33🗡

359 108 31
                                    

බෝජන සංග්‍රහයේන් අනතුරුව ජිමින් නිවසින් ඉවතට ආවේ සුපුරුදු ගමනෙන් තම ආත්මගත සහකරුවා සොයාගැනිමට.

" ජිමින් ඔහොම ඉන්න "
ජන්කුක් ජිමින්ගේ අතින් අල්ලාගත්තේ මිදුලින් එපිටට යාමට නොදී.

" මොකටද "
ජිමින් අත ගස්සා දමා කෑගසයි.

"  ජන්කුක් මොකද්ද මේ විකාරේ "
ටේ ජන්කුක් දෙසත් ජිමින් දෙසත් බලා රැව්වේය.

" ජිමින් "
ඒත් සමගම විශාල දොරටුවෙන් එපිටට වන්න අයෙක් ජිමින්ගේ නම කියා කෑගසයි.

" ආයේ මං කියන්නෑ අරිනවා මේක "
ඔහු කැගසයි.

" මොකාද ඒ "
ජන්කුක්ගේ වැඩ වලින් තරහ ගොස් සිටි ටේ කැගැසිය. ඔහු සේවකයන්ට ද්වාරය විවෘත කිරිමට අණ දුන්නේය.

ද්වාරය විවෘත වන තෙක් නොසිටි හදිසිකාරයා සේවකයන් වත් පෙරලාගෙන ජිමින් ඉදිරියෙන් සිටගත්තේය.

" මෝඩ කොලුවා , මහ රෑ මොෆාටාවෙන් ඇවිත් අරහේ අප්පා බය වෙලා පපුව අල්ලන් ඉන්නවා. මට හරිහමන් නින්දක් නෑ. මාත් ආවා මහලොකු මිත්‍රයව හොයන් , අනික ඔයා මොනාද කිම් ප්‍රධානින්ගේ මන්දිරේ කරන්නේ "
යුන්ගි එක හුස්මට කියවයි.

ඒ සමගම ඔහු මන්දිරය දෙසට  හැරෙනවිට ටෙහියොන්ව දුටුවේය.

" යා කොටිපැටියා....... "
යුන්ගි අත දිගු කොට කෑගැසිය.

" ඔයා ආවේ මොකටද "
ටේ ඇස් ලොකු කරන් යුන්ගි දිහා බලයි.

කිසිවක් නොතෙරෙන් ජන්කුක් සියල්ල දන්නා මා නොදන්නා මොහු කවුරුද කියා මුව මදක් විවරකොට දෑස් සිහින් කරගෙන සිතයි.

ලැබුනු අවස්තාවෙන් ජන්කුක්ට රිද්දන්න සිතු ජිමින් යුන්ගිව වැලදගත්තේය.

" මගේ අනාගත ස්වාමියා . "

ජිමින්ට ජන්කුක්ව රිද්දන්න අවශ්‍ය වුවද එයින් ජන්කුක්ට , අමතරව ටේගෙද සිත රිදිනි.
ඊටත් වඩා විවාහය පිලිබද දැනගත් දා සිට පාර්ක් මන්දිරයේ මැටි කෝප්පයේ සිට විශාල වළද දක්වා කුඩු කරනා ජිමින් යුන්ගිගේ සිත් ගත් තරුණයා ඉදිරියේ මෙසේ කීම නිසා බියටත් පුදුමයටත් පත්විය.

 Power Towers ||Completed||Where stories live. Discover now