27🗡

353 113 30
                                    

ඔහුට දැනුනේ සුපුරුදු අමයුරු පහසකි.

" යනවලා "

ජිමින් තවමත් ඒ පපුවට තුරුලුව සිටියි.

" ඔයා හොදින්ද "
තරුණයා ජිමින්ගෙන් ඈත්ව අසයි. ජිමින් තරුණයාගේ මුව දුටුවේය.

" යා.......... තමුසේ , "
ජිමින් එක්වර කෑගසමින් තම කිනිස්ස ඇද තරුණයා දේසට දිගුකලේය.

" හෝ හෝ මොකද , ඔයා ස්තූතියි කරන්නේ මෙහෙමද "
තරුණයා පිටුපසට පැන්නේය.

" තමුසේ මහා වංචාකාරයෙක් "
ජිමින් කෑගසයි.

" වංචාකාරයෙක් ,
මං ,
ඒයි තාරපැටියා ,
මේ වංචාකාරයා නැත්තන් ඔහේ මෙලහකට ඇදක් උඩ බීපු මිනිහෙක්ගේ ඇගකට යටවෙලා. "
තරුණයා අත් බැදගෙනසිටියි.

" දෙනවා මගේ පසුම්බිය "
ජිමින් අත දිගුකලේය

" මොන "
තරුණයා ඇහි බැම ඔසවමින් ඇසිය.

" උබ තමා ගත්තේ "
ජිමින් තරුණයා ඉදිරිපිට කිනිස්ස වනයි.

" මේකද "
තරුණයා පිටුපසින් ගත් පසුම්බියක් ජිමින්ට පෙන්විය.

" මං කිව්වේ උබ හොරෙක් "

ජිමින් තම පසුම්බිය ඇල්ලු සැනින් තරුණයා ජිමින්ගේ ඉනවටා අතයවා ජිමින්ව තම තුරුලට ගත්තේය. ඔහුගේ හුස්ම ජිමින්ගේ තොල් වලට දැනෙයි. ජිමින් මදක් සෙලවෙයි. තරුණයා තවත් තදකොට ජිමින්ව වැලදගත්තේය.
ජිමින්ගේ දෑත් ඔහුගේ පපුව මත සිරව පවති.

" ඒයි රෝසමල , මම මේක අහුල ගත්තේ ඔයා මගේ ඇගේ හැප්පුන වෙලාවේ . මට හොරකන් කරන්න උවමනාවක් නැ. "
ඔහු සෙමෙන් හා සන්සුන්ව පිලිතුරු දෙයි.

" අහකට යනවා "
ජිමින් ඔහුව තල්ලු කලේය.
ජිමින් මුදල් පසුම්බිය අතින් ගෙන නැවත තම ගමන යාමට හැරිනි. පිටුපසින් පානගන හඩ ඇසෙයි.

" මගේ පස්සෙන් එන්න එපා "
ජිමින් කැගැසීය.

" මාව මතක තියාගන්න , මං ජන්කුක් "
තරුණයා ඈතින් කියනු ජිමින්ට ඇසෙයි.

" ජන්කුක් , ඔහු කඩවසම් ඒත් හොරෙක් ! "ජිමින්ට සිතින.

මුළු දවස පුරා ජිමින් කරන ලද්දේ ඇවිදින එකය. ඒ අතරතුර ඔහුට නවාතන් ගත හැකි තැනක් සොයයි.

මේ අතරතුර දකින දකින තරුණයාගේ මුනට එබී බලන ජිමින් ඔහුගේ ප්‍රේමය සොයයි.

යුන්ගි ලොන්ග්ටාවට අඩිය තබා සුසුමක් හෙලිය.

ලොන්ග්ටාවටත් මොෆාටාවටත් කොටසක් මායිම් වෙමින් රජුගේ නගරය ( සමාන්‍ය මිනිසුන් හිටපු කුලුන. / ප්‍රදෙශය ) පිහිටයි.

" මං ඔයාව කොහෙන් හොයන්නද "
යුන්ගි කල්පනාකරයි.
ජිමින් සමගම ඊයේ රාත්‍රියේ හමුවුනු තරුනයාවද සොයාගත යුතුබව ඔහුගේ සිත කීවේය.

යුන්ගි හෝරාභාගයක පමණ කාලයක සිට ඇවිදිමින් සිටියි. ඔහුට වෙහෙසක් මෙන්ම කුසගිනිදැනෙයි. යුන්ගි අසල තිබු අවන්හලකට ගොඩවිය.

" අද රාත්‍රියට නවාතන් ගත හැකි තැනක් තියෙයිද ? "
යුන්ගි අවන්හල්හිමියාගෙන් විමසීය.

අවන්හල්ප්‍රධානි යුන්ගිගේ හිසෙ සිට පාදන්තය තෙක් බලා මොහු වංශාධිපතියෙක් බව වටහාගත්තේය.

" අනෙක් නවාතැන් මිනිසුන්ගෙන් පිරිගොස් . ඒත් මගේ නවාතැන්පලේ එක් කුටියක් තිබේ. හැබැයි කාසි නැතුවනම් අමාරුයි. "

අවන්හල්ප්‍රධානි කපටියෙක් බව මුල සිට තෙරුනද දැන් හවස් වෙමින් පවතින බැවින් හා වෙහෙසකර බැවින් යුන්ගි ඊටකැමතිවිය.

" කාසි තිබේ , හොදම කුටියක් ලෑස්ති කරන්න. "
යුන්ගි රන් හා තඹ කාසි කිහිපයක් මේසය මතට අත් හැරියේය.

" උඩට යමු "
හේ මේසය මතවූ කාසි එක්කොට හස්තය මතට ගෙන කීය. යුන්ගි ඉදිරියේ වූ කුඩා ලීදඩු පඩිපෙල ඔස්සේ ඉහලට නැග්ගේය.
අවන්හල්ප්‍රධානි ඔහු පිටුපසින් යමින් රන් කාසියක් දත් අතර තබා තදකොට බැලිය.

හවස්වී තවමත් ජිමින් ඇවිදිමින් සිටියි. ඔහුට නවාතැනක් සොයාගැනිමද මෙතෙක් කරගත නොහැකිවිය.

" කවුද මේ , අතාරිනවා......... "
එක්වර කලුපැහැ රෙදිකඩකින් ජිමින්ගේ හිස ආවරණය විය. ඔහුගෙ දෙඅත් දඩුඅඩුවකට අහුවු කලක මෙන් කාගෙහෝ අත් දෙකකට හිරවිය. කෙතරම් දැගලුවද පලක් නොවිය.

" අර හොර කොල්ලා මාව බෙරගන්න එයිද "
ජිමින්ට නිකමට සිතින.





















වහිනවා .........
Clz නෑ......
කම්මැලී ........:-(

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now