(Part 1)1🗡️

682 168 26
                                    

පොලොව දෙදෙරා දූවිලි අවුස්සමින් කාලවර්ණ මකරුන් අහසට නැග්ගේය. පවනට සමාන වේගයෙන් ඔහු ඉදිරියට ඇදෙයි.

" මුරණ්ඩු යුවරජු අදත් රජු සමග රණ්ඩු වෙන්න ඇති "
දෙදරීම නිසා පුරුද්දට අහස දෙස නෙත් යැවූ මකරකුලුනේ වැසියෙක් කියයි. ඔහුගේ කීම අසල වූ තවකෙක් පිලිගැනීමට මෙන් හිස වනා තම අත නලල මත තබා ඉහල බලයි.

ජන්කුක්ගේ පිටව යාම නිසා කලබලවුන ස්වේත මකරු අහසට නැග්ගේ ඔහු සොයායාමටයි. එහෙත් ,

" මින් යුන්ගි......."
මායාකුලුනේ අධිපතියන්ගේ හඩ වැකුනු වහා ස්වේත වර්න මකරු රජු සිටියි කුටියේ විසල්ව පැතුරුනු බැල්කනිය මතට ආවේය. මිනිස් ස්වරූපයට හැරිනි.

" ජන්කුක් පස්සෙන් යන්න ඕන නෑ , එයා ඔහොම ඉදලා ආපුදෙන් , එයා දැන් හරි මුරන්ඩුයි. හැමදාම මොකක් හරි පොඩි දෙයක් අල්ලන් රන්ඩුවෙනවා "

කාල මකරු වේගෙයන් ඉදිරියට ඇදෙයි ඔහු දේශසීමාව පසුකොට නොදැනුවත්ම ඇවිත්‍ ය. මදක් ඈතින් මායා කුලුනේ රජුගේ මන්දිරය පෙනෙයි.

මකරු නැවත හැරුනේය. වේගයෙන් ගුවනේ සුලං කපන් ඉහලට ආ විසල් ඊතලයක් මකරුගේ හම පසාරු කරේය.

අපහසුවෙන් යන්න හැරුනද ඔහු කඩාවැටුනේය.







































විල්ලුද පොරෝනයකට ගුලිවී නිදාසිටියි ජිමින් එක්වර ගැස්සුනේ වේගයෙන් බිත්තිය මත යමක් වැදුනු බැවිනි.

විසල් වීදුරු ජනේලය බිදි යනු ජිමින් දකියි. ඈතින් කෑගැසිම් ඇසෙයි.

" කුමරුන් රකිනූ........ "

ජිමින් සෙමෙන් පානගා ජනේලය අසලට ගියේ බිම රැදුනු විදුරු කටු මායාවෙන් දෙපසට පිසිමින් තම මාර්ගය සදාගෙනය.

ඔහු දුටුවේ කාලවර්ණ මකරෙකු තම කාමරය අසල බිත්තිය මතට නැග ඇති අයුරුයි. ඔහු මොහොතක් ඔහුගේ දෑස් දෙස බැලුවේය.

" කුමරුනි දොර හරිනු.......කුමරුනි "
මොහොතකට හැරී දොර දෙස බැලූ නිමේශයට මකරුන් බිම ඇදවැටි සිටිනු ජිමින් උඩ සිට දුටුවේය.

" කුමරුනි , ඔබට කරදරයක් නෑනේද "
දොර විවරකොට ඇතුලට පනින ලද සෙබලුන් අසයි.

" මං හොදින් "
ජිමින් නැවත යහන මතට නැග විල්ලුද පොරොනය මත ගුලිවිය.









යදම් දමා සිර කරන ලද මකරුන් පහල බිම්ගෙයි පිහිටි සිරමැදිරිය කරා ඇදගෙන යන හැටි මායාඅධිපති (ජින්) බලාසිටියි.

ඔහු ඉදිරියේ මෙතෙක් කඩු අමෝරා සිටි සෙන්පති(ටේ) තම කඩුව කරකවා කොපුව තුලට බැස්සවිය.

" රජුනි ,  මකරෙක් හිර කරන් හිටියා කියලා දැනගත්තොත් ප්‍රධානමකරා(නම්ජුන්) තරහයයි. "

" එයාලා හොදටම දන්නවා මකරෙක් මායාකුලුනට එන එක වරදක් කියලා "
ජින් තම දෑත් පිටුපසට කරගෙන සෙමෙන් මාලිගයට පිවිසෙයි.




Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now