< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >

126 23 0
                                    


" මොකක්!!? යුන්ගි මොකක්ද උබ කියන්නෙ!? "

" ඔව් කුක්! අපේ එකෙක් ඔත්තු බලනවයි කියල මාක්ගෙ උන් දැනගෙන.. අපේ එකාව අල්ලගෙන ඌ දසවද දීල මරල දාල.."

ෆෝන් එකෙන් සම්බන්ද වෙලා හිටිය යුන්ගි එහෙම ජන්කුක්ට කිවුවම ජන්කුක්ගෙ අත් මිටමෙලෞනා.. ජන්කුක් නායකයෙක් විදියට අකමැතිම දේ එයාගෙ මිනිස්සුන්ට අත තියෙන එක..

" කුක් අපි මොකද කරන්නෙ දැන්.. උන් දිගටම කෙල්ලොන්වයි කොල්ලන්වයි කිඩ්නැප් කරනව.. ඒ විස්තර ගැන දැනගන්නෙ කොහොමද..? "

යුන්ගි එහෙම කිව්වම ජන්කුක් ඇගිලි දෙකකින් නළල පිරිමැද්දා.. ජන්කුක් මේ වෙනකොටත් හිටියෙ හොස්පිටල් එකේ..

" යුන්ගි පස්සෙ මේ ගැන කතා කරමු බන්... පොඩි ප්‍රශ්නයක් වෙලා.."

" ඒ ඇයි කුක්..? "

" ජින් හියුන්ගෙ ඔම්මයි අප්පයි හොස්පිටල් එකේ බන්.. පොඩි කරදරයක් වෙලා..."

" කුක් අපි එන්නද..? "

" එපා යුන්ගි ... උබ හොබා ඒක්ක ඔතන වැඩ ටික බලාගනින්.."

" හරි කුක්.."

ෆෝන් එක ආයෙ සාක්කුවට දාගෙන ජන්කුක් හැරුනෙ ටේහියුන්ගෙ පැත්තට. ICU දොර ඉස්සරහ තිබ්බ බංකුවෙ ඉදගෙන ටේහියුන් මේ වෙනකොටත් අඩලම බාගෙට මැරිල.. මිසිස් ජිඔන්, ජින්,නම්ජුන් ඒ කට්ටියත් බංකු වල වාඩි වෙලා...

මොනා උනත් ජන්කුක්ගෙ හිතේ දුකක් තිබ්බෙ ජින් හියුන් ගැන විතරයි... ටේහියුන් ගැන ගානක් තිබ්බෙ නෑ ජන්කුක්ට.. දැක්කනෙ යුන්ගි එක්ක කෝල් එකේදි උනත් ජන්කුක් කිවුවෙ ජින් හියුන්ගෙ ඔම්මයි අප්පයි කියල..අඩුම එතනටවත් ජන්කුක් ටේහියුන්ව ගෑවුවෙ නෑ..

" බ්-බෙයා..! ගොඩ්..මේ කීවෙනි පාරද...."

මිසිස් ජිඔන් කෑගහගෙන ටේහියුන් ලගට දුවගෙන ආවා.. මොකද ටේහියුන්ට කලන්තෙ දැම්ම.. දැන් මෙතන ඇවිල්ල පැය පහක් වෙන්නත් ලගයි වගේම ටේහියුන්ට මේ වෙනකොට පස් පාරකට වඩා කලන්තෙ හැදුන..

ජන්කුක්ට කිසි ගානක් තිබ්බෙ නෑ.. රෝහල් සේවිකාවක් ඇවිත් ටේහියුන්ව බලනව.. ටේහියුන් සිහිය නැතුව මලකදක් වගේ බංකුව උඩ ඉන්නව.. ජන්කුක්ට ගානක් නෑ...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now