|| Chapter 32 ||

1.2K 213 81
                                    


Vote කරන්නනනන 🙃❤️

කට්ටියට ගල් ටික නැගල ඉවර වෙන්න පැය කාලක් විතර ගියා.
අන්තිමටම අවෙ ටේකුක් දෙන්න. ඒ දෙන්න එනකොට අනිත් අය නැගල ඉදගෙන ඉන්නව. ඇත්තටම මේ වෙලාවෙ නම්ජින් දෙන්න එයාල දිහා බලාගෙන ඉන්නෙ කියන එක ජන්කුක්ට අමතක් උනා.

ටේහියුන්ව වඩාගෙනම අනිත් අය ඉන්න තැනට ආව ජන්කුක් , ටේහියුන්ව බිමින් තියල එයත් ගලක් උඩින් වාඩි උනා.
එතකොට තමයි ජන්කුක් දැක්කෙ නම්ජින් දෙන්නව. හැමදේම දකින්න ඇතියි කියල මීටර් වෙනකොට එයා ඉක්මනට බැලුවෙ ටේහියුන් දිහා, එයා නම් ජිමිනි එක්ක කතාව...

" කුක් ටේ බෙයාව උස්සගෙන ආපු එක හොදයි , මේ ගල්ගෙඩි ගොඩේ වැටුනනම් එහෙම හමයයි...නේද ජුන්..."

" ඒකනෙ... කුක් අපේ ටේ බෙයාව ඔයාට බාරයි හොදද.. පරිස්සම් කරපන් මේකව.."

නම්ජුන් කිවුවෙ එයාට එහා පැත්තෙ හිටිය ටේහියුන්ගෙ කොන්ඩෙ අවුල් කරන ගමන්..

ඇත්තටම ඒ වෙලාවෙ ජින්නුයි නම්ජුනුයි එහෙම කිව්වෙ, එයල ජන්කුක් කලබලවෙලා ඉන්නෙ කියල දැක්ක නිසා. නම්ජින් දෙන්නට ඕන උනේ නෑ ටේකුක් දෙන්න ගැන එයාල දන්නව කියල ජන්කුක්ලට අගවන්න..ඒකයි එයාල ටේහියුන්ව බලාගන්න කියල ජන්කුක්ට කියන ගමන් ජන්කුක්ගෙ කලබල ගතිය නැති කලේ...

" මම කරන්නම් හියුන්..හැබැයි මූ කියන දේ ඇහුවෙ නැත්නම් මගෙන් ගුටි කනව හොදද..."

ජන්කුක් ටේහියුන් දිහා බලල ඔරෝල කියනකොට, ටේහියුන් තොල විකාගෙන බිම බලාගත්තා.

" හා හා.. උබේ අරක කඩනව මම මගෙ බෙයාට මොනා හරි කරල තිබ්බොත්....එන්න බෙයා මෙහෙට..."

ජින් ජන්කුක්ට තර්ජනේ කරන ගමන් ටේහියුන්ට කතා කලාම, ටේහියුන් ඉක්මනට ගිහින් ජින්ට තුරුලු වෙලා ජන්කුක්ට දිව දික් කලේ ජන්කුක් හිනා වෙවී අහක බලාගනිද්දි.. ටේහියුන්ගෙ මේ හුරතල් වැඩ වලට එතන හිටිය අනිත් අයටත් හිනා...




" හරි එහෙනම්..අපි යමු නේද නම්ජුන් ..?"

විකාර වලට හිනා වෙවී ඉදල, සොන් ජී නැගිටල කිවුව.

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now