|| Chapter 50 ||

1.1K 176 28
                                    


" උබ කියන්නෙ අපිට ඌව විශ්වාස කරන්න පුලුවන්ද යුන්ගියා..."

කට්ටියම හිටියෙ අර මිනිහ කිහපු දේවල් ගැන සාකච්චා කරන ගමන්.. මේ වෙලාවෙ එයාලට හොදට හිතල බලන්නෙ නැතුව තීරනයක් ගන්න බෑ..ඒම අවදානම්.. ඒ නිසා කට්ටියම එක තැනකට වෙලා අර මිනිහ කියපු දේවල් ගැනයි, ඒ මිනිහට උදව් කරනවද කියන එකයි සාකච්චා කලා..

" ඔව් ජන්කුක් ...මට හිතෙනව ඒ මිනිහ ඇත්ත වෙන්න ඇති කියන්නෙ කියල..."

" ඒක ඇත්ත කුකී...අපි පොඩ්ඩක් ඒ මිනිහ කියන එක කරල බලමු..අපිට හියුන්ල ඉන්න තැන දැනගන්න වෙන ක්‍රමයක් නෑනෙ.."

ජන්කුක්ගෙ ඔඩොක්කුවෙ වාඩි වෙලා හිටපු ටේහියුන් එහෙම කියනකොට අනිත් අයත් ඔලුව වැනුවෙ ඒක ඇත්ත කියන්න.. ඇත්තටම මේ වෙලාවෙ හැටියට වෙන විකල්පයක් එයාලට මතක් උනේ නෑ..

[ ඒ කියන්නෙ ඔතරිට මතක් උනෙත් නෑ..😒 ]

" ම්ම්ම්..හරි අපි බලමු..."

























" ඒ කියන්නෙ සර්ල කැමතිද මම කියපු වැඩේට...?"

" ඔව්..හැබැයි අපිව රවට්ටන්න හිතන්නවත් එපා.. තේරුනාද...!?"

" ඔව් බොස් තේරුනා.. මම උදව් කරන්නම්..මාව විශ්වාස කරන්න..."

" ම්ම්ම්.."

එතන ඉදන් කට්ටිය ඒ.මිනිහගෙ බොස් ඉන්න තැන වගේම බොස් ගැන තොරතුරු අර මිනිහගෙන් දැනගත්ත.










ටික වෙලාවකින් කට්ටියම නැගිටල ගියේ අර මිනිහ කියපු විදියට ගමන යන්න ලෑස්ති වෙන්න.. ඒ මිනිහගෙ නම ...දොන් චන් ..

කට්ටියම කූඩාරම් වලට ගිහින් ඕනි කරන බඩු ඔඇක් කරගත්තා.

දොන් චන් කියපු විදියට .., එයාගෙ බොස් හොරකම් කරන කෙනෙක්.. ලොකු හොරකමක් කරල පොලිස්සියෙන් බේරෙන්න තමා එයා මේ කැලේ හැංගිලා ඉන්නෙ.. ඒ නිසා කැලේ එයා ඉන්න පැත්තට එන කාවවත් එයා පන පිටින් යැවුවෙ නෑ.

ඒ මිනිහට ගාඩ් එකට 100 යක් වගේ ඉදල තියනව.. දොන් චන් කියපු විදියට..ඒ .ඉනිහ ඉන්න තැන ලේසියෙන් හොයාගන්න බැරි තැනක් වගේම..ඒ තැන හදල තිබුනෙ කැලේ අනිත් පැත්තෙ ඒ කියන්නෙ පහ පාරට ලගම.. සැක නොහිතන විදියට..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now