|| Chapter 49 ||

954 177 14
                                    


"සර්ලට මම බොස් ඉන්න තැනයි, සර්ලගෙ අනිත් කට්ටිය ඉන්න තැනයි හොයාගන්න උදව් කලොත්...මටත් උදව් කරනවද....?"






" මොකක්..? "

අර මනුස්සය එහෙම කියනකොට, ඒක අහල එතන හිටිය ජන්කුක්ගෙ වගේම අනිත් අයගෙත් ඇස් උඩ ගියා.

" ඔව්....සර්ලට මම උදව් කරන්නම්... මට උදව් කරනවද...?"

ඒ මනුස්සයගෙන් මූනෙ බොරුවක්, වන්චාවක් කරන සේයාවක් වත් තිබුනෙ නෑ.

ඒ මනුස්සය දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය ජන්කුක් , ඒ මනුස්සය ලගට එයා ඉදගෙන හිටිය පුටුව ඇදගෙන ගිහින් ලගින් වාඩි උනා. යුන්ගිලත් අනිත් කට්ටියත් එක්ක ජන්කුක්ගෙ වටේට ආව.

මේ වෙනකොටත් වතුර බොන්න විතරක් ලෙහල තිබ්බ අර මනුස්සයගෙ අත් ගැටගහලයි තිබුනෙ.

" හොදයි අපි බලමු...හැබැයි...තමුසෙ දැන් අපිට කියන්න ඕනි, තමුසෙගෙ බොස්ට තමුසෙ විරුද්ද වෙන හේතුව.."

ජන්කුක්ගෙ වචන වලනම් අර මනුස්සයව විශ්වාස කරන බවක් පෙනුනෙ නැ, ඒ කටහඩ වගේම වචනත් කලින් වගේම ගැඹුරු වෙද්දි, ජන්කුක්ගෙ ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය අර මිනිහ ඇස් දෙක ටික වෙලාවක් පියාගෙන හිටිය..

" ඒ කාලකණ්නිය මගෙ අක්කව රේප් කලා..!!!! "

ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන ඉදල එකපාරටම ඇස් දෙක ඇරපු ඒ මිනිහ ඒ වචන ටික හයියෙන් කිවුවෙ, කෑගහල අඩන ගමන්..

කට්ටියගෙම වගේ ඇස් උඩ ගියේ ඒ වචන අහල.අඩුම ජන්කුක් උනත් මේ වගේ දෙයක් අහන්න වෙයි කියල බලාපොරොත්තු උනේ නෑ.

" මගෙ අක්කව රේප් කරල.. උන් මගෙ නංගිවත් අල්ලගත්ත..!!!! "

තවමත් එක දිගට අඩන ගමන් ඒ මනුස්සය එහෙම කියනකොට, කට්ටියටම පුංචි දුකක් දැනුන. ඒ වගේම මේවෙනකොටත් ටේහියුන්නම් හිටියෙ අඩන ගමන්..මොකද මේ වගේ ඒව එයාට දරාගන්න බෑ ..

" හ්ම්ම්ම්.... එතකොට කෝ දැන් ඔයාගෙ නංගි..?"

ටික වෙලාවක් ඉදල ජන්කුක් එහෙම ඇහුව.
කේන්තියට රතු වෙලා තිබුන ඇස් වලින් ජන්කුක් දිහා බලපු ඒ මිනිහ,

" ඌ මගෙ නංගිව හිරකරගෙන ඉන්නෙ..නංගි ඉන්න තැන මම දන්නව.. ඒත් මට එතනට යන්න විදියක් නෑ..!"

එහෙම කියන ගමන් යුන්ගි දිහා බැලුව.

" මට ඔයාලට කිසිම කරදරයක් කරන්න ඕනි නෑ බුදු මහත්තයෝ... මම ඒ මිනිහ ලග වැඩට ගියේ නංගිව බේර ගන්න පුලුවන් වෙයි කියල හිතාගෙන, ඒත් ඒක ලේසි නෑ, අර මිනිහ ජීවත් වෙනකල් ඒක කරන්න බෑ..."

" හරි මේ අහන්න... අපිට ටිකක් කතා කරන්න ඕනි, අපේ තීරණේ ඔයාට කියන්නම්...."

එහෙම කියපු යුන්ගි ,. සොන් ජී එක්ක ආපු කට්ටියක් අර මිනිහ ලග තියල , ජන්කුක් වගේම අනිත් කට්ටියවත් එක්කගෙන එතනින් වෙනත් තැනකට ගියා.























හායි...හී හී😺😺

සූටියි තමා ඒත් ගනන් ගන්න එපා හුදේ🥲🥲🥲

vote කරන් යන්ඩෝ....

මේහ් මට දැන් කතාව මතක නෑ🥲 මම මේකෙ සොන් ජීගෙ, සොන්.ජීගෙ වයිෆ්ගෙ, එතකොට යුන් වොන් ලගෙ ෆොටෝ දැම්මද...????

අනේ මට මතක නෑ... ඔයාලට මතකනම් කියන්නකො අලෝ😕😕😕

මම යනව ගායිස්...බායි👋👋👋

මාව follow කරන්ඩෝ🙊🙊🙊
දැම් 297 යි🥺 තව 3කින් 300 යි!!!!!💥💥💫

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now