|| Chapter 46 ||

1.1K 178 59
                                    

vote - 100

ජන්කුක් ලීසලට කතා කරල දවසක් යනකොට වගේ ලීසල සොන් ජීගෙ නෝනත් තවත් කට්ටියකුත් එක්ක ජන්කුක් හිටිය තැනට ආව.

ජින්ල අරන් ගිහින් දවසක් උනත් ජන්කුක්ල ඉවසගෙන හිටියෙ කලබල වෙලා මොනා හරි කරන්න ගියොත් එයාලවත් අහුවෙයි කියන බය තිබුන නිසා. ඒ දවස ජන්කුක් වගේම අනිත් කට්ටියත් ඉවසගෙන හිටිය. හරියටම කිවුවොත් ජන්කුක් වගේම යුන්ගි දරාගෙන හිටියෙ ටේහියුන් , ජිමින් දෙන්න නිසා කිවුවොත් හරි.

" කුක්..කොහෙද යන්නෙ..."

ටේහියුන් කතා කලේ කට්ටිය කතා කර කර හිටපු තැනින් ජන්කුක් එකපාරටම නැගිට්ට නිසා.

" මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම් බේබි.."

" මාත් එන්නද.."

" නෑ නෑ.. ඔයා ඉන්න..."

ටේහියුන් එන්න හැදුවත් එයාවත් නවත්තපු ජන්කුක් එලියට ගියා. එ වෙනකොට දවල්.. කට්ටිය කූඩාරම් ගහල තිබ්බෙ ලොකු ගස් ටිකක් යට නිසා අවුව වැටුනෙනැතත් රස්නෙ ගතිය තිබුන.



කට්ටිය හිටපු තැනින් අයින් වෙලා ජන්කුක් ආවෙ එතන තිබුන ලොකු ගස් ටිකක් ගාවට. එතන ඉක්මනට ආපු ජන්කුක් වටපිට බැලුවත් එයාට කිසි දෙයක් දකින්න තිබ්බෙ නෑ.

" ශිට්..!!! මෙතනනෙ හිටියෙ.. කොහෙට ගියාද..!!?"

ටේහියුන්ලට ඇහෙයි කියල ජන්කුක් හිමින් කෑගැහුව.

කට්ටිය එක්ක කතා කර කර හිටිය ජන්කුක් නිකමට වගේ වටපිට බලද්දි දැක්කෙ කැලේ පැත්තෙ ගහකට මුවා වෙලා එයාල දිහා බලන් ඉන්න මිනිහෙක්ව. කට්ටියට කියල එයාලවත් කලබල කරවන්න ඕනි උනේ නැති ජන්කුක් ශේප් එකේ නැගිටල එතනින් ආවෙ කවුද ඒ හිටපු මිනිහ කියල බලාගන්න.

ඒත් ජන්කුක් එතනට එනකොට කවුරුත් හිටියෙ නැ. පොඩි දේටත් කේන්ති යන ජන්කුක්ට එවලෙ යකා වැහුනත්..එයා ටිකක් ඉවසල වට පිට බල බල සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න කැලේ ඇතුලට ගියා.

ජන්කුක් ටික දුරක් යනකොට දැක්ක ගහකට මුවා වෙලා ඉන්න කෙනෙක්. ඒ කෙනා හිටියෙ ජන්කුක්ට පිටුපාල උනත් ඒ කෙනාගෙ අත ජන්කුක් හොදට දැක්ක. ඒ ඉන්නෙ තමන් කලින් හොයම් ආපු.මිනිහ තමයි කියල තප්පරයක් යන්න.කලින් තේරුම් ගත්ත ජන්කුක් ,.හිමින් සැරේ ගහ ලගට ලං වුනා.


ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now