්කුක් ,යුන්ගි ,.හෝසෙඔක් තුන් දෙනා ගියා...

" බේබි..!! උබේ කොහේ හරි කහනවද මෙච්චර මේ පාරෙ ඉඩ තියෙද්දි, කැලෙන් යන්න ආ...!! "

ටේහියුන් පාරෙන් නැතුව වටේ කැලෑව ලගින් යන්න ගිය නිසා.ජන්කුක්ට යකා නැග්ගා. නම්ජින්ල ටිකක් ඉස්සරහින් ඉන්න නිසා එයා බේබි කියල හයියෙන්ම ටේහියුන්ට බැන්නා. හෝසෙඔක් මේ වෙනකොටත් යුන්ගිගෙන් විස්තරේ දන්නව...

" එතකොට ජිමින් උබට කොහොමද කියන්න ඕනි ආ...? වරෙන් පාරට.!! නැත්නම් දෙන්නෙ පුපට පයින්..!! "

ඊලගට ටේහියුන් වගේම පාරෙ දෙපැත්තෙන් ගිය ජිමින්ට හම්බ උනෙ යුන්ගිගෙම් බැනුමක්. යුන්කුක් දෙන්න මේ මුන් දෙන්නව ආරක්ශා කරනව.
හෝසෙඔක් නම් හිනා වෙවී ආවෙ, කිසිම කතා බහක් නැතුව ගිය යුන් වොන්ගෙ ඇස් ටේහියුන්ගෙ ශරීරෙ පුරා දුවද්දි...

" ආ මේ යුන්ගි මට උබට දෙයක් කියන්න තියේ බන්..."

" එදා රූම් එකේදි කියන්න හදපු එකද..? "

" ඔව්.."

" මටත් කියාම්කො බම්ලො ඉතිම්.."

"වරෙන් වරෙන් හොබා.. උබත් දැනගන්න ඕනි මේව.."

ජන්කුක්ල කතා කර කර ඉස්සරහට ආව.. හැබැයි ටේජිමින් දෙන්න දිහත් බලන්න අමතක කලේ නැ. යුන්කුක් දෙන්නගෙ කටේ සද්දෙට දැන් දෙන්නම පාරට ඇවිත් උනත්, හුරතල් කම නිසා මෝඩ වැඩ කරයි කියන බය ඒ කට්ටියට තිබ්බා...

" බන් ජ්- "

" කට්ටියම පරිස්සමෙන් එන්න. ඉස්සරහ ගල් ටිකකින් නගින්න තියෙන්නෙ, ටික දුරයි, ඊට පස්සෙ අපිව ආයෙ අඩිපාරකට වැටෙනව... වැස්ස නිසා ගල් ලිස්සනව බලාගෙන එන්න."

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now