FINAL

509 102 43
                                    

රජුගේ නගරයේ දීප්තිමත් දිනයක්........

රජුගේ නගරය මධ්‍යයේ තනි කළු පාශානයෙන් නෙළන ලද විසල් පිලිම යුගලයකි. එහි විසල් පියාපත් යුගලක් හිමි අයෙක් කඩුවක්ද , අනෙකා හෙල්ලක්ද අතැතිව ගාම්භිර අයුරින් දේශය දෙස බලාසිටියි.

" දන්නවද මමත් දවසක කළු මකරා වගේ ශක්තිවන්තයෙක් වෙනවා "
කුඩා දරුවෙක් තම දෑත් ඉන මත තබාගෙන සිටියි.

" ඒවා ඇත්ත දේවල්ද මකරුයි , මායාකාරයොයි "
තවකෙක් පිලිමය දෙස බලා අසයි.

" ඔව් ඔව් නැත්තන් "

" මට විශ්වාස නෑ "
කුඩා ගැහැණු ළමයෙක් අවිශ්වාසයෙන් බලයි.

" මං පියත් එක්ක ලෝන්ග්ටාවට යනකොට එහෙත් නගරේ මැද්දේ ලොකූ පිලිමයක් තියනවා "
තරමක් ලොකු පිරිමි දරුවෙකු සැනෙකින් මතක් වී කියයි.

" එකෙත් ඉන්නේ මේදෙන්නමද "

" නෑ එහේ ඉන්නේ වෙනදෙන්නෙක් ඒත් ඒ දෙන්නත් මේවගේ හරි ගාම්භිරයි "
ඔහු නැවත පිලිතුරු දෙයි.

" ඕහ්..........ඇත්තමද "

" අයියො ලෝන්ග්ටාවල විතරක් නෙමේ මොෆාටාවලත් තියනවා "

" ඔයා කෝමද දන්නේ "

" මොෆාටාව මගේ මවගේ උපන් ගම , එයා තමා කිව්වේ "

" මං අහල තියන විදියට දේශයේ බිහිවුනු ප්‍රබලම රජතුන්කට්ටුව මෙයාලලු "

" කවුද කියන්නේ "

" ඉතිහාස පොත් වල තියෙනෝ......මං ළගදි පුස්තකාලෙන් කියෙව්වා "

" ඔබ කවදත් පොත් ගුල්ලෙක් "

" මං ඉගෙනගෙන රාජ්‍ය අමාත්‍ය ධුරයක් හොබවන කොට ඔබ මට හිස නවයි "

ළමුන් සිනාසෙයි.

....................නිමි..............

Power Towers

 Power Towers

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




















හා හා හා............ඉවරයි.

බත් කූරෙක් ගිය දුරක්🥴🥴

ඔයාලා ඒක දන්නෑ නේ.👀

අපේ ගෙදර බිත්තියක බත් කූරෙක් හිටියා. ඔන්න ඕකා දිහා බලන් ඉදලා තමා මේ ප්ලොට් එක ඔලුවට ආවේ.

හී හී.

මුල් ටික මතකද අර ,

( මකරා ජිමින්ගේ කුටිය ළග බිත්තියේ ඉන්න කොටසක් තියෙන්නේ😂🤭🤭 )

ඔන්න ළමයි කතාව ඉවරයි.

මොකද හිතෙන්නේ....... 🙃

කතාවෙන් ඔයාලා තෘප්තිමත් නැත්නම් මේකෙන් මට කොටන්න.... (🗡)


Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now