26🗡

364 118 24
                                    

ජිමින් සෙමෙන් ඉදිරියට ඇදෙයි කලයුත්තේ කුමක්ද එය ඔහුට නොවැටහේ.

කාලයෙන් ලැබෙන පිලිතුරක් බාරගමි ඔහු සිතුවේය.

හතර දෙසෙන් කෑගසන සක්‍රිය වෙලදපල මැදින් ජිමින් ඇවිද යයි.

" අර බලන්න , අර තරුණයා නියමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අර බලන්න , අර තරුණයා නියමයි. "
අයෙක් මුමුනයි.

" ආහ් "
ජිමින් කාගේහෝ ඇගෙහි හැපින.

" සමාවෙන්න "
ඔහු හැරි පිලිතුරු දුනි.

" ඒකට කමක් නෑ " ජිමින් ඔහු දෙස බැලිය. සිහින් තොල් රවුම් දෑස්
ඔහු කඩවසම් , ජිමින්ට සිතින.

මද දුරක් යනවිට ජිමින්ට තම ඉනෙහි වූ පසුම්බියේ බර නොදැනින.

"  අහ්....... හොරා......."
ජිමින් තරහින් පුපුරයි. ඔහු නැවත හැරි දිවයන්නට සැරසින.

" මොනාහරි නැතිවුනාද "
ජිමින්ගේ ඉදිරියට පනිනලද තරුණයෙක් අසයි.

" ඔයා කවුද "
ජිමින් දෑස් සිහින් කලේය. හොද හුස්මක් හෙලා ජිමින් දකුනු පය පිටුපසට කරගත්තේය. සෙමෙන් අත පිටුපසට රැගෙන ගියේ තම කඩුව ඇදිමට සිතාය.

එය දුටු තරුණයා සිහින් සිනාවක් පෙන්විය.

" හොරු හැමතැනම කාවවත් විශ්වාස කරන්න එපා. එන්න මං උදව් කරන්නම්. මගේ නම වූයොන් "

ජිමින් සන්සුන් විය. තරුණයා පසුපසින් ජිමින් ගමන් කරයි. වුයෝන් කුඩා පටු මාවතක්  ඔස්සේ සෙමෙන් පියනගයි. ජිමින් අවට බලයි ඇතුලට යන්න යන්න එය අදුරුය. පිටුපසින් අඩි ශබ්ද ජිමින් තම ඉනෙහි රදවා ඇති කිනිස්ස අතට ගත්තේය.

" ඒයි "
ජිමින්ගේ කිනිස්ස අතින් බිමට වැටුනේ කවුරුන්හො අත තරකොට අල්ලාගත් හෙයිනි.

උස මහත පතාක යෝදයකු වූ එම මිනිසා ජිමින්ගේ දෑත් පිටුපසට කොට තද කොටගත්තේ ජිමින් සිතිමටත් ප්‍රථමවයි.

" මොකද මේ මාව අතාරිනවා.
වෙනදාටත් වඩා වේගයෙන් කටුක සුලගක් හමායයි. වුයොන් ජිමින් අසලට ආවේය.

" නියම පෙනුම "
ඔහු ජිමින්ගේ කම්මුල් දෙපසින් අල්ලාගත්තේය.

ජිමින් සිටිනුයේ යක්ශාවේසවය ඔහු වෙරයොදා තම දෑත් ලිහිල්කරගැනිමට වෙහෙසෙයි. එකවර වෙනස්වන සොබාදහම පිලිබද මිනිසුන් දෙදෙනා සිටින්නේ බයවීය.

ජිමින් තම දෑත් මුදාගත් සැනින් යොදයා තම ඉනෙහි දවටා ගත් කිනිස්ස ජිමින් ඉවතට ඇද්දේ‍ය.

" හිතුවට වඩා තමුන් ශක්තිමත් "
එසේ කියූ තරුණයා ඔහුගේ දෑත් ඉදිරියට කොට මිටිමොලවා ගත්තේ ජිමින්ට පහර දිමටය.

ඊටපෙර ක්‍රියාත්මක වූ ජිමින් ඔහුගේ උදරයට වේගවත් පහරක් එල්ල කලේය.

" ආ.......මේ සුනඛයා.  අල්ලගන්නවා.  "
වූයොන් පහලට නැවින.

යෝදයෙක් බදු පුද්ගලයා ජිමින් වෙත එනවිට ජිමින් ඔහුගේ අතෙහි වූ කිනිස්ස ලෙලදෙන්න වුයේන් යෝදයාගේ අතකැපි ඇගිල්ලක් වෙන්වින.

" ආශ්......."
බිම දන ඔබා උදරය අල්ලාගෙන සිටි වූයොන් කෑගසමින් ජිමින් වෙත පැන්නේය. ජිමින්ගේන් ලැබෙන පාපහරවල් වලින් ඔහු තරහින් පුපුරයි.

අවිනිශ්චිත මොහොතක ජිමින්ගේ කොන්දට වැදුනු පහරින් ඔහු බිම වැටින.

" දැගලුවා ඇති. සෙල්ලම් ඉවරයි "
තරුණයා ඔහු අතවූ කඹය දිග හරිමින් කියයි. ඔහු සහයකයා දෙස හැරෙන විට ඔහු දුටුවේ ඔහු බිම වැටී සිටින අයුරුයි.

ඒ අසල සිටින තවත් තරුණයෙක් සෙමෙන් ඉදිරියට එයි.

" ඔහුව අතඅරිනවා "
තරුණයා සන්සුන්වූද ගැඹුරු හඩකින් කියයි.

" තමුන් කවුද "
වුයොන් මදක් පිටුපසට විය.

" උබේ මාරයා. "
එසේ කියූ තරුණයා වැටී සිටින ජිමින්ව ඔසවා ඔහුගේ ඉනවටා අත යැවීය. කිසිවක් නොතෙරෙන අවිනිශ්චිත හැගීමකින් ජිමින් ඔහුට තුරුල්විය.

ඔහුට දැනුනේ සුපුරුදු අමයුරු පහසකි.















හා හා හා.........👀

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now