35🗡

360 101 27
                                    

රාත්‍රිය ගත කිරිම උදෙසා යුන්ගි හා ජිමින් කිම් මන්දිරයේ නතර විය.

යුන්ගි යහනේ වැතිර කල්පනා කරමින් සිටියි. ඔහුගේ සිතුවිලි ටෙහියොන් වටා කැරකෙමින් තිබේ.

එක්වර ඇසුනු අඩි ශබ්දයත් සමග යුන්ගි නින්දෙන්ම තම පයේ තිබූ කිනිස්සසෙමෙන් ඇද්දේය.

අඩි හඩ ලගින් ඇසෙයි. අඩ අදුරු කාමරයේ දොර සෙමෙන් විවරවෙයි. යුන්ගි නිසොල්මන්ව බලා සිටියි. සෙමෙන් ඇතුලට ආ අයවලුන් යුන්ගිගේ මුහුනට එබිනි.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ යුන්ගි කිනිස්ස ආ තැනැත්තාගෙ ගෙලට අල්ලාතද කලේය.

" යුන්ගි....... "
කටහඩ අදුරා ගත් යුන්ගි කිනිස්ස පසෙකලා ඔහුගේ ඉනෙන් අල්ලා ඇදමතට ඇදගත්තේය.

" යු...... "
ටේ කතා කිරිමට සුදානම් වුවද යුන්ගි ඔහුගේ කම්මුල් දෙපසින් තද කොට තොල් සිපගන්නවිය.

විශාල හුස්මක් සමග ටේගේ තොල් වලින් ඈත් වූ යුන්ගි ඔහුව තමන්ට තුරුලු කරගත්තේය.

" ආපු කාරණය "
යුන්ගි අසයි.

" දැන්ද අහන්නේ "

" දීර්ඝ කාලයකට මග ඇරුණා වගේ හැගිමක් දැනුනා. ඔයාගේ තොල් වලින් ඈත්වෙන්න හිත දෙන්නෑ . ටේ මං ලගින් ඉන්න . මං මුලු ජිවිත කාලෙටම ඔයාව පරිස්සම් කරන්නම්. "
යුන්ගි ටේගේ හිසකෙස් අතරින් සෙමෙන් අතැගිලි ගෙනයයි.

යුන්ගි ටේට ලංවනවිට යුන්ගිගේ යටිකය ටේට හොදින් දැනෙයි.

ටේ යුන්ගිගේ තොල් වලට ලංවි යුන්ගිගේ ගෙල වටා දෑත් යවාගත්තේය.

නැවත්ත ගැඹුරු හාදුවක් සමග ටේ යුන්ගි හා තදින් වෙලින . හාදුවෙන් අනතුරුව තුරුල්වූ පෙම්වතුන් සුවනින්දකට වැටිනි.

අලුයම ටේට නින්දෙන් පිබිදුනේ ඔහුගේ යටිකය මත තදවුනු යුන්ගිගේ අතෙහි පහසටය. යුන්ගි තද නින්දේ පසු වෙයි. එහෙත් නොදනිම ඔහුගේ අත ටේ සොයාගොස්. ටේගේ මුවට සිහින් සිනාවක් ඇතිවිය.

" හහ්......... "
එක්වර යමක් වැදී බිදෙන හඩක් ඇසින.
ටේ යහනෙන් බිමට පැන දොර අසලට දිවගියේය.

" ටේ "
යුන්ගි සෙමෙන් කතාකරයි.

ටේ දොර විවර කලේය. ඔහු කාට හෝ පයින් ගසනු යුන්ගිට පෙනෙයි.

" හියුන්ග් "
ටේ කෑගැසිය.

නම්ජුන් හා ජින් එතැනට දිව අවේය. මේ වනවිටත් රජුගේ දක්ශතම හෙවායන් මන්දිරය තුලට රිංගාගෙන අවසානය.

" මොකද්ද මෙතන ........"
ජන්කුක් හා ජිමින් කුටියෙන් ඉවතට එනවිට ජින් ඔවුන්ට ඔරවයි.

" ඔය ජෝඩුව එක කාමරෙකද හිටියේ "

" ඇයි හියුන්ග් ටේත් හිටියෙ යුන්ගිගේ කාමරෙනේ "
ජන්කුක් නිදහසට කරුණු කියයි.

" ටේ "
ජින් සෙබලෙකුගේ හිසට තඹ බදුනක් විසිකරමින් කැගැසයි.

" ජින් මේ බනින්න වෙලාවක්ද " ඇත්තෙන්ම ජින්ගේ කෑගැසිම් නිසා නම්ජුන්ගේ කන වේදනාදෙයි.

ඒත් සමගම දිව ආ හේවායන් පිරිස වෙතට නම්ජුන් කඩුව එල්ල කරයි.

" ඔහුව රැගෙන යමු "
අයෙක් කෑගසයි. පිරිස ජන්කුක් වෙතට ඇදෙයි.

නම්ජුන් හා ජින් ජන්කුක් වෙතට දිවයන පිරිස දෙපලු කරමින් ඔහු අසලට ගියේය.

" ජන්කුක් යන්න "
නම්ජුන් ජන්කුක්ව පිටුපසට තල්ලු කරයි.

" මොකටද "

" ටේ මොවුන් රැගෙන යන්න "
නම්ජුන් කියයි. ටේ හිස වනා යුන්ගිගේ අත අල්ලාගත්තේය.

" ජන්කුක් අපි යන්න ඕන "
ටේ අනෙක් අතින් ජන්කුක්ව ඉදිරියට තල්ලු කරයි.

" බැහැ , හියුන්ග්ලව දාලා යන්න බෑ "

එකදිගට පැමිනෙන හේවයින් සියල්ලොම සොයන්නේ එක අයෙකුව පමනි.

" පිරිස වැඩි නම්ජුන් "
ජින් ඒ මේ අත කඩුව වනයි.

" ජන්කුක් අප දමා යන්නෑ "
නම්ජුන් කියයි.

" එහෙනම් "
ජින් ඔහුගේ අතෙහි වූ කඩුව බිම දමා සෙමෙන් ඉදිරියට ඇදෙයි.

" අයියෝ ජින් ඕක කරන්න එපා "

නම්ජුන් කෑගැසුවද එකදිගට මන්දිරයට කඩා පනින සෙබලුන් විනාස කිරිමට ජින්ට වෙන විකල්පයක් මතක් නොවිය.

" ඕහ්........ දෙයියනේ "
ටේ දෑස් විසල් කොට නම්ජුන් දෙස බලනවිට ඔහු සිනාවිය.

ජන්කුක් තවමත් කල්පනා කරන්නේ එක්වර සෙබලුන් මැදට පැන සෙබලුන් මරා දමන විශාල ස්වේත නාගයා පිලිබදවය.

" ජින් හියුන්ග්ද ඒ  "
ටේ තවමත් කලබල වී සිටියි. ඔහු අත දිගුකොට නම්ජුන්ගේන් ඇසිය.

" ඔව් "
නම්ජුන් සැහැල්ලුවෙන් කියා සිනාසෙයි.

" කලින් දැනන් හිටියද "
ජන්කුක් නම්ජුන්ගේන් අසා නැවතත් පුදුමයෙන් බලයි.

" ඔව් "
නම්ජුන් සුපුරුදු පරිදි කියයි.














































👀

Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now