< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >

192 31 0
                                    


ජන්කුක් හිටියෙ උදේම නැගිටල කම්පැනි එකට යන්න ලෑස්ති වෙලා.. එයාට ඉතින් උනේ මොනාද කියන එක ප්‍රශ්නයක් නෙවෙයිනෙ..මේ ගෙව්න කාලෙ ඇතුලත ජන්කුක්ට නික්ම්වත් ඔම්මයි, අප්පයි මැරිල දුකින් ඉන්න ටේහියුන් ලගට ගිහින් කතා කරන්නවත් ඕන කමක් තිබ්බෙ නෑ...ටේහියුන් පන වගේ ජන්කුක්ට ආදරේ කලා..ඒත් ජන්කුක් ආදරේ කලේ නෑ ඒක ඇත්ත...ඒත් ජන්කුක් පොඩි කාලෙ ඉදන්ම ටේහියුන්ව දන්නව...අඩුම දැන ඇදුනුම් කමට.., නෑ කමටවත් ජන්කුක්ට ටේහියුන්ව බලන්න ඕන උනේ නෑ.. හැබැයි ජන්කුක් හැමදාම වගේ ජින් ගැන හොයල බැලුව...ජින්ගෙත් ඔම්මයි, අප්පයි මැරිල ඉන්නෙ..ඉතින් ජන්කුක් ජින් ලගින් හිටිය..හරියට ටේහියුන් කිම්ලගෙ ලමයෙක් නෙවෙයි ගානට ජන්කුක් හැසිරුනේ...

ටයි එක හදන ගමන් ජන්කුක් ලිවින් රූම් එකට ආව...

" පුතා..."

මිසිස් ජිඔන්ගෙ කටහඩට ජන්කුක් නතර උනා.. මිසිස් ජිඔන්ගෙ මූනත් මැලවිලා එයත් ඇඩුව..මොකද එයාගෙ එක කිස් උපන් සහෝදර තමයි කිම් කියන්නෙ..

" කියන්න ඔම්මා.."

ජන්කුක් මිසිස් ජිඔන් ලගින් වාඩි උනා...

" ටේහියුන් පුතාව බලන්න ගියාද...?"

මිසිස් ජිඔන් එක පාරට එහෙම ඇහුවම ජන්කුක් කලබල උනා..ගියෙ නැ කියල කිව්වොත් බනින නිසා.. ඒත් ජන්කුක් බොරු කියන්න ගියෙත් නෑ..

" නැ ඔම්මා.."

" ම්ම් හොදයි.. යන්න ගියපු ගමන යන්න.."

ජන්කුක්ගෙ ඔලුව අතගගා හිටිය අත වේගෙන් ගත්ත මිසිස් ජිඔන් ඒත් එක්කම වගේ සෝෆ එකෙන් නැගිටල යනකොට ජන්කුක් පුදුමෙන් බලන් හිටිය.. හැමදාම එයා ඔෆිස් යනකොට මූන ඉබල, එලියට එන ඔම්ම අද හැරිල ගියාම...

මිසිස් ජිඔන්ට කලකිරිලා.. මොකද එයා දන්නව ටේහියුන් ඉන්න වේදනාව..ඒ වෙලාවකදිවත් ඒ අසරණය ලගට යන්න බැරි තමන්ගෙ පුතා ගැන පලවෙනි වතාවට මිසිස් ජිඔන්ට කලකිරුන..උදේ පාන්දර කොහෙවත් යනකොට මොකුත් කියන්න හොද නැති නිසා කරබගෙන එතනින් ආවට.., ඇත්තටම ඒ වෙලාවෙ අත දිගඇරල ජන්කුක්ගෙ කනපුපුරන්න ගහන්න තරම් කේන්තියක් පවා මිසිස් ජිඔන්ට ඇති උනා...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now