< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >

473 73 11
                                    


" ඔම්මා..."

සෝෆ එකට වෙලා බර කල්පනාවක ගිලිල හිටිය මිසිස් ජිඔන් හරි සිහියට ආවෙ ජින්ගෙ කටහඩට...පඩිපෙළ බහින ගමන් හිටිය ජින් කතා කරගෙනම ඇවිත් මිසිස් ජිඔන් හිටිය සෝෆ එකට ඉස්සරහ සෝෆ එකෙන් වාඩි උනා...

" ජින් පුතා අදම යනවද...?"

මිසිස් ජිඔන් ජින්ගෙන් එහෙම ඇහුවම ජින් ලාවට හිනා උනා..ඒත් මිසිස් ජිඔන්ගෙ මූනෙනම් හිනාවක් තිබ්බෙ නෑ.. එයා තාමත් වේදනාවට හුරුවෙන ගමන්..ඒක ලේසි වැඩක් නෙවෙයි..

මිසිස් ජිඔන් ඉන්නෙත් දුකෙන් නිසා තමයි මෙච්චර දවසක් ටේහියුන් එක්ක හිටිය ජින් අද ජිඔන් මැන්ශන් එකට ආවෙ.. කිම්ලගෙ මරනෙ නිසා ජින් වැටිල හිටියත් එයාගෙ ආදරැණීයන් වෙනුවෙන් එයා ශක්තිමත් උනා..ගොඩක්ම ඒ වෙනුවෙන් ජින්ට උදව් කලේ නම්ජුන් ...එයා හොද ආදරවන්තයෙක් , හොද ස්වාමිපුරුශයෙක් වගේම මේ වෙලාවෙදි ජින්ට හොද අප්ප කෙනෙකුත් උනා... ජින් වාසනාවත්න උනා ඒ ආදරේ ලබන්න..ඒත් ජින්ගෙ එකම මල්ලි..!!!?

" අද යන්නෙ නෑ ඔම්මා.. ජුනිත් අද මෙහෙ ඒවි..."

" ඔය දෙන්නම මෙහෙ ඇවිත් එතකොට ටේහියුන් පුතා...එයා තනියමනෙ..."

මිසිස් ජිඔන් කතා කලේ දුකෙන්...කොච්චර කඩන් වැටුනත් ජින්ට එයාගෙ ආදරේ හිටියට ටේහියුන්ට ඒ ආදරේ එක විනාඩ්ඩියකට වත් ලැබුනෙ නෑ කියල මිසිස් ජිඔන් දන්නව...ඇත්තෙන්ම ඒ කාරනාවෙදි කොච්චර ආදරේ කරත් මිසිස් ජිඔන්ට ජන්කුක්ව එපා  උනා... එයා වචනේ පරිසමාප්ත අරතයෙන්ම හොද කෙනෙක්! ඒක ස්තීරයි..කාගෙවත් හිතක් රිද්දන්න හීනෙකින්වත් හිතන්නෙ නැති එයාගෙ පුතා මෙච්චර රාක්ශයෙක් උනේ කොහොමද කියන එක මිසිස් ජිඔන් හැම වෙලේම කල්පනා කරපු ප්‍රශ්නයක්...ජන්කුක්ව වශී කරල හරි ටේහියුන් ගාවට යවන්න පුලුවන්නම් මිසිස් ජිඔන් ඒකත් කරයි...මොකද එයා දැනගෙන හිටිය ජන්කුක් කොච්චර ටේහියුන්ට කමැති උනත් එයාගෙ නියම සතුට තියෙන්නෙ ටේහියුන් ලග කියල...

" මල්ලි තනියම නෙවේ ඔම්මා..අද ජිමින් එනව කිව්ව අපේ මැන්ශන් එකට..එය මල්ලි ගැන බලාගනී..."

" ලොකු දෙයක් ජින් පුතා ඒක... අපි හැමෝටම වඩා මේ ප්‍රශ්නෙද කඩන් වැටුනෙ ටේහියුන් .."

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now