29🗡

353 119 23
                                    

උනුසුම් හාදුවක් සමග ජිමින් යමක් මතකයට එයි.

" ජන්කුක්..... "
ජිමින්ගේ හිස කකියයි. එක්වරම ජිමින්ව සිහිසුන් විය. ජන්කුක් ඔහුව ඇද තුරුලට ගත්තේය.

" නැගිටින්න......... කරුනාකරලා නැගුටින්න.........අනේ රොස මල මං ඔයාගේ නමවත් දන්නෑ....... "
ජන්කුක් නැවත ජිමින්ගේ තොල් සිපගන්න විය.

නිහඩ භූමියමත යමක් පෙරලෙන හඩ ඇසෙයි එහෙත් ජන්කුක් සිටින්නේ ජිමින්ගේ සිහියෙනි. ඔහු ජිමින්ව තුරුලු කොට සිටියි.

" ජන්කුක් ........."
ටෙහියොන් කලබලෙන් දිවවිත් ජන්කුක්ගේ අත අල්ලා ඇද්දේය.

" අපි දැන් යන්න ඕන එන්න "

" බැහැ "
ජන්කුක් ජිමින්ව පෙන්විය.

" කවුද මේ "
ටේ ජිමින් දෙස බැලිය මින් පෙර දුටු බවට එතරම් පුරුදු බවක් නොවිය.

" ටේ මට උදව් කරන්න "
ජන්කුක් ජිමින්ව ඔසවාගනිමින් කීය.
ටේ තරහින් බලාසිටියි.

" ආශ්....... දැන් අපි , ආහ්........ එහාට යන්න  "
ටේ ඉනෙහි වූ කඩුව ගෙන ජන්කුක් සිටින කඩයෙහි දොරට ගසා අගුල කැඩුවෙය.

" ඇතුලට "
ටේ ජන්කුක්ව ඇතුලට තල්ලු කොට ඔහුද ඇතුල් විය.

" මොකද වෙන්නෙ "
ජන්කුක් ජිමින්ව පපුවට තුරුලු කොටගෙන අසයි.
ටේ දොර අතින් තදකොටගෙන කුඩා හිඩසකින් ඉවත බලයි.

" ශ්....... "
ඔහු ජන්කුක්ට අතින් සන් කලේය.

වේගයෙන් ඇදෙන අසුන්ගේ අඩි හඩවල් මෙන්ම හේශාරාවයන් ඇසෙයි. ටේ නිශ්ශබ්දව දොර තදකොටගෙන සිටියි.

ජිමින් සෙමෙන් සිහිය එන්න විය. ඔහු යාන්තමින් කෙදිරිගායි. ටේ ජන්කුක් දෙස රවා බැලුවේය. ජන්කුක් ජිමින්ගේ කට තම අතින් වසාගත්තේය. ජිමින් දෑස් විසල් කොට බලාසිටියි.

ඝෝශාකාරි වූ අසු හඩ කෙමෙන් වියැකි යන්න විය. ටේ දෑස් පියා හුස්මක් පහත හෙලිය.

" ටේ..... ඒ අදුරේ සෙබලුන්ද...... "
ජන්කුක් ඇහුවේ ජිමින්ගේ කට තද කරන් සිටින අත සෙමෙන් ගෙන ජිමින්ගේ හිසමත තබාගනිමින්.

" ඔව්.......... "
ටේ ජන්කුක් දෙස බැලිය.

" ඇත්තමද "
ජිමින් දෑස් විසල් කර ජන්කුක් දෙස බැලුවේ මේ තමා ඉදිරියේ සිටින පුද්ගලයා පවසන්නේ සත්‍යක්ද අසන පරිද්දෙනි.

ජන්කුක් සෙමෙන් හිස වැනිය. ටේ ඒඅසලින් වාඩිවිය.

අදුරේ සෙබලුන් නම් සටනේ දක්ශ සෙබලුන් කොටසකි. ඔවුන් රාත්‍රියේදී සක්‍රියව කටයුතු කරයි. හිත් පිත් රහිතය.

ඔවුන් උරුමක්කරු සොයමින් රාජ්‍ය වටා ඇවිදින බව ජනයා විශ්වාස කරයි.

" මෙයාව කොහෙන්ද හොයාගත්තේ "
ටේ ජිමින් දෙස බලාඅසයි.

" මම ජිමින් "
ජිමින් ටේගේ ඇස් කෙලින් බලා පිලිතුරු දුනි.

" කොහේ ඉදන්ද එන්නේ "
ටේ තම කඩුව බාගයක් දුරට කොපුව තුලට දාගත්තේය.

කඩු සටන් උගත් අය එසේ කරනුයේ තමන් ඉදිරියේ සිටින අයෙකු පිලිබද අවිශ්වාස සිතුනු විටය. එමෙන්ම තම අවිශ්වාසය ඔහුට පෙන්වීමට අවශ්‍ය වූ විටය.

" මොෆාටාවල ඉදන් "
ජිමින් ටේගේ කඩුව දෙස ඇස් යවා කීය.

" මෙහෙ මොනාද කරන්නේ "
ටේ තමා වෙත අවිනිශ්චිත බැල්මක් එල්ලකරමින් සිටින ජන්කුක් වෙතත් ඉන්පසු ජිමින් වෙතත් බැලිය.

" මං ගෙදරින් පැනලා ආවා. "
ජිමින් සැහැල්ලුවෙන් කීය.

" මොකක් ඇත්තද "
ජන්කුක් ජිමින් දෙස බැලිය. ජිමින් හිස වැනිය.

" අප්පා කසාදයට බලකරනවා........ "

" හරි දැන් ඔයා කොහෙද ඉන්න හිතන් ඉන්නේ "
ටෙගේ ප්‍රශ්නයට ජිමින්ට පිලිතුරක් නොවිය.

" ටේ "
ජන්කුක් ටෙගේ අතින් ඇද පසෙකට කොට ඔහුගේ කනට මුමුනන්න විය.

" විකාරද කුක් ඔයාට...... "
ටේ ජන්කුක් දෙස බැලුවෙ පිස්සු හැදුනු පුද්ගලයෙක් දෙස බල අයුරිනි.

" අනේ හියුන්ග් , මං එයාව මගේ කුටියෙන්  තියාගන්නම් අදට විතරක් "
ජන්කුක් හුරුබුහුටි මුහුනක් පෙන්වමින් අසයි. එසේ කරනවිට ටේ තමන්ට උදව්කරන වග ජන්කුක් දනී.ය්

" අයියෝ......... හියුන්ග්ලා මොනා හිතයිද "
ටේ ඉනට අත තබාගෙන සිටියි. මේ කොල්ලා නිසා දවසක මාවත් නිවසින් ඉවතට ඇද දානවා ටෙට සිතින.

" මුකුත් වෙන්නෑ....... දැන් එයාලා නිදි ඇති.  හෙට උදේ හියුන්ග්ලා නිවසින් ඉවතට ගියාම මං ජිමින්ව එක්කන් යන්නම් "
ජන්කුක් සිනාවිය.





Good night  ❤
මේක තව ඇදෙයි වගේ .🤷🙎
Kishu :-)

 Power Towers ||Completed||Where stories live. Discover now