|| Chapter 37 ||

1.1K 209 82
                                    

" මගේ හිතේ ඔයා ගැන එහෙම කිසිම හැගීමක් නැ බන්..."

" ම්- මොකක්..? ක්..කුකී ඔයා..ඉහි.."

" ටේ ! බේබි ඔහොම නවතින්න .....ආයිශ්..!!"

ජන්කුක්ගෙ වචන අහපු ගමන් ටේහියුන්ට හයියෙන් ඉකි ගැහුන. මේසෙන් බැහැල එතනින් වේගෙන් ටේහියුන් දුවන්න ගත්තෙ නිමක් නැතුව එයාගෙ ඇස් වලින් ගලන කදුලු ගැනවත් හිතන්නෙ නැතුව.

" ආහ්හ්..!!! ක්-කුකී..."

වේගෙන් අඩන ගමන් දිවුව ටේහියුන් බිම තිබ්බ උලක කකුල හැප්පිලා බිමට වැටුනා. ටේහියුන්ගෙ බෝල ඇස් වල කදුලු පිරිල තිබ්බ නිසා ටේහියුන්ට පාර පෙනුනෙ නෑ. ටේහියුන්ගෙ කකුල තුවාල වෙලා, රොස පාට යටිපතුල කැපිල ගිහින්.. කකුලෙන් දැනෙන වේදනාවට වඩා පපුවෙන් දැනෙන වේදනාව වැඩි වෙනකොට ටේහියුන් දිගටම කදුලු සැලුව.

" බේබි..! බේබි ඔයා කොහෙද...!!! මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඉන්න තැනකින් මෙහෙට එනව..! "

ඒත් එක්කම වගේ ජන්කුක් කෑගගහ එනව ඇහුන නිසා ටේහියුන් ඉකි ගැහෙන එයාගෙ කට එක අතකින් වහගෙන එතනම තිබුන ගහකට මුවා උනේ,.ජන්කුක්ට එයව නොපෙනෙන විදියට.

" ටේ...! "

ටේහියුන් හිටපු ගහ පිටිපස්සටත් ඇවිල්ල ජන්කුක් කෑගැහුවත්, ටේහියුන් කිසිම සද්දයක් නොකර හිටියා. ඇත්තටම ටේහියුන්ට කෑගහල අඩන්න ඕනි උනා. පුංචි කාලෙ ඉදන් දුප්පත් විදියට දුක් විදල හැදුනත්, ටේහියුන් රෝස මලක් වගේ. එයාට පුංචි තුවාලෙත් ගොඩක් ලොකුවට රිදුන. ඒ නිසා කකුලෙනුයි, පපුවෙනුයි ආපු වේදනා දෙකම එක පාර ටේහියුන්ට දරා ගන්න බැරි උනා.

" බෙබි ඔය්- ලේ.!? "

ජන්කුක් ආයෙත් ටේහියුන්ට කතා කරන ගමන් එතනින් යන්න හැදුවම,.ජන්කුක් දැක්කෙ එතන බිම වැටිල තියෙන ලේ පැල්ලම.

ටේහියුන්ගෙ කකුල ඇනුන උල ලග ඉදලම ගහ පිටිපස්සට වෙනකල් ටේහියුන් අමාරුවෙන් කකුල ඇදගෙන ආපු ලේ පැල්ලම් තිබුන. ලේ පැල්ලම් දැක්කම ජන්කුක් බය උනත්, ඒ පැල්ලම් තියෙන්නෙ ගහ පිටිපස්සට නිසා, අනිවාරෙන් ටේහියුන් එතන ඇති කියල හිතල ජන්කුක් ටිකෙන් ටික ගහ පිටිපස්සට එන්න ගත්තා.

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now