< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >

507 104 17
                                    

ටේහියුන් එයාට පුලුවන් උපරිම වේගෙන් වාහනේ ඩ්‍රයිව් කලා..ඒ යන අතර මහ ජිමින්ට අකමැත්තෙන් උනත් යුන්ගිට කෝල් එකක් ගන්න උනා..මොකට ටේහියුන් කිව්ව එයාලට දැන්ම කියල දැනුවත් කරන්න කියල..

කිසිම වාහනයක් යන්නෙ නැති පාරෙ පුලුවන් ඉක්මනින් ඩ්‍රයිව් කරපු ටේහියුන් ලොකේශන් පෙන්නන තැනට ආව..එතන තියෙන්නෙ ලොකු කදු බෑවුනක් වෙනකොට ටේහියුන් ආපු කාර් එක ඉස්සරහින් ලොකු වාහන රවුමක් තිබ්බා..ඒකෙන් ඉස්සරහ මොකක්ද වෙන්නෙ කියක බලාගන්න පුලුවන් කමක් ටේහියුන්ට තිබ්බෙ නෑ..

" ටේ..ටේ..ඔහොම ඉන්න! පොඩ්ඩක් හොයල බලල වැඩක් කරන්න..දැන් මෙතනට කඩාගෙන බිදගෙන ගියා කියල මොකද කරන්නෙ ආ..?ජන්කුක්ට කරදරයක් නම් ඔයා කොහොමද තනියෙන් එයාව බේරගන්නෙ..යුන්ගි හියුන්ල දැන් මග එන ගමන්..එයාල එනකල් ඉන්න..!"

වාහනේ නවත්තපු ගමන් ඒකෙන් බැහැල දුවන්න හදපු ටේහියුන්ව නවත්තපු ජිමින් එහෙම කිව්වෙ කේන්තියකුත් එයාගෙ හිතට එද්දි.. මේ වගේ තැන් වලට ආව කියන්නෙ ජීවිතේ නැති වෙන එක පොඩි දෙයක්..ඒත් ටේහියුන් එයාගෙ මේ ජීවිතේ අනතුරේ දාගන්න හදන්නෙ එයාට සතෙක්ට තරම්වත් ආදරයක්, අනුකම්පාවක් දක්වන්නෙ නැති මනුස්සයෙක්ට නිසා ජිමින් මේ වෙකාවෙ හිටියෙ කේන්තියෙන්...

" අනේ චිමී..කුකීට කරදරයක්නම්..අනේ මම යන්නම් ප්ලීස්.."

ටේහියුන්ගෙ ඇස් වල කදුලු.. එයාට බයෙස් එයාගෙ කුකීට කරදරයක් වෙලා ඇති කියල..මොකද ජන්කුක්ට මොක උනත්, ටේහියුන්ටනම් ජන්කුක් කියන්නෙ එයාගෙ මුලු ලෝකෙම.. එක අතකිජ් ටේහියුන් කොච්චරනම් ආදරය නිසා අන්ද වෙලාද..?

" මම දන්නව..මට තේරෙනව ටේටේ..ඒත් මේක අස්සට ගිහින් උබට කරදයක් වෙනව මට බලන් ඉන්නද කියන්නෙ බන්..?"

" චිමී අනේ.."

ටේහියුන් ආයෙත් අඩන්න ගත්තම ජිමින් ඉක්මනට ටේහියුන්ව බදාගත්තා...ටේහියුන්ට දැන් කොහොමහරි ඕනි ඉක්මනට දුවල ගිහින් එයාගෙ කුකීට කරදරයක් නැ කියන එක තහවුරු කරගන්න..ඒත් ඒකට කලබල වෙලා බෑ...













ටික වෙලාවකින් යුන්ගි , හෝසෙඔක් කට්ටියත් එක්ක 100ක් විතර ජන්කුක්ගෙ කට්ටිය එනකොට ඒ අය එනව දැක්ක විතරයි ටේහියුන් කාර් එකෙන් බැහැල ඉවරයි... ජිමින් මේ වෙනකල් හරි අල්ලන් හිටියෙ නැත්නම් මෙලහකටත් ටේහියුන් දුවල..

" ටේහියුන්.."

දවල් ජිමින් පිස්සෙක් වගේ කිව්ව ටේහියුන්ව දැක්කම යුන්ගි කතා කලා..ටේහියුන් මෙහෙම හරි ඉන්න එක ගැන යුන්ගි වගේම හෝසෙඔකුත් සතුටු උනා..ඒත් ආගිය විස්තර කතා කරන්න වෙලාවක් නෙවේ මේක..

" එයාලගෙ අවදානෙ මම වෙනස් කරන්නම්..යුන්ගි හියුන්ල මෙයාලව වට කරන්න..!"

යුන්ගිදිහා බලන් එහෙම කිව්ව ටේහියුන් , යුන්ගි හිස වනනව දැක්ක ගමන් අර වාහන ගාලෙන් ඇතුලට දිව්වෙ, දෙවියන්ගෙන් එයාගෙ කුකීව ආරක්ශ කරල දෙන්න කියල ඉල්ලන ගමන්..


















හායි♡

සූටි එකක් ගෙනාවා...

අද කතා 3නේම update දුන්නා.. ඒ නිසා ටිකයි ලිව්වෙ..ආයෙ ඉක්මනට එන්නම්..♡

vote කරන් යන්..මාව follow කරන්න කස්ටිය🫂♥️

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now