|| Chapter 58 ||

967 163 42
                                    

After 5 months ago

එදා ජොන්හියුන්ගෙන් බේරිලා කට්ටියම එයාලගෙ කූඩාරම් ගහපු තැනට ගියා. තවත් එතන කාලෙ නොකාපු කට්ටිය බඩු ටිකත් අරගෙන එදාම කැලෙන් ආව...

සොන්ජීලගෙ ගමට ඇවිත් සොන්ජීලට නම්ජුන්ල ස්තූති කලා. දොන්චන් වගේම එයාගෙ නංගිවත් එක්කන් නම්ජුන්ල එදාම එයාල ආපු බස් එකේම සෝල් ආව...

සෝල් ඇවිත් නම්ජුන් ජිඔන් කම්පැනි එකේ සේවකයෙක් විදියට දොන්චන්ව බදව ගත්ත... දොන්චන් ඒකෙ වැඩ කරන ගමන්ම එයාගෙ නංගිට ඉගැන්නෙවුව.. ආයෙ එයා වැරදි මාර්ගෙ ගියෙ නෑ, නම්ජුන් උදව් කරපු අයව අමතක කලේ නෑ..

ජින් පුරුදු විදියටම වැඩ ටික කරගෙන යද්දි යූර ත් වෙනද වගේම ජිඔන් මැන්ශන් එකේ හිටිය.. ඒ සේවකයෙක් විදියට නෙවෙයි.. ජිඔන් පවුලෙම කෙනෙක් විදියට.. මොකද ජින් කිවුව යූරට,

" යූර ඔම්ම ඔයා අද ඉදන් අපේ පවුලෙම කෙනෙක් වගේ ඉන්න ඕනි හරිද... මම වැඩට අලුත් කෙනෙක් ගත්ත.. ආයෙ මට ගෙදර වැඩ එහෙම කරල අහු වෙන්න එපා හරිය... අනික තව ටික දවසකින් යූර ඔම්ම අපේ නෑයො වෙන්න ඉන්නෙ..."

" ඒ කොහොමද ජින් බේබි..?"

" හා හා..ඒ පැහිච්ච කම් වලින් වැඩක් නැනෙ..ඒ විදියට ඉන්නකො..ඉස්සරහට දැනගන්න ලැබෙයි..."

ජින් ඔය ටික යූරට කිවුවෙ එයාගෙ සෝස් පෑන් එකත් දික් කරගෙන... ඉතින් එදා ඉදන් එහෙම තමා...

කිවුව වගේම එයාල ගිහින් මාසෙකට පස්සෙ නම්ජුන්ගෙ අම්මයි තාත්තයි ඒ කියන්නෙ Mr.jeon and mrs.jeon කොරියාවට ආව.. එදා ටේහියුනුත් ගෙදර... ජන්කුක්ලගෙ ඔම්ම ආපු ගමන් කලේ ටේහියුන්ව අල්ලල හොල්ලපු එක..,

" අනේ කවුද ජින් පුතේ මේ බෝලෙ... මෙයා කොහෙන්ද මෙහෙට ආවෙ..පිටසක්වලෙන්ද...අනේ අපේ මහත්තයා...!!! මේ බලන්නකෝ.....,

මම අවුරුදු ගානක් හොයපු මගෙ බෑනව හොයාගත්ත..... කුකී මේ ලමයව බදින්න ලෑස්ති වෙන්න...!!!"

ඔච්චරයි...!!! Mrs.jeon දැක්ක මොහොතෙම ජන්කුක්ට ටේහියුන්ව බන්දනවයි කියල තීරණේ කරල ඉවරයි... හැමදාම mrs.jeon ගෙ තීරණ වලට එකග වෙච්ච mr.jeon ,පවා ටේහියුන්ට කැමැත්ත දුන්න...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now