< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >

117 25 0
                                    


අදත් වෙනද වගේම දවසක්.... ටේහියුන් අද ජිමින් එක්ක උදෙන්ම ජන්කුක්ලගෙ ගෙදරට ගියා... දන්නවනෙ ඉතින් හේතුව..?

ජිඔන් මැන්ශන් එකට ගිය ගමන් ටේහියුන් කලේ එයාගෙ හියුන් වෙච්ච ජින්ගෙ කරේ නැග්ග එක..

අනේ අම්මෝ ටේ බෙයා... ඔයා බරයි දැන්...

අනේ නිකන් ඉන්න හියුන්...මම බර නෑ...

නැත්තෙ මොකද..ඔයාව උස්සන්න අලියෙක්ට විතරයි පුලුවන්...

ඒකත් එහෙමද...එතකොට කෝ එහෙනම් දැන් මේ ගෙදර ඉන්න අලියා...

ටේහියුන් හිනා වෙවී එහෙම අහනකොට ජිනුත් හිනා උනා..මොකද එයා දන්නව ටේහියුන් මේ අහන්නෙ ජන්කුක් ගැන කියල..

ඔයාගෙ අලිය ආන් ඉන්නව උඩ .... බොක්සිං පුරුදු වෙනව යුන්ගිය එක්ක..

මෝ..! යුන්ගි හියුනුත් ඉන්නවද..!?

ජින් උඩ තට්ටුව පෙන්නන ගමන් ජන්කුක් යුන්ගි එක්ක බොක්සිං ප්‍රැක්ටිස් කරනව කිවුවම ජිමින් ඔක්කොටම කලින් කෑගහල ඇහුදෙ යුන්ගි ඉන්නවද කියල..

ඔව්...ඇයි ජිමින්..?

අහ්-මේ..නිකන් හියුන්..ඕ නිකම්..

ඒක මිසක්...ටේ බෙයා එහෙනම් උඩට යන්න.. මම කට්ටියටම බොන්න මොනා හරි හදාගෙන එන්නම්..

හරි හියුන් ...අපි එහෙනම් උඩට යනෝ...

ජිමින් දිහා බලන් මහ කුප්ප හිනාවක් දාල ටේහියුන් උඩට යනව කියල කෑගහගෙන ගියාම, රතු වෙලා හිටිය ජිමිනුත් ටේහියුන් පස්සෙ ඇදුනෙ ජින් මේ කෝලන් වලට හිනා වෙවී කිචන් එකට ඇදෙද්දි...ටේහියුන්ගෙ හිනාව වෙනුවෙන් ජින් ඕනම දෙයක් කරයි...

කුකී....මම ආවා....

යුන්ගි පන්චින් බෑග් එක අල්ලන් ඉන්නකොට , ජන්කුක් හිටියෙ පන්ච් කර කර... ජන්කුක්ගෙ වේගෙට යුන්ගි හිටියෙ ටිකක් ගැස්සි ගැස්සි... ඔය අස්සෙ ජන්කුක් බලාපොරොත්තු නොවුන වෙලාවක ටේහියුන් කෑගහගෙන දුවගෙන ගිහින් ජන්කුක්ගෙ කරේ එල්ලුනා...

අතාරිනව ටේහියුන් .... මට මේක කරන්න..

ජන්කුක් හොද හුස්මක් අරගෙන එහෙම කියල ටේහියුන්ගෙ පැත්තට හැරුනා..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now