< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >

136 24 0
                                    


යුන්ගි , හෝසෙඔක් දෙන්න තේ බීල, උදේට කාල එහෙම ජන්කුක් එක්කම ජිඔන් කම්පැනි එකට ආවා.. යුන්ගි හෝසෙඔක් දෙන්න ගොඩක්ම සම්බන්ද මාෆියා වැඩ වලට උනාට, ජන්කුක්ට කම්පැනි එක කරන්නත් මේ දෙන්න උදව් කලා.. තවත් පැත්තකින් හෝසෙඔක් ඩාන්සින් ඇකඩමි එකක් පටන් අරගෙන ඉන්නෙ..

" Good morning සර්.."

" Morning "

ජන්කුක්ගෙ අලුත් සෙකට්‍රි ජන්කුක් දැක්ක ගමන් නැගිටල ජන්කුක්ට ග්‍රීට් කලා.. කලින් එක්කෙනාට උන වැඩේ මතක ඇතිනෙ.. එයාව ටේහියුන් එලියට ඇදල දැම්මට පස්සෙ තමයි මේ අලුත් කෙනාව ගත්තෙ.. වෙනසක් නෑ.. මෙයත් ජන්කුක්ට පැනි හලනව.. ජන්කුක් තොත්ත බබා නෙවෙයිනෙ.. ජන්කුක්ටත් තේරුනා මේ කෙල්ලත් කලින් එකී වගේ නාඩගමක් නටන්න හදන්නෙ කියල..

" කවුත බන් ඒ අලුත් කෑල්ල..?"

සෙකට්‍රි ගැන හෝසෙඔක් ඇහුවෙ ජන්කුක්ගෙ කැබින් එක ඇතුලෙ සෝෆ එකෙන් වාඩි වෙන ගමන්.. ජන්කුක් කෙලින්ම කෝට් එක ගලෝන ගමන් එයාගෙ සීට් එකේ ඉදගන්නකොට , යුන්ගිත් හෝසෙඔක්ට එහා පැත්තෙන්ම වාඩි උනා..

" මගෙ අලුත් සෙකට්‍රි බන්.."

" අඩෝ සිරා... කලින් එකී වගේමද..? "

හෝසෙඔක් ඇහුවෙ හිනා වෙලා.. එන එන හැම එකාම එන්නෙ මොකටද කියල හෝසෙඔක් දන්නව..

" වෙනසක් නැ හොබා... ඔක්කොම ඒ වගේ තමා.."

" හැබැයි කුක්කො මන් අද කිවුවයි කියල මතක තියාගනින්... අනිත් ගෑනි වගේම ඔය ගෑනිවත් ටේහියුන්ම තමා එලියට ඇදල දාන්නෙ.."

සෝෆ එකේ ඇලවෙන ගමන් යුන්ගි ස්තීර හඩකින් කියනකොට ජන්කුක් මොකුත් නොකිය හිටිය.. එයා දන්නව ඇත්ත තමා කියල..

ටොක්....ටොක්....

" සර්..මම ඇතුලට එන්නද..?"

" එන්න..! "

ටිකකින් කැබින් එකේ දොරට තට්ටු කරල ජන්කුක්ගෙ සෙකට්‍රි කතා කලාම ජන්කුක් ෆයිල් එකක් බලන ගමන්ම කතා කලා.. ඒ වෙනකොට යුන්ගි නම් නිදි.. හෝසෙඔක් ගේම් ගහනව..

" සර් මේ ෆයිල්ස් ටික.."

සෙකට්‍රි කෙල්ල ජන්කුක්ගෙ අතින් ෆයිල් ගොඩක් තියන ගමන් කිවුවම, ජන්කුක් කිසි දෙයක් කතා නොකර ඒව චෙක් කරන්න ගත්තා.. හරිනම් ෆයිල් ටික දීල යන්න ඕන උනත් කෙල්ල ජන්කුක් ෆයිල් ටික චෙක් කරල ඉවර වෙනකල්ම හිටියා.. ඔය අතරින් පතර අවදානෙ ගන්න කරපු වැඩනම් ජන්කුක් නොදැක්ක වගේ හිටිය..

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now