2.🗡️

514 161 29
                                    

ජිමින් සෙමෙන් සෙමෙන් බිංගෙයහි කෙටි පඩිපල දිගේ පහල බසියි. ඈතින් දම්වැල් ගැටෙන හඩත් වේගෙයන් හුස්මගන්නා හඩත් ඇසෙයි.

ජිමින් සෙමෙන් පල්ලම් බසියි. මකරු පොලොවේ වැතිර සිටියි. ජිමින් ඔහුට ලංවිය. උදරය මත තුවාලයකි. ජිමින් මකරුගේ කනට කර මුමුනයි.

" මිනිස්ස්වරූපයට එන්න. මිනිස්ස්වරූපයෙදි යදම් ලොකු නිසා ඔයාට ගැලවෙන්න පුලුවන් ......."
මකරුන්ට නැවත ස්වරුප වෙනසට මද වේලාවක් ගත විය. ඔහු සිටියේ අපහසුවෙනි.

ජන්කුක්ගේ පපුව මත වූ කාල්වර්ණ මැනික දිදුලයි. උපතේදි මකරමානික්‍යක් හිමිවීමට නම් ඔහු රාජකීයෙක් විය යුතුය.
ඔහු තම විසල් පියාපත් යුගල දිගහැරියේය. මිනිසෙකු වූ සැනින් මකරෙකුගේ ප්‍රමානයට තිබූ යදම් ඔහුගේ ප්‍රමානයට කුඩාවිය.

" මායාඅධිපති නුවනක්කාරයි "
ජන්කුක් තම ගෙල මතවූ යදම් සෙමෙන් අල්ලා බැලිය. ඔහුගේ දෑත් , පා හා ගෙල මත යදම් ලා ඇත. එයින් ඔහුට සරාගි පෙනුමක් ලැබි තිබිනි.

" මං ජිමින් , මායාකුලුනේ කුමරු "
ජිමින් තමන්ව හදුන්වා දුන්නද ජන්කුක් පෙරලා ඔහුව හදුන්වා දීමට නොහැකි වූයේ ඊතලය විසින් ඔහුව දුර්වල කොට ඇති නිසාය.

ජිමින් ජන්කුක්ගේ උදරය අසල වූ තුවාලයෙන් පහලට බෙරෙන ලේවල වර්න වෙනස නිසා පසෙක ගලවා දෙකට කඩා තිබු බර ඊතලය අතට ගත්තේය.

" මේ ගංගා නිම්නයේ ඕක් ගහේ යුශ.......ඒවා මකරුන්ට විශ සහගතයි. "

" ඔයාලා හරිම දුශ්ඨයි "
ජන්කුක් සෙමෙන් කිවේය.

" නෑ නෑ මේක අපේ වැඩක් නෙමේ ආහ්........."
ජිමින් ඊතලයේ තුඩ ඇල්ලු සැනින් ඔහුගේ ඇගිල්ල පිච්චි ගියේය.

" මේ බලන්න තුඩ හදලා තියෙන්නේ පිරිසිදු වානෙ වලින් "

ජිමින් මෙන්ම ජන්කුක්ද හොදින්ම දනී. මායාකරුවන්ට වානේ භාවිතා කල නොහැකි බව. වානේ නිසා ඔවුන්ගේ සම පිච්චි යයි. ඔවුන් වානේ බාවිත කරන්නේ තවත් අමුද්‍රව්‍ය එක් කරය.

" ඔබට තුවාලයි "
ජිමින් දෑස් පියා ජන්කුක්ගේ තුවාලය දෙස තම අත තැබිය. තුවාලය හොදවිය.

" ස්තූතියි , මං ජන්කුක් මකරකුලුනේ කුමරු "

" ජන්කුක්ට මහන්සිද , බඩගිනිද , "

" නෑ "

" මං සමාව ඉල්ලනවා රජුගේ දරුනු හැසිරීමට "

" සමාව දෙන්න බෑ "
ජන්කුක් ජිමින්ගේ අත තද කොට අල්ලා තමන් අසලට ඇදගත්තේය.

" අත අරිනු ............."
ජිමින්ගේ කැගැසීම බාල වූයේ ජන්කුක් ඔහුගේ සිනිදු තොල් අල්ලාගත් බැවිනි. ජිමින්ට ජන්කුක්ගේන් ඈත් වීමට කිසිදු වුවමනාවක් නොවිය. ඔහු ඒ හාදුවේ අනන්තය තෙක් දිවයයි.




























ජින් තම කුටියේ බැල්කනියට වී ඈත බලා සිටියි.
" කිම් සොක් ජින්.............. "
ජින් හැරි බැලයි.

" හෝසෙක් "

" මොනාද වෙලා තියෙන්නේ ඇයි මකරෙක් ව හිර කරගෙන ඉන්නේ. අනික ඔහු රාජකීයෙක්........ "
දිවැස්දාරින් කෑගසයි.

" මං දැනන් හිටියේ නෑ එයා රාජකීය කියලා මං දන්නේ මයාකුලුනට කොහෙන්දෝ ඉදලා මකරෙක් පැන්නා කියලා විතරයි. "

" ජින් , හැමදේම වෙනස් වෙන්න දැන් කාලය හරි "
දිවැස්දාරින් අතුරුදහන් විය.

ඩබල් අප්ඩේට් :-)
ගොං වගේ නේ

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now