|| Chapter 41 ||

984 178 19
                                    


ජින්ල හිටපු තැනට ආපු මිනිස්සු ටික ඒ කට්ටියගෙ ඇස් බැදල එක්කන් ගියේ කැලේ බැද තිබ්බ ගේකට...

ඒක ගෙයක් කිවුවට බංකර ගෙයක්. හැමතැනම කලු ඇදගත්ත ගාඩ්ල ඉන්නකොට එක්කෙනා එක්කෙනා ගානෙ දම්වැලකින් බැදල තමයි කට්ටියව අරන් ගියේ.

බංකර ගේ ඇතුලෙ අදුරු කාමරේක පුටුටිකක ජින්ලව ගැට ගැහුව මිනිස්සු ටික කට්ටියගෙ ඇස් වල ගැටගහල තිබ්බ පටිය ලිහල දැම්මා.

" ආහ්... කොහෙද මේ..."

පටිය අයින් කරපු ගමන් නම්ජුන් කෑගැහුව. අනිත් අයත් ඒ වගේ තමයි. එක එක දේවල් කියෝ කියෝ කට්ටිය වට පිට බැලුවෙ මේ කොහෙද කියල හිතන ගමන්..

" ඒයි..!!! කොහෙටද මේ එක්කන් ආවෙ ආ..!! "

ඉන්නෙ කොහෙද කියන එක අදාලම නැති උන ජින් කෑගහන්න ගත්තා. නම්ජුන් අසරන විදියට ජින් දිහා බැලුවත් වැඩක් නෑ, අන්තිමේ ජින්ගෙ බෙලෙක් කටහඩ කාමරේ දෝංකාර දෙනකොට, කාමරේ දොර ලග එලියෙ හිටිය ගාඩ්ල ටික දොර ඇරගෙන ඇතුලට ආව.

" යාහ්..!! මොන පොන්නයද යකෝ එක පාරට කියන්නෙ නැතුව ලයිට් දාන්නෙ..!!?"

මොනා කලත් දැන් කවුරු හරි ඇවිල්ල බේරගන්නකල් බේරෙන්න වෙන්නෙ නෑ කියල තේරුන හෝසෙඔක් එහෙම කියන ගමන් දගලන එක නැවැත්තුව.

" උබලගෙ සද්දෙ වැඩියි..!!! අඩු කරගනින්...!!! "

ඒත් එක්කම වගේ දොර ලගින් ඇහුන ගැබුරු කටහඩට ගැස්සුන කට්ටියම ඒ පැත්ත බැලුව.

" උබල වැඩිය කෑගැහුවොත්, අපේ වැඩේ කරගන්නත් කලින් තොපිව මරල සත්තුන්ට කන්න දානව...! "

කලු ඇදගත්ත මිනිහෙක් කේන්තියෙන් රතු උන ඇස් වලින් එහෙම කියනකොට ජින් ඇරෙන්න අනිත් කට්ටියම බය උනා.

" අනේ ඇත්තට... සත්තුන්ට කඣ්ඣ දානවඣ..."

ජින් ඔච්චම් කරන ගමන් විහිලු කරනකොට දොර ලග හිටිය මිනිහගෙ ඇස් තද රතු උන.

" ජිනී...ප්ලීස්.."

කෑගහන්න එපා වගේ බැල්මකින් නම්ජුන් අසරන විදියට.ජින් දිහා බැලුව.

" ඇයි... උබත් බයද අර කලු වදුරට... නෙදකින් උබ වගේ පිරිමි..! තුහ් නොදකින්..!! තෝ වරෙන්කො ගෙදර ගියාම අරක උස්සගෙන, ආයෙ කතා දෙකක් නෑ කපනව සනික..!! "

ජින් නම්ජුන්ගෙ නම්බුව බම්බුවට දාල.බනිනකොට ජින්ට කියල වැඩක් නැ කියල.හිතුව නම්ජුන් හිද හුස්මක් අරන් අහක බලාගත්තා. ජින්ගෙ ඒ කතාවට කලු මිනිහගෙ පිටිපස්සෙ හිටිය බොඩිගාඩ්ල ටිකත් හිනා උනා.

" මුන් ගැන බලාගනින්...! "

කලු මිනිහ ගාඩ්ලට එහෙම කියල කාමරෙන් එලියට ගියේ ජින්ගෙ කෑගැහිලි ගානකට නොගෙන...





" දැන් ඉතින් ඔයාම ඩැඩී ලගට එයි මගෙ ඒන්ජල්..."

කාමරෙන් එලියට ආපු මිනිහ කටකොනෙන් හිනා වෙනගමන් එහෙම හිතල එතනින් පිට උනා.



" ජිනී....මොකද කරන්නෙ දැන්..."

" බය නොවී ඉන්න ජුන්..!! අර 4 දෙනා මොනා හරි කරයි..."

වැහිල ගිය දොර දිහා බලාගෙන ජින් එහෙම කියල සාමාන්‍ය විදියට හිටියෙ, නම්ජුන් තාමත් බයකින් ඉද්දි...



එතකොය මේ මිනිස්සු ඔකොම කට්ටිය එක්කන් ඇවිත් නෑ...එහෙනම් මගඇරිල ඉන්න 4 දෙනා කවුද...













ගෙස් කරන්න.....😌

කොටයි තමයි...ඒත් තව එකක් දෙනව ඉක්මනට එකක් නෙවෙයි දෙක තුනක්ම..එක පිට...ඒ නිසා vote කරන්න ප්ලීස්

Vote කරන්නනනනනන💚💚💚💚...

මාව Follow කරන්නකෝඕඕඔ😘😘😘 දැන් 248යි🥺තව දෙකෙන් 50යි😭❤️

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now