< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >

131 22 0
                                    


" කුක් අපි බිල්ඩින් එකට ගිහින් එන්නම්. එතන මොකක් හරි අවුලක් වෙලා. "

" ඇයි යුන්ගි? මොකක්ද වෙලා තියෙන්නෙ "

" බිල්ඩින් එකේ කට්ටියක් අතරෙ පොඩි ෆයිට් එකක් ගිහින්. මට හිතෙන වීදියටනම් කවුරු හරි අපේ උන්ව හිතා මතා අවුස්සල. "

යුන්ගි එහෙම කිවුවම ජන්කුක් එයාගෙ ඇස් ලැප් එකෙන් අරගෙන සීට් එකෙන් නැගිට්ට.

" උබ කොහෙද යන්න හදන්නෙ ?"

" යමන් මමත් එනව දැන්."

" නැ උබ එන්න ඕන නැ. ජන්කුකා මමයි හොබයි මේක ශේප් කරගන්නම්. උබ කම්පැනි එකේ හිටපන්. "

" ශුවර්ද උබට..?"

" පකක් අහනවද බල්ලෝ..මම මේව කලින් බලල නැද්ද."

යුන්ගි කුනුහරපෙකුත් කියාගෙනම කැබින් එකෙන් එලියට ගියාම යුන්ගි යන්න කලින් මැද ඇගිල්ල පෙන්නපු එකට හිනා වෙවී ජන්කුක් ආයෙ එයාගෙ සීට් එකෙන් වාඩි උනා.

ටේහියුන්නම් හිටියෙ ජන්කුක්ගෙ කැබින් එකට අල්ලල තියෙන පොඩි කාමරේ. ජන්කුක් වටේ කැරකි කැරකි ඉදල අන්තිමට නිදි මතක් ආවම ටේහියුන් ඒ කාමරේට ඇවිත් නිදා ගත්ත. කොහොමත් ටේහියුන් උන්නද මලාද කියන එක ජන්කුක්ට අදාලම නැති එකේ, ජන්කුක්ට ටේහියුන් ඉන්නවයි කියන එකවත් ගානක් උනේ නැ.

ටිකක් වෙලා ජන්කුක් වැඩ කර කර ඉන්නකොට එයාගෙ පෝන් එකට කෝල් එකක් ආපු නිසා එයා පෝන් එක ආන්සර් කලා.

" හෙලෝ...ඔම්මා"

"කුක්... කම්පැනි එකේද ඉන්නෙ ? "

"ඔව් ඔම්මා. ඇයි?මොකක් හරි ප්‍රශ්නයක්ද..? "

"අනේ ඔව් පුතේ.. "

මිසිස් ජිඔන් කලබලෙන් කියනකොට ජන්කුක් ටිකක් කලබල උනා.

" මොකක්ද උනේ ඔම්මා.!? "

" කුක් පුතේ ටේ බෙයා කෝ..? "

" එයා ඉන්නව. ඇයි?"

" ටේබෙයාගෙ අප්පට කරදරයක් වෙලා. අනේ කුක් බෙයාට මේක කියන්න එපා. අප්ප විතරක් නෙවෙයි ඔම්මටත්... කොල්ලව මෙහෙට එක්කන් එන්න පුතේ.."

" හරි ඔම්ම මම එක්කන් එන්නම්.."

මිසිස් ජිඔන් වේදනාවෙ කියනකොට, ඒ ලගම වගේ ජින් කෑගහල අඩනවත් ජන්කුක්ට ඇහුන. ජන්කුක් කොච්චර ටේහියුන්ට අකමැති උනත් මිසටර් කිම් වගේම මිසිස් කිමුත් ජන්කුක්ට පුතෙක්ට වගේ ආදරේ කලා. ජන්කුක් උනත් එහෙමයි. ඉතින් එක පාරට මෙ වගේ දෙයක් ආරංචි උනාම මාෆියා කාරයෙක් උනත් ජන්කුක්ගෙ හිත කඩාගෙන වැටුන.

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now