< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >

507 112 22
                                    


" ආහ්!"

රතු පාටින් ඇදගත්ත විශාල ඇග වල් තියෙන මිනිස්සු පස් දෙනෙක්ට විතර හිර වෙලා හිටිය ජන්කුක් වේදනාවෙ කෙදිරි ගෑව..මොකද එයාගෙ අත් දෙකට දාල තිබ්බ මාන්චු කුට්ටන ජන්කුක්ගෙ අත් වලට වඩා ගොඩක් පුංචි වෙනකොට මේ වෙනකොටත් ඒව නිසා ජන්කුක්ගෙ අත් ලාවට කැපිල තිබුනා..

" වෙල් වෙල්... එහෙනම් මම අන්තිනට උබව අල්ල ගත්තා...එහෙම නේද Shadow ..!?"

ජන්කුක්ගෙ ඉස්සරහ බොඩිගාඩ්ල වට කරගෙන හිටිය මැක්ස්! එහෙම නැත්නම් ඔයාලට මතක ඇති මුල ඉදලම ටේහියුන් ගැන ඔත්තු බලපු කෙනා..? ජන්කුක් දිහා බලාගෙන අප්පොඩි ගහන ගමන් එහෙම කියනකොට කොච්චර වේදනාවක් ආවත් ජන්කුක් කටකොනෙන් හිනා උනා..

" උබ හිතන් ඉන්නෙ මහ ලොකු වැඩක් කලා කියලද..!?"

බයක් කියන දෙයක් ගෑවිලාවත් නැති ජන්කුක්ගෙ ඇස් දැක්කම මැක්ස්ගෙ කේන්තිය දෙගුණ තෙගුන උනා.. මැක්ස්ට වගේම එතන හිටපු අනිත් අයටත් පෙනුනෙ ජන්කුක්ගෙ ඇස් විතරයි..මොකද ජන්කුක් shadow විදියට යන හැම තැනම වගේ මූන ආවරණය කරගෙන තමයි ගියේ..තමන් කරපු වැඩේ ගැන කයි වාරු ගගහා ඉන්නව ඇර මැක්ස්ට තාම ඇත්තම shadow කියන්නෙ කව්ද කියන එක බලන්න සිහියක් තිබ්බෙ නෑ..

" ඔව් යකෝ! මම ලොකු වැඩක් තමා කලේ..මුලු කොරියාවම හොල්ලන් ඉන්න මාෆියා king shadow ! මම ඌව අල්ල ගත්තා..ඉතින් තවත් මොන කතාද..? "


වියරුවෙන්ම තමන් ගැන පම්පෝරි දොඩවන මැක්ස්ට ජන්කුක් ඇහුම්කන් දුන්නෙ නෑ..ඒ වෙනුවට ජන්කුක්ගෙ ඇස් තිබ්බෙ වෙනත් පැත්තක..

" බොස්! මේ කොල්ලා අපි ඉන්න තැනට එකපාරට දුවගෙන ආවා.!"

බොඩි ගාඩ් කෙනෙක්ගෙ අතකට හිර වෙලා ඉන්න ටේහියුන්ව දැම්කම ජන්කුක්ගෙ ඇස් ලොකු උනා..එයා කොයිම වෙලාවකවත් හිතුවෙ නැ ටේහියුන් මෙතනට එයි කියලා..
අනික් පැත්තෙන් මැක්ස් පවා පුදුම  උනා...මෙච්චර දවසක් එයා ඇගට වහ වැටිල විස්තර හෙව්ව කොල්ලම එයා ලගට ඇවිත් ඉන්නකොට කව්ද පුදුම් නොවෙන්නෙ..?

" ආහ්! ප්‍රිටී...ඔයා කෙහෙන්ද මෙතනට ආවෙ.. කොහොම උනත්...අද නම් මට ලස්සනම දවසක්..එහෙම නේද කොල්ලනේ..බලන්නකො..මට ඕනම කරපු දෙන්නවම මම අල්ලගෙනනෙ දැන්..."

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now